Posts

Showing posts with the label ඩෙංගු

අධිකරණයට මල් මිටක්

(උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි) ඩෙංගු මදුරු කීටයන් බෝකිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගස්සවා අධිකරණය පෙහොසත් කිරීම නොව කළ යුතුව ඇත්තේ මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන නිසි බලධාරීන් යොදවා මදුරු දුම් ගසා මදුරුවන් මර්දනය කිරීම යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) මුල්ලේරියාව පොලිසියට අවවාද කරමින් පැවැසීය. මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැසියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඩෙංගු වසන්ගතය තුරන් කළ නොහැකි බව පැවසූ මහෙස්ත්‍රාත්වරයා මින් පසුවට පුද්ගලයන් නිකරුණේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන්නේය. මුල්ලේරියාව පොලිසිය විසින් ඩෙංගු චෝදනාව යටතේ පුද්ගලයන් පස්දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් අධිකරණය හමුවේ වරද පිළිගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා රුපියල් 500ක දඩ මුදලක් නියම කළේය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඩෙංගු ලාභය ගණන් හැදීමට මිය ගිය පී.එච්.අයි.ගේ වටිනාකම අඩු කළ යුතු ය

Image
ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී න් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතන 1264 ක්‌ හඳුනාගෙන රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන පරීක්ෂකවරුන් රජයට ලබා දුන් ආදායමින් නිවැසියකුගේ අමානුෂික මෝල් ගස් පාරක් කා මිය ගිය මහජන පරීක්ෂකවරයාගේ වටිනාකම අඩු කළ යුතු ය. ආණ්ඩුව ලැබූ ලාභය හරියට ගණන් බැලිය හැක්කේ එවිට ය. ‍ඩෙංගු මරිදනය සඳහා රජය යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වන්නේ මෙසේ දඩ ගැසීමයි. ඉස්සර පැවති මැලේරියා වසංගතය මර්දනය කළේ තෙල් ගහලා ය. ඩෙංගු මරිදනය කරන්නට යන්නේ දඩ ගහලා ය.  එහෙත්, රජයේ දේපල වන මග දෙපස පිරිසිදු කිරීමට හා මහජන මුදලින් කළ යුතු කාර්යයක් වන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි පිළිවෙලක් සැකසීමට රජයට හැකි වී තිබේද? නිදසුනක් ලෙස, ලංකාවේ ප්‍රාදේශීය සභා බෙහෙමයක් කසල ඉවත් කිරීම සඳහා ගම්වලට එන්නේ නැත. ගම්වල ගොඩගැසෙන ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් ගිනි තැබීමයි. පොලිතින්, ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විශාල පිළිකාකාරක ...

මදුරුවන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම / Sri Lanka implements death penalty through mosquitoes

Image
පාලකයන්ගේ ඩෙංගු ප්‍රාර්ථනාව (2011 ජුලි 21,   W3Lanka )  ලංකාවේ බන්ධනාගාරවල පවතින නීති රෙගුලාසි අනුව සිරකරුවන්ට මදුරු දැල් හෝ මදුරු ‍දඟර පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැත. අලුත් ම වාර්තා පවසන්නේ මේ වන විට වැලිකඩ සිරගෙදර ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවකින බවයි. මරණ දඬුවම් නියම වීමෙන්, පසු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවකු හා වසර 15ක සිරදඬුවම් නියම වූ ගාල්ල ප්‍රදේශයේ සිරකරුවකු මෙසේ මිය ගොස් තිබේ. තවත් අයටත් ඩෙංගු වැළඳී ඇති අතර, විශාල පිරිසක් ඩෙංගු අවදානම මැද ජීවත් වෙති. ලංකාවේ සිරකරුවන් යනු කිසිදු මානව හිමිකමක් නොමැති පිරිසක තත්වයට පත් වී සිටිති. පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිතරණයේදී හෙළි වූයේ ගංජා මිටි කීපයක් ළඟ තබාගෙන සිටීම නිසා අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් වසර තුනක පමණ කාලයක් දඬුවම් කිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ සිට ඇති බවයි. ඔවුන් හැට වතාවක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති මුත් නීතිඥයන් ඉදිරිපත් කිරීමට මුදල් නොමැති වීම නිසා ඔවුන්ට ඇප ලබා දීමට විනිසුරුවරු කටයුතු කර නැත. ලංකාවේ නීතිය ඉදිරියේ දුප්පතුන් අන්ත අසරණ වන අන්දම පිළිබඳ මීට වඩා තවත් සාක්කි කුමට ද...

