Posts

Showing posts with the label මාලි

ජනාධිපතිගේ ගිරව්, මාලි ඇතින්න හා ආණ්ඩුවේ හොර බළල්ලු

Image
දන්ත ධාතුව වඩම්මාගෙන යන මාළිගාවේ ඇතාට සැදැහැවත්තු වඳිති.ඒ ඇත ා මහා වාසනාවන්තයකු යයි සිතති. පෙරහරවල වඩම්මන අලින් කොරගසමින් ඇවිදින්නේ ඇයිදැයි ඔබ සිතා තිබේද? අලංකාර වස්ත්‍රවලින් ඔවුන්ගේ සිරුරු හැඩ කර තිබුණත්, ඔවුන්ගේ පා අඩි අඩියකට, දෙකකට වඩා දුර තැබිය නොහැකි ලෙස යදමින් බැඳ තිබේ. හීලෑ අලි, ඇතුන් හිමියකු වීම ධනවතුන්ගේ විලාසිතාවක් වී තිබේ. කලින් මෙය  පැරණි ධනවතුන්ට සීමා වී තිබුණු අතර දැන් අලුත් සල්ලිකා‍රයෝද කිසියම් පංතිමය තත්වයක් හිමිකරගන්නට එය කරති.  සමහරු අලින් හොරකම් කරන්නද පෙළඹෙති. 'හීලෑ' අලියාගේ ජීවිතය ගැන තේරුම් ගන්නට අවශ්‍ය නම් මෙසේ සිතන්න. හිතන්න ඔබව මුළු ජීවිත කාලය පුරාම අඩි කීපයක් දිග දම්වැල්වලින් ගස්වලට බැඳ තිබෙනවාය කියා.  ඇවිදිනකොටත් ඔබට නිදහසේ පා තැබිය නොහැකි ලෙස පා ළං කර යදමින් බැඳ තිබෙනවාය කියා. මරණීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ ලක්ව සිටින පුද්ගලයකු පවා මෙවැනි තත්වයකට පත්ව නැහැ. කිසිදු ගැලවුමක් නැති මෙවැනි ජීවිතයක් ඔබට උරුම වුණොත් ඔබට පිස්සු නොහැදී තිබේවිද? ඇතැමෙක් කියන පරිදි අලියා දියුණු මනසක් ඇති සතෙක්. එහෙමනම්, මේ හීලෑ අලින්ගේ මානසික ත...