Posts

Showing posts with the label ජයන්ත ධනපාල

එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් පදවියට තරග කළ ජයන්ත ධනපාලට අස් වෙන්නැයි මහින්ද බලපෑම් කළාලු

Image
කොරියාවේ කියැංනෑම් (Keangnam Enterprises, Ltd.) නම් සමාගමේ නැසී ගිය ප්‍රධානි සුන් වෝන්ජුන්ගේ (Sung Woan-jong) ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වන්නට තරග කළ ප්‍රවීණ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජයන්ත ධනපාලට තරගයෙන් ඉල්ලා අස් වන්නට බලපෑම් කර ඇති බව වාර්තා වේ.  ලංකාවේ මිනිහෙකුට එවැනි තනතුරකට පත් වන්නට උදව් කරනවා වෙනුවට කොරියාවේ සමාගම් ප්‍රධානියකුගේ උවමනාව පරිදි ලංකාවේ දේශප්‍රේමී ජනාධිපතිවරයා කොරියානුවකු වූ බෑන් කී මූන්ට එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වීමට උදව් කිරීම බරපතල ගැටලුවකි.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ජනරාල් තනතුර සඳහා මෙම නිලවරණය පැවතියේ 2006දී ය. මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයකු වන විමල් වීරවංශ පසු කලෙක බෑන් කී මූන්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව උපවාසයක් ද කළේ ය.  කියැංනෑම් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්වල යෙදුණු කොරියානු සමාගමකි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග තමන්ගේ සමීප සම්බන්ධයක් තිබුණු බව සුන් පවසා තිබේ.  සුපුරුදු ලෙස මේවා මඩ යයි නො කියන්න. මෙය පළ වුණේ කොරියානු පුව...