මදුරු මර්දනයට ගෙන එන පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි එකක්

Image
(2011 ජුලි 03,   W3Lanka )   දැඩි මුල්‍ය අර්බුදයක සිටින ලංකාවේ ආණ්ඩුව ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අසමත් වීමේ සිය බැරිකම වසා ගැනීමට හා මදුරු මර්දන ස්ථාන පවත්වාගෙන යන්නන්ට දඩ ගැසීමේ මුවාවෙන් නව ආදායම් මාර්ගයක් සකසා ගැනීම සඳහා 2007 අංක 17 දරන මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනතේ වගන්ති 14ක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. නුදුරු දිනවලදී කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කැ ගැනීමට බලාපොරොත්තු වන මෙම පනත අනුව, මදුරුවන් බෝ කරන බවට පුද්ලලයන්ට චෝදනා ඉදිරිපත් කර උසාවි ගෙන ගොස් හිරේ දමන බවට බිය වද්දා එවේලේ ම රු. 2000ක දඩයක් අය කර ගත හැකි ය. මේ ආකාරයට ඕනෑම පුද්ගලයකුට එරෙහිව දඩ ගැසීමට කරුණු සොයා ගත හැකි නිසා මෙමගින් විශාල ආදායමක් ලබා ගත හැකි වනු ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුවට පෙන්වා දී ඇති බව වාර්තා වේ. නව නීති අනුව, කිසිදු අනුමැතියකින් තොරව ඕනෑම අවස්ථාවක මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ බලතල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ කීට විද්‍යාඥයින්ට හිමි වේ. තමන්ට පළි ගැනීමට අවශ්‍ය පුද්ගලයන් මදුරු බෝ කරන්නන් ල...

මේ මදුරු මර්දනය තනිකර බොරුවකි. භීෂණය වැපිරීමකි.

Image
(2011 ජුනි 25,   W3Lanka )   මේ දිනවල මදුරු මර්දන සතියකි. තවත් භීෂණයකි. භීෂණය මදුරුවන්ට නො ව, මිනිසුන්ට ය. කට කතා පැතිර යන්නේ බල්ලකු ගෙනත් දැමූ පොල්කටුවක් තිබුණත් නඩු දමන බවටයි. වැහි පීලිවල වතුර රැඳී තිබුණත් නඩු දමන්නේ පීලි හැදූ එවුන්ට හෝ ඇල්ලූ බාස්ලාට නො ව ගෙහිමියන්ට ය. දැන් වැඩ කරන ජනතාවට සිදු වී තිබෙන්නේ වැඩට යන එක නවත්වා වත්ත වටේ, වහල උඩ ඇවිදිමින් මුර කරන්නට ය. ජාතික මදුරු මර්දන සතියේ හතර වැනි දිනයේ (23) පරීක්‍ෂා කිරීම්වලදී මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1811ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට ‍ආණ්ඩුව උදම් අනයි. දැන් බලාගෙන ගියා ම මදුරුවන් බෝ වීම තනිකර මේ රටේ ජනතාවගේ වරදකි.  මදුරුවන් බෝ වීම කෙරෙහි මිනිසුන්ගේ නො සැලකිල්ල හේතු නො වන බව අපි නො කියමු. එහෙත්, ඒ සඳහා මූලික හේතුව එය නො ව, ජනතාවගෙන් සූරා බදු අය කර ගන්නා ආණ්ඩුව සිය වගකීම් ඉටු නො කිරීමයි.  නගර හැර රටේ අනෙකුත් ප්‍රදේශවල කසල කළමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැත. කිසිදු නගරයක පවා හරිහමන් කසල කළමනාකරණයක් නැත. මදුරුවන් බෝ වීම කෙරෙහි වැඩිපුර බල පාන්නේ කසල බැහැර කිරීමේ අක්‍...

