අධිකරණයට මල් මිටක්

(උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි) ඩෙංගු මදුරු කීටයන් බෝකිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගස්සවා අධිකරණය පෙහොසත් කිරීම නොව කළ යුතුව ඇත්තේ මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන නිසි බලධාරීන් යොදවා මදුරු දුම් ගසා මදුරුවන් මර්දනය කිරීම යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) මුල්ලේරියාව පොලිසියට අවවාද කරමින් පැවැසීය.

මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැසියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඩෙංගු වසන්ගතය තුරන් කළ නොහැකි බව පැවසූ මහෙස්ත්‍රාත්වරයා මින් පසුවට පුද්ගලයන් නිකරුණේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන්නේය.

මුල්ලේරියාව පොලිසිය විසින් ඩෙංගු චෝදනාව යටතේ පුද්ගලයන් පස්දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් අධිකරණය හමුවේ වරද පිළිගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා රුපියල් 500ක දඩ මුදලක් නියම කළේය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඩේංගු හැදෙන්නෙ මදුරුවෙක් කාපුවහම. ඒ මදුරුවා ඇතිවෙන්නෙ පරිසරයේ තිබෙන සංකීර්ණත්වයත් එක්ක. ය දයසින දවස ඒකට අන්වර්තනය වෙනව. අපි ඒකට එදා දුන්න උත්තරේම දෙමින් ඉන්නවා. මොනව වුනත් රජයක් තමන් ජනතාවට සේවා සැපයීම අනිවාර්යයෙන් කරන්න ඕන. සේවා සපයන්න ඕන. කම්කරුවෙකුට (උදා- මහව කොච්චියේ නැගල සෙත්සෙරිපායට වැඩට එන නාගොල්ලාගම පද්ගලයා කිසිදිනක තමන් තම්කුවෙකු ලෙස සිතීමට කැමැති නැති අතර ඔහුගේ කැමැත්ත කුමක් වුවත් ඔහු කම්කරුවෙකි මාක්ස්ට අනුව) තමන්ගේ ශ්‍රමය විකුණල උපයගන්න මුදලින් තතමන්ගේ දෛනික ජීවිතය ගතකරල පහුවදාටක් වැඩට එන්න පුළුවන් කමක් තියෙන්න ඕන. දැන් වෙන්නෙ ඒක නෙමේ පහුවදාට එන්න තියෙන එකත් අදම මංකොල්ලකාගන්න පුළුවන්ද කියලයි මේ ඩයිනෝසර් වර්ගයේ ආර්ථික ඝාතකයෝ කල්පනා කරන්නේ. ‍ඩෙංගු අනිවාර්යයෙන්ම තුරන් කරන්න ඕන නම් රජය ඇත්තට මේ වැඩේට බහින්න ඕන. පාරවල් අයිනේ ඩ්ජිටල් බැනර් ගහල මේ වැඩේ කරන්න බැ. මේක එච්චර ලේසි නැ. අපි සෑහෙන මුදලක් යට කරන්න ඕන මේක ගොඩදාගන්න. අපි පරිසරය ගැන වෙනස් විදිහෙ සිතීමකට යන්න ඕන. කොළඹ ලස්සන කරන්න හිතන මනස් වලට කොළම මිනිස්සුත් ඉන්න ඕන කියල හිතෙන දවසක් එනකම් ‍ඩෙංගු නවත්තන එක මංඤ්ඤමක් විතරයි.

    ReplyDelete
  2. A good attitude of the Judge! we need Judges like this.

    Mind you, if any citizen or organization goes to the SC with a FR case against Govt, Local Govt's inability to control this, in return of the Tax money people pay, I think its a piece of cake to win and stop all these nonsense of stupid militrized invasions on houses.

    ReplyDelete
  3. Etakota Rs.500x5 malwalata gevanavada?

    Clement Peris

    ReplyDelete
  4. BTI ගෙනල්ල ඒකෙන් සල්ලි ගහපු එකට මොකද කියන්නේ, දැන් දඩ ගහන්නේ ඩෙංගු මර්දනයට නෙවී, ආණ්ඩුවට බදු වලින් තව සල්ලි හම්බ කරන්න... මේවා බොරු වැඩ...
    සිංගප්පුරුවේ ඩෙංගු මර්දනයට 2002 නියම වැඩපිළිවෙලක් කල, දැන් එහෙ ඩෙංගු නෑ..
    අපේ බූරුවෝ කරන්නේම පගා ගහන එක... මිනුස්සු මැරුණට ඉතින් මොකද...

    අනිත් එක අයි සුදර්මන් රදලියගොඩ අල්ලන්නේ නැත්තේ, කොච්චර වරෙන්තු තියෙන මිනිස්සු එළියේ ඉන්නවද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා