ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න

දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි.


ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය  මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත.


අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත.


මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත.


දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි.


මෙන්න වාර්තාව


ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි
ශිරාන් රණසිංහ
ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක්‌ නිසා වරායේ දොඹකර හා ලංගම බස්‌ රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.
මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක්‌ රසායනාගාර පරීක්‍ෂණවලට භාජනය කළද, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මතු නොවූ බවද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ඩීසල් භාවිත කළ වරායේ දොඹකර දාහතරක්‌, ලංගම බස්‌ රථ පහළොවක්‌ පමණ හා අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන තිහක්‌ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලින් තෙල් සංස්‌ථාවට පැමිණිලි ලැබුණ බවද එම නිලධාරියා කීවේය.
කෙසේ වෙතත් මහමග නතරවූ වාහනවල කාබලේටරය ශුද්ධ කළ පසු යළිත් ඒවා ධාවනය වූ බවද එම පැමිණිලිවලින් කියෑවුණු බවද හෙතෙම පැවසීය.
අලුත්වැඩියා කටයුත්තක්‌ නිසා මේ දිනවල මෙරට පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර ආනයන කළ ඩීසල්වල මෙම ප්‍රශ්නය මතුවී ඇතැයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් බෙදාහරින ඩීසල් භාවිත කර හානියට පත්වන වාහන තිබේනම් ලිතව ඒ පිළිබඳ පැමිණිලි කළහොත් විභාග කරන බව එම සමාගම පවසා සිටී.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගාමිණී සුනඛසේකර - අය්යෝ සල්ලි කිවුවලු

    ReplyDelete
  2. මේක අර පහුගිය කාලේ වෙච්ච සිද්ධිය ගැන ලියවිච්ච එකක්ද? නැත්නම් ආයෙත් ඒ වගේ දෙයක් වෙලාද? මම අහන්නේ දන්නේ නැති නිසා මගේ පෙට්‍රල් වෑන් එකටනම් ඔය වගේ සිද්ධියක් වුනා ගිය බ්‍රහස්පතින්දා..

    ReplyDelete
  3. කාබලේටරය! හික්ස්.

    ReplyDelete
  4. මෙහි ඇති රූප සටහනේ 'කාබ්‍යුරේටර්' යන්න සඳහන් වන්නේ carburetor ලෙසිනි. ඒ අමෙරිකානු ඉංග්‍රීසිය යි. බ්‍රිතාන්‍යයේ එය carburettor ලෙස ලියනු ලැබේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා