Posts

Showing posts with the label මංගල සමරවීර

මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

Image
මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය.  සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ.  මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත.  අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය.  මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි.  මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික ස...

මංගලලා ගැන හිතන මහින්දට අපෙන් මල් මිටක්

Image
එක්සත් ජාතික පක්ෂයේ ගැටුම මාතරදී පොලු මුගුරු ලෙලවා ගැනීම දක්වා උත්සන්න විය.  පහර දීම පිටුපස මංගල සමරවීර සිටි බවට චෝදනා එල්ල වේ. මංගල චන්ද්‍රිකාගේ කාලයේ මෙවැනි දේ කිරීමෙන් අත්දැකීම් ලබා ඇති පරිණත පුද්ගලයෙකි.  එහෙව් මංගලට පසුගිය දිනෙක සජිත් ප්‍රේමදාස නපුංසකයා යි කීවේ ය. මංගලට පිරිමිකම පෙන්වන්නට ඕනෑ වුණාදැයි අපි නො දනිමු. මන්ද, බොහෝ අය චන්ඩිකම පිරිමිකම සමග සම්බන්ධ දෙයකැයි සලකති. එක්සත් ජාතික පක්ෂයේ කුළල් කා ගැනීම් ගැන අපට කීමට දෙයක් නැත. මන්ද, එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රශ්නයේ ම කොටසක් මිස ප්‍රශ්නවලට විසඳුමක් නො වේ. රනිල් පන්නන පෙළපාලිය මාතරට පිවිසෙන විට එය පිළි ගන්නට පොලු මුගුරු ගත් මැරවර පිරිසක් සූදානම්ව සිටියදී මාතර පොලිසිය සිටියේ කොහේදැයි අපි නො දනිමු. ප්‍රහාරයට ආණ්ඩුවේ සහයෝගය තිබෙන්නට ඇති බව පෙනේ.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය පැරණි මිතුරා වන මංගල සමරවීර ගැන අලුත් ආදරයක් ඇති වී තිබෙන බව පෙනේ.  එහෙත් අපි මහින්දට මල් මිටක් දෙන්නට යන්නේ ඒ නිසා නො වේ. සජිත් මංගලට කී නපුංසක කතාව සම්බන්ධයෙන් මහින්ද දක්වන ලද ප්‍රතිචාරයක් නිසා ය. පසුගියදා කතරගම පැ...

මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් වාමාංශිකයන් දිවි දීම

Image
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීරටත්, ඔහු පසුපස යන කුමන්ත්‍රණකාරී වාම හා සාම නඩයටත් ඉල ඇදෙන, මාරාන්තික පය ලිස්සා යාමක් සිදු වී තිබේ.  ටිරාන් අලස් සමග අමනාප වීමත් සමග පත්තර කෙරුවාව හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ බලය අහිමි වූ මේ ඊනියා මාධ්‍ය බලවත්තු වෙබ් අඩවි කර්මාන්තයට බැස්සේ සිය ජාමය බේරා ගැනීම පිණිස ය. සිය මාධ්‍ය ව්‍යාපෘති සඳහා වීරෝදාර වාමාංශිකයන් තුට්ටු දෙකට කඩේ යැවීමේ උපන් ගෙයි හැකියාවක් මංගල සමරවීර කණ්ඩායමට තිබේ.  මෙවර ද ඔවුන්ගේ ව්‍යාපෘති නිසා අනතුරට පත් වූවන් අතර එවැනි ‍වාමාංශික මාධ්‍යකරුවෝ ඉදිරියෙන් ම සිටිති.  එකම තැනින්, එකම වෙබ් ඩිසයින් එකට, එකම කරුණු ටිකක් අඩංගු කර එක පැත්තකින් එන්.ජී.ඕවලට හා දෙමළ ඩයස්පෝරාවටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයටත් විකුණමින් සිටි වෙබ් අඩවි කට්ටලයට ආණ්ඩුවේ පොලිසිය කඩා පැනීම එක පැත්තකින් සැඟවුණු ආශිර්වාදයක් විය. එහෙත් මෙහිදී සිදු වූ පය ලිස්සා යාම වූයේ එක්සත් ජාතික පක්ෂයට විකිණූ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් අඩවිය එහි මාධ්‍ය ඒකකයේ නිලවෙබ් අඩවිය බව ප්‍රචාරය කිරීමයි. මෙතෙක් කිසිවකු එසේ දැන නො සිටි ‍මේ...

හටපු හමුදාපති සුදුසු ගැලවීමේ හමුදාවට යයි මා කියූ වේලේ බැන්න අය දැන් ඔහුට ඊටත් අඩු තනතුරක් දෙන්න යනවා - මංගල කියයි

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කළ ප්‍රකාශයකට දේශපාලන පිළිතුරක් දෙමින් තමා ඔහු සුදුසු ගැලවීමේ හමුදාවේ නායකත්වයට බව පැවසූ අවස්ථාවේ තමාට බැන වැදුණු පුද්ගලයන් දැන් හිටපු හමුදාපතිවරයාට ගැලවීමේ හමුදාවේ නායකයාටත් වඩා අඩු බලතල සහිත ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරය පිරිනමා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර පවසයි. අගෝස්තු 13දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද අපි ඔක්කොම රජවරු නම් තේමාවෙන් යුක්ත වූ රැස්වීම අමතමින් සමරවීර මේ බව පැවසීය. යුද්ධය දිනා දුන් රණවිරුවන්ට පදක්කමක්වත් නො දුන් රජය කාසියක් දීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් රු. 3080ක් අඩු කරගෙන ඇති බව ද ඔහු පැවසීය.  රණවිරුවන්ගේ ලෙයින් දහදියෙන් ලබා ගත් ජයග්‍රහණය සදාකාලික එකක් බවට පත් කර ගැනීමට රජයට උවමනාවක් මෙන් ම වැඩපිළිවෙලක් ද නැති බව මංගල සමරවීර පැවසුවේ ත්‍රස්තවාදය පරාජය කළමුත් සාමය උදා වී නැති බව ද පෙන්වා දෙමිනි.

මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ මංගලගේ තුන්වන ව්‍යායාමයයි

Image
(2009 සැප්තැම්බර් 19 - W3Lanka) මේ දිනවල විපක්ෂයේ පොදු සන්ධානයක් හැදීම පිළිබඳ කතා පවත්වමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'මහජන' කණ්ඩායමේ නායක මංගල සමරවී ර කියන පරිදි ආණ්ඩුවක් පිහිටුවා දින 180ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ද සන්ධාන ප්‍රතිපත්තිවලට ඇතුළත් කිරීමට නියමිතය. 1994දී බලයට පැමිණි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වූ අතර ජවිපෙට වූ පොරොන්දුවක් අනුව 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ තම අපේක්ෂකයා ද ඉවත් කර ගත්තේය. ඒ සන්ධානයේ ද මංගල නායකයෙකි. ඉන්පසු 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ මංගල සමරවීරගේ ප්‍රබල දායකත්වයකින් සකසන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සඳහන් වේ. එකී ප්‍රතිපත්ති ප්‍රතාශනය මත පදනම්ව රාජපක්ෂ බලහවුලට කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණ ද පසුගියදා නින්දෙන් අවදි වී මේ පොරොන්දුව මතක් කර යළි නිදි කිරා වැටෙමින් සිටියි.  2003 නොවැමිබර් මාසයේදී විධායක ජනාධිපති බලතල පාවිච්චි කර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැ...