Posts

Showing posts with the label මාධ්‍ය

ලංකාදීප කතුවැකිය හා මරණ දඬුවම සම්බන්ධ කතාබහ හඬ පඩයකින් රළ ගසා පෙරට ඒම

Image
කාලයක් මං සතිපතා පත්තරේක කර්තෘකමක් කළා. ඒ පත්තරේ කරපු කණ්ඩායම ඔවුන්ගේ ඉතිහාසයෙන් මා ඉරේස් කර දමන්නට කැමති ගතානුගතික වාමාංශිකයන් පිරිසක් නිසා මං පත්තරේ නම කියන්නෙ නැහැ.  මේ ළඟදි මට ඒ කණ්ඩායමේ සීලිං අංශය භාරව හිටපු නායකයා හමු වුණා. මෙහෙම කිව්වාම ඔබ අහයි එහෙම අංශයකුත් තිබුණ ද කියලා. කොහොම වුණත් ඒ සහෝදරයා කළේ නම් ඒ අංශෙ වැඩ විතරයි. මං හිතන්නෙ දැන් එයා ඒ කණ්ඩායමේ ලොක්කෙක්. සීලිං අංශෙන් දේශපාලන මණ්ඩලේට ඇවිත් වෙන්න ඇති. මට කිව්වා මං ‘පොඩි පොඩි කෑලි' පත්තරවලට එහෙම ලියනවා දැකල තියෙනවා කියලා. මට ඉතින් සුවල්ප ආඩම්බරයක්යැ.  මේ පත්තරේ කරන කාලෙ එතන එක් ගෑල්ලමෙක් වැඩ කළා. එයා කළේ ටයිප්සෙටිං. ඒ වැඩේ කරන කෙනා පත්තරේ සතියක ම ලිපි කියවනවානේ. සාමාන්‍යයෙන් පත්තර කර්තෘවරු බොහොම දෙනෙක් තමන්ගෙ පත්තරේ කියවන්නෙ නැහැ. එක වතාවක් මට තර්ජනයක් ආවාම ඒ කාලෙ මං නිදහස් ලේඛකයෙකු ලෙස සතිපතා කොලමක් ලියපු පත්තරේ කර්තෘ අහලා තිබුණා ඒ කවුරුද කියලා.  මං කියන මේ පත්තරේ ටයිප්සෙටිං කළේ මේ ගෑල්ලමයා විතරක් නිසා එයා මුළු පත්තරේ ම ලිපි ටයිප් කරනවා. ඒ කාලෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අජිත් සමරනායකත් මේ පත්තරේට සතිපතා කොල...

කමෙන්ට් දැමීම, කැපීම හා අපේ හැටි

මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා.  මා ලියූ පසුගිය ලිපියේ මාතෘකාව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා මේ ලිපියේ මාතෘකාව ටයිප් කරද්දී මා අතින් වැරදි දෙකක් වී තිබුණා. එකක් ජනයා වෙනුවට ජනවා කියා ටයිප් වී තිබුණා. අනෙක් වරද හා වෙනුවට හි ටයිප් වී තිබීම. එය කවුරුවත් පෙන්වා දුන්නේත් නැහැ. මා දැක්කේත් නැහැ. ඒ නිසා හැදුවේ දැනුයි.  රෑ ලිපිය ලියලා උදේ බලන විට පාඨකයෙක් ජනවා යන වචනයේ වරද පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර එම කමෙන්ටුව ඉවත් කළා. එය සුළු ටයිපිං වරදක්. එම වරද නිවැරදි කළාට පසුව එම කමෙන්ටුවෙන් වැඩක් නැති නිසායි මම එය ඉවත් කළේ.  ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා. මම සාමාන්‍යයෙන් ඔය එක්ස්කියුස් මී, තැන්කිව් ආදිය මහ ඉහළින් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ. මේ බ්ලොගය ‍වෙනුවෙන් මට වැඩිපුර ලැබෙන්නේ බැනුම්. ඒත්, මට ඒකයි ස්තුතියි අතරේ වෙනසක් නැහැ.  වරද නිවැරදි කරන්නට උදව් වූ පුද්ගලයා නැවත මෙවැනි අදහස් දැ...

අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට සාක්කි කෝ?

