Posts

Showing posts with the label නවසීලන්තය

ජාතික ගීය ගැන ජාත්‍යන්තර අත්දැකීම්

Image
ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද සිටිති. සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදාය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළි ගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නීතිමය පසුබිමක් ඇත. ලොවබොහොමයක් ජාතික ගී ගමන් තාලවලින් හෝ ගීතිකා තාලවලින් යුක්ත ය. ලතින් ඇමරිකානු රටවල ජාතික ගී වැඩියෙන් ඔපරා ස්වරූපී වන අතර රටවල් කීපයක ජාතික ගී සරළ, විනෝදාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඒවා සාමාන්‍යයෙන් රචනා කර තිබෙන්නේ ඒ රටේ සුලබ ම භාෂාවෙනි. එහෙත්, විශේෂයෙන් ම බහු සංස්කෘතික රටවල කැපී පෙනෙන වෙනස්කම් තිබේ. මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කළේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසිනි. එහිදී ඔහු පදනම් කර ගත්තේ auld lang syne නම් සුප්‍රකට ස්කොට් නව අවුරුදු ගීයයි.( අප ඒ ගීය සිංහලට නැගූ හැටි මෙතැනින් බලන්න ) ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකරයන් පළ කර ඇති අදහසකට අනුව එය වනාහි ආනන්ද සමරකෝන්ගේ නිර්මානාත...