Posts

Showing posts with the label පෝට් සිටි

රැාජපක්ෂ ආණ්ඩුව නිර්මානය කළ ව‍රාය නගර අවුලෙන් ගොඩ එන්නට මුල සිට සිතා බැලිය යුතු ය

Image
කොළඹ වරාය නගරය පිළිබඳ ලියැවී තිබෙන මේ සමග සම්බන්ධ කර තිබෙන වාර්තාව හා අපට ලැබී තිබෙන තොරතුරුත් අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පුද්ගලයන් කීපදෙනෙකුගේ උවමනාවට ය. රටට, ජනතාවට, පරිසරයට පමණක් නොව ස්වෛරීත්වයට බලපාන කාරණා රැසක් ද සැලකිල්ලට ගෙන නැත.  වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වන මූලික ගැටලුවක් වන්නේ නිසි පාරිසරික ඇගැයුම් වාර්තාවක් ලබාගෙන නැති වීමයි.  මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාරිසරික ඇගැයීමක් සපයන එක ම නිල ලේඛනය ලෙස සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලය විසින් සපයා තිබෙන වාර්තාවෙන් පවා විශ්ලේෂණය කර තිබෙන්නේ කොළඹ නගරය ආසන්නයේ මුහුදේ ගොඩකිරීමක් සිදු වුවහොත් එහි ප්‍රතිඵල පමණක් බව වාර්තා වේ. වරාය නගරයක් ඉදි කිරීමේදී ඇති වන පාරිසරික බලපෑම පිළිබඳ එහිදී ඇගැයීමක් කර නැත.  ගිවිසගෙන තිබෙන ආකාරයට මෙම නගරයේ ඉඩම් චීනයට භාර දුන්නා නම් ඇති වන නීතිමය ගැටලු පිළිබඳ අධ්‍යයනය කර නැත. අපේ රටේ ඉඩම් වෙනත් රටකට සින්නක්කර අයිතිය සහිතව ලියා දීම රටේ ස්වෛරීත්වය පාවා දීමකි. රාජපක්ෂ අනුගාමිකයන්ගේ වචනවලින් කියනවා නම් 'මව්බිම පිටදේසක්කාරයන්ට පාවා දීමකි'. එ‍සේම, මෙම අලුත් නගරය පාලනය වන්...

උමා ඔය, පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති නවත්තමු ද?

Image
උමා ඔය හා පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගෙන නැවත වතාවක් සංවර්ධනය හා පරිසරය පිළිබඳ සංවාදය මතු වී තිබේ. මෙම ව්‍යාපෘතිවලට අදාළ පාරිසරික ප්‍රතිඵල පිළිබඳ වාර්තා නිවැරදි ද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අනුව කටයුතු කරන්නේ ද යන ගැටලුව ජනතාවට මතු වී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වන විට ගම්මාන කීපයක ස්වාභාවික උල්පත් හා ළිං සිඳී ගොසිනි. ඇතැම් ගම්මානවල නිවෙස් ඉරිතලා, කඩා වැටී තිබේ. එසේම, උමා ඔය ව්‍යාපෘතියේ උමග තුළින් දැවැන්ත ජල කාන්දුවක් ද සිදු වේ.  උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පාරිසරික වශයෙන් අතිශය සංවේදී ප්‍රදේශයක ය. එයින් සිදු වන විනාශය එයින් ඇති ඵල ප්‍රයෝජනවලට වඩා වැඩි නම්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම බරපතල ප්‍රශ්නයකි. උමා ඔය ව්‍යාපෘතියට ජනතාව විරෝධය පළ කරන්නේ දිගු කලක සිට ය. පෝට් සිටි සම්බන්ධයෙන් ද ඇති විරෝධයට හේතුව වන්නේ මුහුද ගොඩ කිරීම සඳහා රට අභ්‍යන්තරයේ දැවැන්ත පාරිසරික සංහාරයක් කරන බවයි. ජනතා විරෝධය මැද මෙවැනි සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමට ද? සංවර්ධනය සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස සංවර්ධනය වෙනුවෙන් නො වේ. ඒ නිසා ස...