මදුරු දඟර කොම්පැනිවල සාක්කුවට වැටී මිනිසුන් මරන ලංකාවේ සෞඛ්‍ය බලධාරියෝ

Image
(2011 ජුනි 21,   W3Lanka )   මාරාන්තික ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් විනාශ කිරීම සඳහා සාර්ථක විසඳුමක්‌ ලෙස හඳුනාගෙන ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අදාළ අනුමැතිය ලබාදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රමාද කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. පසුගිය කාලයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව භාවිතා කිරීම පිළිබඳ රටේ මහා ප්‍රචාරයක් කළේ ය. බී.ටී.අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ආනයනය කරන බව කියමින් කලක් නැටූ සෞඛ්‍ය බලධාරීහු ඉන් පසු එය මේ රටේ නිපදවන බව කියමින් ඩෙඟා නැටූ හ. ඉන් පසු බී.ටී.අයි. ගැන කතා අඩු විය. ඒ ඇයි? බී.ටී.අයි. යනු Bacillus Thuringiensis Israelensis යන වදන් තුනේ මුලකුරුවලින් සැදුණු acronym එකක් හෙවත් සංකේත නාමයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ට එය Big Ticket Item එකක් හෙවත් අධික ලාභ ලැබිය හැකි සිල්ලර භාණ්ඩයක් නො වීම බී.ටී.අයි. ගැන කතා ගොළු වීමට හේතු වූ බව අපේ නිරීක්ෂණයයි. කියුබාවෙන් බැක්ටීරියාව ගෙන්වීම දිගට ම කරගෙන යන්නට නො ලැබුණේ ඊට වඩා බෙහෙවින් අඩු නිෂ්පාදන පිරිවැයකින් ලංකාවේ නිපදවන්න‍ට හැක...

ජනතාවනි, ලණු කෑවා නම් කඹ රෙමු!

Image
කඹෙන් බැඳිය යුතු එකාට කඹය දුන්නෙ අපි කසෙන් තැලිය යුතු එකාට  කසය දුන්නෙ අපි බල්ලො එක්ක ලැග මැක්කන්  හා නැගිටින අපි  ලණු කාලා රෙන්න බැරුව තටමන්නෙත් අපි  මර්වින්තුමනි, ජයවේවා!  අප කළ ගොන්කම්වලට අප ගස් බැඳ මදි ය.  මඩු වලිගෙනුත් තැලිය යුතු ය.  බදු ගෙවන ජනතාව තව තව ගස් බඳිනු! බදු මුදලින් කඹ සහ දම්වැල් මිළ දී ගනු!  You may also like to read our English blog   Lanka Polity

බැක්ටීරියාව, එන්න! අප මේ මාරක මදුරුවාගෙන් හා ඌට සහාය දෙන ආණ්ඩුවෙන් ගලවා ගන්න!

Image
(2010 ජුලි 13,  W3Lanka )  රජයේ ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් හා නිල ඇඳුම් නො ඇඳි තවත් නාඳුනන පුද්ගලයෙක් අපගේ නිවසට පැමිණ ගේ වටේ ඇවිද ගියේ කුස්සියෙන් ඉවත දැමූ පොල්කටුවක් අනෙක් පැත්ත හරවන්න යයි උපදෙස් දීලා ය. ගම්බද ප්‍රදේශයක ජීවත් වන අපට ඇති ගැටලුව වන්නේ බිම වැටුණ වියළි කෙසෙල් කොළයේ, හබරල පිත්ත හා අන්නාසි කොළය පැළයට සවි වන තැන වැනි තැන්වල ජලය රැඳීම හා එහි මදුරුවන් බෝ වීමයි. මදුරුවන් මරන්නට කියා මේ ගස් කපා දමන්නට බැරි ය.  අප ජීවත් වන ප්‍රදේශයෙන් තවමත් ඩෙංගු රෝගියකු හමු වූයේ නැත. බොහෝ ඩෙංගු රෝගීන් හමු වන්නේ හා මරණ සිදු වන්නේ රෝහල් ආසන්න පරිසරයේ ය. ඩෙංගු රෝග වාහක මදුරුවන් වැඩිපුර ජීවත් වන්නේ එම ප්‍රදේශවල ය. අනෙක් ප්‍රදේශවල එම මදුරුවන් ජීවත් වුව ද ඔවුන්ට රෝග වාහකයන් වන්නට රෝගියකු එම ප්‍රදේශයේ සිටිය යුතු ය. මේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් වාර්තාවකි. "ඉකුත් ජූලි 2 වැනිදා සිට 9 වැනිදා දක්‌වා ගත වූ සතියක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1073 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 4 ක්‌ සිදුව තිබේ. මෙම සංඛ්‍යා සමගම මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්‌වා ...

