Posts

Showing posts with the label ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සම්මාන පහක්

(2010 ජනවාරි 14 -W3Lanka) ඩිජිටල් මාධ්‍යයෙන් තොරතුරු එක් රැස් කිරීම හා ගොඩනැගීම වෙනුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන 'මන්තන්’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවට සම්මාන පහක් හිමිවේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ප්‍රජා සහන අරමුදලෙන් සවිබල ගැන්වු ප්‍රජා සංවිධාන ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහක් වෙනුවෙන් මෙසේ සම්මාන හිමිවී තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇප්ගනිස්ථානය,  බංග්ලාදේශය, භුතානය, නේපාලය සහ පකිස්ථානය යන රටවල් වලින් ව්‍යාපෘති 380ක් පමණ සම්මාන ප්‍රදානය සදහා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරිත් ව්‍යාපෘති 45 ක් පමණ අවසන් වටය සදහා නිර්දේශ වී තිබේ. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහකටම මෙසේ සම්මාන හිමිවීම මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ලබා තිබෙන ප්‍රගතිය පිළිබද කදිම සහතිකයක් බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි. විදුසුව, විදුණැන ඉගෙනුම් පද්ධතිය, සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂය සහ විකි ගොවියා යන ව්‍යාපෘතීන් සදහා මෙම සම්මාන හිමීවී ඇතග විදුසුව :  රජයේ රෝහල් වල ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන්...

තොරතුරු තාක්ෂණ විද්වතුන් රැසක් ශ්‍රී ලංකාවට

Image
(2009 නොවැම්බර් 20 - W3Lanka ) ' ඉ - ඒෂියා 2009' තොරතුරු තාක්ෂණ සමුළුවට හා ප්‍රදර්ශනයට සහභාගි වීම සදහා ලොව පිලිගත් විද්වතුන් රැසක් ශ්‍රී ලංකාවට පැමීණෙන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය අයි .එච්. කේ. මහානාම මහතා පවසයි. මෙම තෙදින සමුළුව හා ප්‍රදර්ශනය සදහා දැනටමත් 40 කට අධික විදේශ තොරතුරු තාක්ෂණ විද්වතුන් සිය පැමීණීම තහවුරු කර තිබේ. ඉන්ටෙල් සමාගමේ නියෝජ්‍ය සභාපති නවීන් ෂෙනෝයි , අයි බී එම් සමාගමේ කෙවින් නෝර්ත්, මයික්‍රෝ සොෆ්ට් සමාගමේ තාක්ෂණික ප්‍රධානී බෑෂ් බඞට් සහ ත්‍රී එම් සමාගමේ ආසියා පැසිපික් නියෝජිත චුන් වායි බුන්  ඒ අතර වෙති. මේ අය අතුරින් ත්‍රී එම් සමාගමේ නියෝජිතයා බිජිං ඔලිම්පික් ක්‍රීඩාංගනයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නගන ලද පුද්ගලයාද වේ. හොංකොං ගුවන්තොටුපොළේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්  පිහිටුවීමටද ඔහු නායකත්වය සැපයීය. මෙරටට පැමීණෙන විදේශ විද්වතුන් අතර සිටින මයික්‍රොසොෆ්ට් ආයතනයේ නියෝජිතයා cloud computing යන නව තොරතුරු තාක්ෂණ ප්‍රවනතාව පිළිබද දේශනයක් පැවැත්වීමටද නියමිතය. ඉ- ඒෂියා 2009 ආසියාවේ වැදගත්ම තොරතුරු තාක්ෂණ ස...

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක්

Image
(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත. රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ (IT-BPO) යෙදී සිටින ආයතන මෙම සමීක්ෂණයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එම්. ජී. කන්සල්ටන්ට්ස් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙමින් තිබෙන යුගයක මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සදහා මනා පිටු බලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රමධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි.