මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් වාමාංශිකයන් දිවි දීම

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීරටත්, ඔහු පසුපස යන කුමන්ත්‍රණකාරී වාම හා සාම නඩයටත් ඉල ඇදෙන, මාරාන්තික පය ලිස්සා යාමක් සිදු වී තිබේ. 


ටිරාන් අලස් සමග අමනාප වීමත් සමග පත්තර කෙරුවාව හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ බලය අහිමි වූ මේ ඊනියා මාධ්‍ය බලවත්තු වෙබ් අඩවි කර්මාන්තයට බැස්සේ සිය ජාමය බේරා ගැනීම පිණිස ය. සිය මාධ්‍ය ව්‍යාපෘති සඳහා වීරෝදාර වාමාංශිකයන් තුට්ටු දෙකට කඩේ යැවීමේ උපන් ගෙයි හැකියාවක් මංගල සමරවීර කණ්ඩායමට තිබේ. 


මෙවර ද ඔවුන්ගේ ව්‍යාපෘති නිසා අනතුරට පත් වූවන් අතර එවැනි ‍වාමාංශික මාධ්‍යකරුවෝ ඉදිරියෙන් ම සිටිති. 


එකම තැනින්, එකම වෙබ් ඩිසයින් එකට, එකම කරුණු ටිකක් අඩංගු කර එක පැත්තකින් එන්.ජී.ඕවලට හා දෙමළ ඩයස්පෝරාවටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයටත් විකුණමින් සිටි වෙබ් අඩවි කට්ටලයට ආණ්ඩුවේ පොලිසිය කඩා පැනීම එක පැත්තකින් සැඟවුණු ආශිර්වාදයක් විය.


එහෙත් මෙහිදී සිදු වූ පය ලිස්සා යාම වූයේ එක්සත් ජාතික පක්ෂයට විකිණූ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් අඩවිය එහි මාධ්‍ය ඒකකයේ නිලවෙබ් අඩවිය බව ප්‍රචාරය කිරීමයි. මෙතෙක් කිසිවකු එසේ දැන නො සිටි ‍මේ වෙබ් අඩවිය පිරික්සා බලන විට, අම්මට සිරි, සජිත් ප්‍රේමදාස දුටුවේ පක්ෂයේ නිල බෙව් අඩවිය කියන අටමගලෙන් පක්ෂයේම නියෝජ්‍ය නායකයා වන තමාට බැන වදින බවයි. සත්තකින් ම ඒක නම් අපූරු නිල වෙබ් අඩවියකි. 


ආණ්ඩුවේ වැටලීමෙන් ලැබුණු ප්‍රචාරය ජාතිකව හා ජාත්‍යන්තරව ආයෝජනය කරගෙන වීරෝදාර වන්නට ලැබුණු අවස්ථාවට දැන් සජිත්ගේ ප්‍රකාශ නිසා රාහු ලබා ඇත. 


මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති හැමදාමත් ලංකාවේ වාමාංශික යෝධ කූඹියන්ගේ පැණි හැළියකි. ඉරිදා පත්තරයේ, මාතොට සඟරාවේ සිට දීප්තිගේ එක්ස් කෑල්ල යූඇන්පියේ නිල වෙබ් අඩවිවලට ගැට ගැසීම දක්වා වාමාංශික ඉතිහාස කතාවක් මංගලගේ පසුපස ඇදී එයි. මංගලගේ ඉඳුල් කන වාමාංශික කල්ලි නායකයන්ගේ පල් පාට් භුක්ති විඳි ඉතිහාසයක් මෙම ලේඛකයාට ද ඇත. 


මංග‍ලගේ මාධ්‍ය ව්‍යාපෘති හැමදාමත් ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමානාත්මතාව වැනි වාමාංශිකයන්ගේ රුචිය වඩන අජිනො මොටෝ යහමින් දැමූ කොහු ලණු ය. 


සෙස වාමාංශිකයන්ට අභියෝල කිරීම පිණිස මේවා වටා රොඳ බඳින සහෝදරයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ කිසිදා තේරුම් ගන්නට බැරි, වචනයේ පරිසමාප්ත අරුතින් ම කුමන්ත්‍රණ වූ මෙවැනි ව්‍යාපෘතිවලට කඩේ ගොස් අමාරුවේ නො වැටෙන ලෙසයි. 


මෙම ව්‍යාපෘතිවලට රනිල්ට සේ ම කිසි කලක මහින්දට අභියෝගයක් වන්නට බැරි ය. මේ ව්‍යාපෘති වනාහි මහින්දට සාම මාවතට අවතීර්ණ වන්නට බල කෙරුණු කිසියම් දවසක යළි මහින්දගේ පසුපස ම වැටෙන්නට අරමුණු කර ගත් ඒවා බව තේරුම් ගත යුතු ය. 


අපට මෙම සටහන තබන්නට හේතු වූයේ මෙම සිළුමිණ මුල් පුවතයි

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සහතික ඇත්ත

    ReplyDelete
  2. හුඟක් අය නොදන්නා ඇත්ත කතාව හෙළි කිරීමට ස්තුතියි.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා