ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පුතුන් හා බිරියන් ආදීන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට අවස්ථාව නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව කියැවේ. ජනාධිපතිවරයා මේ තීන්දුව ඕනෑම වෙලාවක වෙනස් කරන්නට පුළුවන. 


කොහොම වුණත්, මේ වන විට එසේ තරග කරන්නට බලා සිටි මැති ඇමති පුත්තු හා බිරියෝ ආදීහු එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන්නට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. 


වෙන්නට යන්නේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන මේ අය රාජ්‍ය  බලය හා සම්පත් අනිසි ලෙස යොදා සුපුරුදු පරිදි ඡන්ද ප්‍රචාරය කර බලයට පත් වූ පසු ආණ්ඩු පක්ෂයට කරණම් ගසා තනතුරු ලබා ගැනීමයි. 


සිදු වෙන්නට යන්නේ කියලාවත් කර ගත නො හැකි තත්වයකි. මෙහෙම වුණොත් චෝදනා එල්ල වනු ඇත්තේ එජාපයේ අපේක්ෂකයන් රාජ්‍ය බලය යොදා මැතිවරණ ප්‍රචාරයේ යෙදෙනවා ය, සෙසු අපේක්ෂකයන්ට අඩන්තේට්ටම් කරනවා ය ආදී වශයෙන් වන්නට පුළුවන. 


ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක් මේ සමග සලකුණු වනු ඇත.  මෙය  එතරම් අලුත් ප්‍රපංචයක් නො වේ. රජමැදුරේ ඉඳුල් භක්ෂකයකු වූ ශ්‍රී රංගා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරස හරහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය දිනාගෙන මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට ගොස් පසුදා ම ආණ්ඩුවට එක් වී පූර්වාදර්ශ සපයා තිබේ. 


ලංකාවේ ජනතාව යනු කුමන වර්ගයේ ගව සම්පතක් ද යන්න ඇඟිල්ලෙන් ඇන පෙන්වන මෙවැනි නිදසුන් මධ්‍යයේ දේශපාලන පක්ෂයක් ලෙස පෙරටුගාමී පක්ෂය මෙම මැතිවරණය අරභයා ගත් තීරණය එක ම බුද්ධිමත් දේශපාලන තීරණය ලෙස දකිමු. එනම් මෙවැනි මැතිවරණ ප්‍රෝඩාවන්ට සහභාගි නොවී සිටීමයි. 


ඒවාට එරෙහිව ජනතාව බලමුළු ගන්වන්නට නම් හැකියාවක් තිබේ ද යන්න පැහැදිලි නැත. මන්ද, එවැන්නක් සිදු නො විය හැකි තරමට මුග්ධකම සමාජයේ පතුරුවන්නට පෙරටුගාමී පක්ෂය ද සෑහෙන දායකත්වයක් සපයා ඇති බැවිනි. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. @Ajith,

    ඔබ මෙහි පෙරටුගාමී පක්ෂය යනුවෙන් හඳුන්වා ඇත්තේ, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයද? එසේත් නැතිනම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද?
    පැහැදිලි නැත.

    ReplyDelete
  2. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විය යුතු ය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂය පසුපස ය.

    ReplyDelete
  3. මාතර නන්දෙJuly 5, 2012 at 10:28 PM

    ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය යු.එන්.පී එක පස්සෙන් යනව කියල හරියටම දන්නවද ?

    ReplyDelete
  4. යන්න පැරකුම් විහිලු නොකර....පෙරටුගාමියෝ චන්දෙට එන් නැත්තේ මැතිවරණ ප්‍රෝඩාවට විරෝදය පාන්න නෙමයි...තමන් ත්‍රී වීල් පක්ෂයක් කියන එක චන්ද ප්‍රතිපල වලින් එලියට එන නිසා ......මෙයාලගේ පරණ යාලුවෝ ටික පළාත් සබා එපා කිය කිය චන්දෙ ඉල්ලලා පක්සේ අරමුදල තර කොරන්න කියල ඔක්කොම මන්ත්‍රී වරප්‍රසාද ගත්තේ...මේ ඔක්කොම අවස්ථාවාදය.......ඇත්ත කතාව මහින්දට විරුද්ධව ජනතාව හරියට පෙළ ගස්වන්න පුළුවන් විපක්ෂ බලවේගයක් පේන තෙක් මානෙක වත් නෑ.ඉන්න උන් බැරි බරියාවෙන් පෙලෙන ආණ්ඩුවක් පෙරලන්න තියා හිතන්නවත් බැරි උන් ටිකක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා