Posts

Showing posts with the label විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

තව තොවිලයක් අවසානයි ලංකාවේ - අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ

බලාපොරොත්තු වූ අන්දමින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පරාජයෙන් කෙළවර විය.  වඩා ගෞරවනීය අවසානයක්  සඳහා හෝ ඉඩක් තැබීමට ආන්ඩුව කැමැත්තක් නොදැක්වූ බව පී.බී. ජයසුන්දරගේ ප්‍රකාශයෙන් පෙනේ.  අනාගත රාජ්‍ය නායකයා වීමේ සිහිනය වෙනුවෙන් ලකුණු දමා ගන්නට කපටි බැසිල් උත්සාහ කරයි. එහෙත්, ඔහු මෙම ප්‍රතිඵලයේ සම්පාදකයෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තුළ වර්ජනයේ අවසානය සම්බන්ධයෙන් මතභේද ඇතිවීම සාධාරණය.  නායකයන් අරගලය පාවාදුන්නා යයි ප්‍රකාශ කරන්නෝ රැඩිකල් මතධාරීන් ලෙස පෙනෙනමුත් ඔවුන් ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වන්නට බොහෝ ඉඩ තිබේ.  තත්වය පිළිබඳ සරසවි ආචාර්යවරුන්ට පමණක් දොස් නැගිය නොහැකිය. මෙම අරගලය පවතින දූෂිත ක්‍රමයට එරෙහිව දේශපාලන වැදගත්කමකින් යුත් එකක් බවට පත් වුණද එය ඉදිරියට ගෙනයාම සඳහා සමාජයේ සහයෝගය බලමුළුගන්වන්නට රටේ සෙසු බලවේග අසමත් විය. වෘත්තීය සමිති හා විපක්ෂ දේශපාලන පක්ෂ ආචාර්යවරුන්ගේ පාගමනේ එල්ලී යන්තම් එදාවේල පිරිමසාගත්තා මිස කළ දෙයක් නැත.  තව තොවිලයක් අවසානයි ලංකාවේ අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් ...

ආණ්ඩු පෙරළන්න වර්ජනය කරන එකේ වරද කුමක්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් බවද, නිර්මාල් රංජිත් දේවසිරි රාජ්‍ය නොවන සංවිධාන, පෙරටුගාමී පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව සමග එක්ව දියත් කරන බවද බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. දඹර අමිල හිමිද මෙයට සම්බන්ධ බව එම වාර්තාවේ කියැවේ.  මේ කුමන්ත්‍රණය පිටුපස සිටින අය ලෙස මේ නම්ද දැක්විය හැකි බව අපි දිනමිණ පුවත්පතට පෙන්වා දෙන්නට කැමැත්තෙමු. කොටි සංවිධානය, බටහිර රටවල්, ඇමරිකාව, බෑන් කී මූන්, නවනීදන් පිල්ලෛ, ජයලලිතා, කරුණානිධි, වයිකෝ, ඉන්දීය ධීවරයෝ, ඩෙංගු මදුරුවා, ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර...................... අපි අහන්නේ මෙයයි. මෙය ආණ්ඩු පෙරළන මොකක්හරි එකක් වීමේ වරද කුමක්ද? දේශපාලනය කියන්නේ ආණ්ඩු හැදීම හා පෙරළීම මිස වෙන කුමක්ද?  ජනතාව දූෂණයෙන්, භීෂණයෙන් හා විනාශයෙන් බේරාගැනීමට නම් පැහැදිලිවම මේ ආණ්ඩුව පෙරළිය යුතුය. ඡන්දවලින් එය කරන්නට ඉඩක් නැත. මන්ද, ඡන්ද යනු ආණ්ඩු පක්ෂය රාජ්‍ය බලය හා සියලු මහජන දේපල තමන්ගේ වාසියට යොදාගෙන කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසාය.  එහෙයින් ආණ්ඩුව පෙරළීම සඳහා...