Image
මේ දරුවන්ගේ පියා 2010 ජනාධිපතිවරණය පැවති ජනවාරි 26 දිනට පැය ගණනකට පෙර සිට දැන් තුන් වසරකට වැඩි කාලයක් ආ ගිය අතක් නැතිව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී කියා තිබේ.  මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු. මම ඔහුගේ ලිපි කියවා ඇත්තෙමි. කාටුන් රස විඳ ඇත්තෙමි.(ඔහුගේ කාටුන් මෙතැනින් බලන්න) ඔහු ස්ථිරව අතුරුදහන් වීමට පෙර කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගිය බවට ඔහු විසින් පවසන ලදී. ඔහුව ගෙන ගොස් රඳවා ගබා ගන්නා ලද වධකාගාරයක් පිළිබඳව ද ඔහු විස්තර කර තිබිණි. වධකාගාරයක අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් ජීවත් වී තිබෙන මෙම රචකයාට ඒ විස්තරයේ අභව්‍යකමක් දැනිණි. සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග යන මාධ්‍යවේදීන් මරා දැමීම හා ලලිත්, කුගන් වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් අතුරුදහන් කිරීම ඍජු දේශපාලන හා යුදමය ක්‍රියා ලෙස දකින මෙම...

ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න

Image
දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි. ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය  මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත. අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත. මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත. දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි. මෙන්න වාර්තාව ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි ශිරාන් රණසිංහ ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක්‌ නිසා වරායේ දොඹකර හා ලංගම බස්‌ රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය. මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක්‌ රසායනාගාර පරීක්‍ෂණ...

මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් වාමාංශිකයන් දිවි දීම

Image
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීරටත්, ඔහු පසුපස යන කුමන්ත්‍රණකාරී වාම හා සාම නඩයටත් ඉල ඇදෙන, මාරාන්තික පය ලිස්සා යාමක් සිදු වී තිබේ.  ටිරාන් අලස් සමග අමනාප වීමත් සමග පත්තර කෙරුවාව හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ බලය අහිමි වූ මේ ඊනියා මාධ්‍ය බලවත්තු වෙබ් අඩවි කර්මාන්තයට බැස්සේ සිය ජාමය බේරා ගැනීම පිණිස ය. සිය මාධ්‍ය ව්‍යාපෘති සඳහා වීරෝදාර වාමාංශිකයන් තුට්ටු දෙකට කඩේ යැවීමේ උපන් ගෙයි හැකියාවක් මංගල සමරවීර කණ්ඩායමට තිබේ.  මෙවර ද ඔවුන්ගේ ව්‍යාපෘති නිසා අනතුරට පත් වූවන් අතර එවැනි ‍වාමාංශික මාධ්‍යකරුවෝ ඉදිරියෙන් ම සිටිති.  එකම තැනින්, එකම වෙබ් ඩිසයින් එකට, එකම කරුණු ටිකක් අඩංගු කර එක පැත්තකින් එන්.ජී.ඕවලට හා දෙමළ ඩයස්පෝරාවටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයටත් විකුණමින් සිටි වෙබ් අඩවි කට්ටලයට ආණ්ඩුවේ පොලිසිය කඩා පැනීම එක පැත්තකින් සැඟවුණු ආශිර්වාදයක් විය. එහෙත් මෙහිදී සිදු වූ පය ලිස්සා යාම වූයේ එක්සත් ජාතික පක්ෂයට විකිණූ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් අඩවිය එහි මාධ්‍ය ඒකකයේ නිලවෙබ් අඩවිය බව ප්‍රචාරය කිරීමයි. මෙතෙක් කිසිවකු එසේ දැන නො සිටි ‍මේ...

අපි මර්වින්ට - මර්වින් අපිට! මේ තහනම වහා ඉවත් කරනු!

