Posts

Showing posts with the label ටී.බී. ඒකනායක

ශ්‍රීලනිපය සුද්ද කිරීම බන්දුලගෙන්,‍ රෝහිතගෙන් ඇරඹේ

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ලිපි මගින් බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක යන මන්ත්‍රින්ට ටිකට් ඇදී තිබේ. මධ්‍යම කාරක සභා තීරණවලට පටහැනිව කටයුතු කිරීම මෙසේ ඉවත් කිරීමට හේතු ලෙස දක්වා තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශ්‍රීලනිපයේ ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඔහුගේ දුබලකම් ලෙසයි. පක්ෂය තුළ හිඳිමින්, පක්ෂ නායකයා ජනවරමක් සහිත ජනාධිපති ධුරයෙන් එළවා දැමීමට කුමන්ත්‍රණ කරන පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති. කෙසේ වෙතත්, ඉදිරි සති කීපය තුළ තමන් සිටින්නේ මෛත්‍රී සමග ද මහින්ද සමග ද යන්න තීරණය කරන්නට ශ්‍රී ලංකාකාරයන්ට සිදු වනු ඇත. ඔවුන්ට ඊළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ටිකට් එක ලැබෙනවා ද නැද්ද යන්න ද ඒ සමග ම තීරණය වනු ඇත. බොහෝ විට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමෙන් පසු, මේ පිරිසට බන්ධනාගාර රෝහලේ නතර වෙනවා ද, බන්ධනාගාර කුටියක නතර වෙනවා ද යන්න ද තීරණය කර ගන්නට සිදු වනු ඇත. ඔවුන්ගේ නා...