මැලේරියා මර්දනය ගැන සම්මාන දිය යුත්තේ නිමල් සිරිපාලටද? මැලේරියා මදුරුවාටද?

Image
(2010 පෙබරවාරි 19- W3Lanka )  1999දී 269,000ක් වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 2009 වන විට 486 දක්වා අඩු කිරීම පිළීබඳව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමක් ලැබී ඇති බව ඔහු පවසයි. ඒ නිසා අප ද ඔහුට ස්තුති කළ යුතු බව හා බදුලු ජනතාව ඔහු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ද ඔහු අදහස් කරනවා ඇත. එසේම ජනාධිපතිවරයාට ඊළග පාර්ලිමේන්තුවෙන් ද ඔහු ම සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමට පිළිබඳ සිත් පහළ විය යුතු යයි ද ඔහු සිතනවා විය හැකි ය.  එහෙත් ඇත්ත වශයෙන් ම මේ සම්මානය හිමි විය යුතුව තිබෙන්නේ මැලේරියා මදුරුවාට බව අපේ අදහසයි. මක් නිසා ද යත්, නිමල් සිරිපාල ඇමතිවරයා ගැසූ මදුරු තෙල් ඩෙංගි මදුරුවා සත පහකට ගණන් නොගනිද්දී ඒවා ඇ‍‍ඟේ ගාගෙන මළේ ඌ නිසා ය.  නිමල් සිරිපාලගේ මදුරු තෙල් ගැසීම හොඳ නම් 2009දී ඩෙංගි රෝගීන් ලක්ෂ තුනකට වඩා හමු වන්නේ නැත.  අපට පෙනෙන අන්දමට නම් මෙතැන ඇත්තේ මැලේරියා මදුරුවාගේ මනුස්සකමක් හෝ දුර්වලකමක් හෝ විය යුතුය. (කොහොමත් මනුස්සකම යනු දුර්වලකමක් තමා ය.)  එහෙයින් මැලේරියා මදුරුවා වහා සම්මානයක් දිය යුතුය. 

ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

Image
මදුරු උවදුර මර්දනය කිරීම සඳහා Bti (Bacillus thuringiensis israelensis) නම් බැක්ටීරියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර භාවිතා කිරීම‍ට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ වන විට ඩෙංගු උවදුර භයානක අන්දමින් රට පුරා පැතිරෙමින් ඇති අතර රෝගීන් සිය ගණනක් මිය ගොස් තිබේ. මදුරුවන් බෝ වන තැන්වලට Bti බැක්ටීරියාව යෙදූ කල එහි බීජානු මගින් නිකුත් කරනු ලබන ප්‍රෝටීනයක් මදුරු කීටයාට අවශෝෂණය වී ඌ ආහාර නොගෙන දින කීපයකින් මිය යන බව goodbug.com වෙබ් අඩවිය පවසයි. හොඳ ප්‍රතිඵල සඳහා එය නිශ්චිත කාල වකවානුවකට වරක් දිගටම යෙදිය යුතුය. මෙම බැක්ටීරියාව මිනිසාට අහිතකර නොවන මුත් එය බොන වතුර සඳහා යෙදීමට නිර්දේශ කර නැත.