Image
ඇමති මර්වින් සිල්වාටත්, ඔහුට අභියෝත කරන කැලනිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාටත් මාධ්‍යවලට කතා නො කර කට පියාගෙන ඉන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කන් අවවාද කර ඇත.  දැන් ඇති ප්‍රශ්නය මෙයයි. මාධ්‍යවලට කයිවාරු ගසන්නේ නැතිනම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන් වෙන කුමක් කරන්න ද?  මාධ්‍යවලට කට පූච්චානම් දෙඩවීම හැර ඔවුන් දන්නා වෙන දෙයක් තිබේ ද?  මොවුහු ඇත්ත වශයෙන් ම චන්ඩි ද නො වෙති. පාතාල නායකයන් ලෙස පෙනී සිටියත්, ඇත්ත ම කීවොත්, ඔය කොළඹ වතු ටිකක ලුම්පන් නායක්වයට වැඩි යමක් ද මොවුන්ට නැත. රාජ්‍ය බලය නැතිනම් ඔවුන්ගේ චන්ඩිකම් කැළේ ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විධායක බලයේ හයියෙන් චන්ඩි පාට් දාන්නට ඕනැ කොකෙකුට පුළුවන. මර්වින් සිල්වා විපක්ෂයේ සිටි කාලයක කළ චන්ඩිකම් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.  මෙවැනි චරිත ඇත්තෙන් ම චන්ඩි නො ව මාධ්‍ය ‍ජෝක්කාරයෝ ය. ඔවුන්ගේ චන්ඩි පාට් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සිනා උපදවන විකට ජවනිකා ය.  ඒ නිසා මේ තහනම වහා ඉවත් කළ යුතු ය. කන්න, බොන්න නැතත්. අනාගතය අවිනිශ්චිත වුණත් සිනා වී ඉන්නට මේ රටේ ජනතාවට ඇති අයිතියට ශ්‍රී ලංකා නිදහස් පක්...

සිරසට කිරි පණු ගාය

Image
"Power without responsibility. Privilege of the harlot . Throughout the ages. " -Ranil Wickramasinghe තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.  එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.  මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි.  ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ  prostitute,  whore  ආදියයි.  තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.  ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.  තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය.  ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එ...

එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස; යාපනයේ මාධ්‍ය උද්ඝෝෂණය

Image
උතුරේ මාධ්‍යකරුවන්ට සහයෝගය පළ කරන්නට ගිය දකුණේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට පොලිසිය බාධා කළ අයුරු. ප්‍රධාන වශයෙන් ම යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව සංවිධානය කර තිබුණු, යාපනය බස්නැවතුම්පොල අසල පැවැත්වූ මෙම උද්ඝොෂණයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්, එස් ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරැන්වන එස් ගජේන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම් ද, උතුරේ මාධ්‍යකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ද සහභාගි වූ හ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

රදලියගොඩ යකඩයාට වරෙන්තු / Warrant issued by Sri Lanka court to arrest pro-government journalist

Image
(2011 ජුලි 20,   W3Lanka )  ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙහෙයවන්නකු වන සුදර්මන් රදලියගොඩ ව්‍යාජ ලිපි සැකසීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඔහුට ඇති චෝදනාව වන්නේ රු. ලක්ෂ 15ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන ගබඩා භාරකරුගේ අත්සනින් යුත් ලිපියක්‌ සාවද්‍ය ලෙස සකස්‌ කර ඉදිරිපත් කිරීමයි. සුදර්මන් රදලියගොඩට ලබා දීමට අනුමත කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම්හි පරණ යකඩ මෙට්‍රික්‌ ටොන් 1828 ක්‌ පරණ යකඩ මිලදී ගනු ලබන ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට ලබා දෙන ලෙස ඔහු මෙම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියෙහි සඳහන් කර තිබේ. නඩුව තවමත් විභාග වෙමින් තිබේ. එහෙත්, ආණ්ඩුවේ කිළිටි රෙදි අපුල්ලන මාධ්‍යකරුවන් කරන ව්‍යපාර පිළිබඳ ඉඟියක් මෙයින් සැපයේ. සුදර්මන් රදලියගොඩ යකඩ වෙළඳාමේ නොයෙදුණත් ලියුම් දෙක තුනක් එහා මෙහා කර පරණ යකඩ තොග වෙළෙන්දෙකු වීමට හා දහදිය බිඳුවක්වත් නො හෙළා රු. ලක්ෂ 15ක් ඉපැයීමට ඔහුට අවස්ථාව ලැබී ඇත. මේ එක් ගැස්සුණ වැඩකි. නො ‍ගැස්සී ගොඩ දා ගත් මෙවැනි වැඩ තව කීයක් ඇද්ද? මෙවැනි බිස්නස් කරන මාධ්‍යකරුවන් තව කී දෙනෙක් වෙද්ද? මෙවැනි තවත් මාධ්‍...

ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් තිබුණා - දිනමිණ කියයි

Image
(2010 ජනවාරි 16 -W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව අද දිනමිණ පුවත්පතේ කතුවැකිය පවසයි. දිනමිණට අනුව මෙම රැල්ල තිබී ඇත්තේ ෆොන්සේකා ජනාධිපතිවරණයට නාම යෝජනා දුන් අලුත වන අතර දැන් එය අඩු වී තිබේ. ජනාධිපතිවරයාට පක්ෂව රැල්ලක් තිබෙන බවක් එහි සඳහන් වන්නේ නැත. විශ්‍රාමික ෆොන්සේකා මහතාට දේශපාලන රැල්ලක් තිබුණු බව සමහරු කියති. ඔහු දේශපාලන කරලියට පැමිණි පළමු දින කිහිපය තුළ ඒ කතාවේ කිසියම් ඇත්තක් තිබිණි. දැන් එම රැල්ල මුළුමනින් ම හේබා ගොසිනි. නැඟෙන හැම රැල්ලක් ම වෙරළ අබියස දී බිඳී විසිරී යන්නා සේ ෆොන්සේකා රැල්ල ද විසිරී ගොසිනි. දිනමිණ පුවත්පත මෙතෙක් ප්‍රචාරය කළ අන්දමට නම් එවැනි දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව පිළිගත නො හැකි අතර එවැනි රැල්ලක් තිබිය හැකි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. නිදසුනක් ලෙස දිනමිණ පුවත්පතේ දෙසැම්බර් 19දා පළ වූ මෙම පුවත අනුව එවැනි රැල්ලක් කිසි සේත් තිබිය නො හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සියයට 62.2 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ...

ශ්‍රීලනිප අනාගත නායකයා පොළොන්නරුවේ 'වැඩ' පෙන්නයි; පිරිමි රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන්ට වැඩි හානි: පළමු මාධ්‍ය බිල්ල ගනියි

Image
(2010 ජනවාරි 14 -W3Lanka) ජනාධිපතිවරණයේ ලේ වැකි ප්‍රචණ්ඩ අවධිය ජනවාරි 12දා රාජපක්ෂවරුන්ගේ ගම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර රාජපක්ෂලා ඉවතට විසි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටින න් පහර දපක්ෂයේ ලේකම් හා ඇමති මෛත්‍රීපාල සිරිසේන සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේ දෙවන අඩව්ව අල්ලා තිබේ.  රාජපක්ෂලාගෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වයට සුදුසු තමන් යයි පෙන්වීමේ වෑයමක යෙදී සිටින සිරිසේන ජනාධිපතිවරණ සමයේ පළමු මාධ්‍ය බිල්ල ගැනීමේ 'ගෞරවයට' හිමිකම් කියයි.  බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී. උඩු රැවුල වැවූ, චන්ඩි පිරිමිකම හුවා දක්වන මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට කාන්තාවන් පත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

උපේක්ෂා සරත්ට සහාය දීම නිසා පබා අතුරුදහන්

Image
(2010 ජනවාරි 06 -W3Lanka) ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනජනප්‍රිය වැල නාට්‍යයක් වන පබාහි පබාගේ චරිතය රඟපාන උපේක්ෂා ස්වර්ණමාලි ජනරාල් සරත් ෆොන්සේකාට සහාය ‍පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වීමත් සමග ටෙලි නාට්‍යයෙන් පබා අතුරුදහන් කිරීමට නිෂ්පාලකයන්ට උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.  ඒ අනුව පබා හිටිහැටියේ අතුරුදහන් වන අතර පැහැරගෙන යාමකට ලක් වී ඇති බව අඟවන දර්ශනයක් හෙට විකාශය වීමට නියමිත ය.  පබා මරා කතාව ශෝඛාන්තයක් කරනවා ද, නැතිනම් හදිසි අනතුරකට පත් කර ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරවා වෙනත් නිළියක් චරිතය සඳහා යොදා ගන්නවා ද යන්න පිළිබඳව මේ දිනවල නිෂ්පාදකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දිනවල තාරුණ්‍යයට හෙටක් දැන්වීම්වල පෙනී සිටි නිළියන් කීපදෙනෙක් ම දැන් මේ අලුත් පබාට ඉව අල්ලමින් සිටින බව ද ආරංචි මාර්ග පවසයි. පබාට එවැනි බලු වැඩක් කළොත් පබා ප්‍රේක්ෂකයින් මහින්ද රාජපක්ෂට ඡන්දය නොදී සිටීදැයි බියක් ද අදාළ බලධාරීන්ට මතු වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වන විට පබා ද මහින්ද රාජපක්ෂට මළ වධයක් වී ඇ ත.