රට හැර යාමේ අයිතිය ඔවුනට දිය යුතු ය

ජුලි මාසයේ අද දින දක්වා කාලය තුළ නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වන්නට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 454දෙනෙකු ඔවුන් ගමන් කළ බෝට්ටු නවයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවික හා පොලිස් සංඛ්‍යා දත්ත පවසයි. 


ලංකාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය මේ වන විට ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. එසේම, එය ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ද මතු වන්නට ඇති ඉඩ වැඩි ය. 


මෙය දෙමළ ඩයස්පෝරාව විසින් දේශපාලන උපාය මාර්ගයක් ලෙස සංවිධානාත්මකව කරන දෙයක් බව ලංකාවේ රජය පවසයි. 


එය එසේ වන්නට පුළුවන. එහෙත්, ලංකාවේ රජය තත්වය වෙනස් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද? 


සංක්‍රමණය වන්නන්ගෙන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයෝ ය. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා රජය ගත් පියවර අතිශය අප්‍රමාණවත් බව ලොවට ම ප්‍රකාශ කරන තත්වයක් මෙම සරණාගත ප්‍රශ්නය විසින් ඇති කර තිබේ. 


සංක්‍රමණය වන්නට තැත් කරන්නන් අතර සිංහලයින්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් තිබේ. මේ වනාහි රටේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයකි. 


අද වන විට ලංකාවේ සෑම සමාජ මට්ටමකම බොහෝ අය අනාගතය පිළිබඳ අනාරක්ෂිත හැඟීමකින් පෙළෙති. රට වෙළාගෙන ඇති අනීතික තත්වය හා ගැඹුරු සමාජ පරිහාණිය හමුවේ අනතුරුදායක නො වන අන්දමින් කිරීමේ හැකියාවක් ඇත්නම් මේ රට හැර යන්නට බොහෝ අය කැමති ය. 


අකැමැති පරිසරයන්ගෙන් ඈත් වීම ස්වභාවික ලක්ෂණයකි. එය හිමිකමක් ද විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. යකෝ අපිට යන්න දියව්!
    අපි හිර ගෙයකද ඉන්නේ?
    ඔන්න නිදහස් රට!!!

    ReplyDelete
  2. අනාගතයේදී මුහුදේ ගිලෙන්නට නියමිත මාලදිවයින් වැසියන්ට කොහේදෝ රටක පදිංචිය දැනටමත් වෙන් කර ඇති බව අසා ඇත.නුදුරේදීම ආර්ථික සමාජීය හා දේශපාලනිකව ගිලෙන්නට නියමිත මෙ ලක් වැසියාටද පන කෙන්ද රැක ගෙන සතුටින් ජීවත් වෙන්නට කවුරුන් හෝ රටක් එවැනි චාන්ස් එකක් එනවා නම් හොඳය.නැත්නම් මුන් බෝට්ටුවලින් වලින් ගොස් මුදේ ගිලිලාම මැරෙනවය.කවුරු කවුරුත් තම තමන්ගේ පොඩි උන්ට විදේශයක රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ටික සලසා දුනහොත් අපි නැතත් උන්වත් ජීවිතයක් සොයා ගනු ඇත.

    ReplyDelete
  3. එතකොට රට හැරල යන්නෙ ජාත්‍යන්තර මුහුදු සීමාවටද? ඒකද උන්ගෙ රට?

    ReplyDelete
  4. "සංක්‍රමණය වන්නන්ගෙන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයෝ ය. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා රජය ගත් පියවර අතිශය අප්‍රමාණවත් බව ලොවට ම ප්‍රකාශ කරන තත්වයක් මෙම සරණාගත ප්‍රශ්නය විසින් ඇති කර තිබේ.


    සංක්‍රමණය වන්නට තැත් කරන්නන් අතර සිංහලයින්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් තිබේ. මේ වනාහි රටේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයකි.
    "

    Both groups migrate because of economic reasons!!!

    Of course that can be arranged. However, what country will accept those?

    ReplyDelete
  5. @කතන්දර,

    බාගදා ආණ්ඩුව මෙහෙම කියයි,

    යන දිහාක පලයවූ,
    යන එක හරියට පලයවූ,
    තොපි මුහුදේ ගිහින් මැරුණම,
    කෙලවෙන්නේ අපට ලැබෙන ආධාරෙට!
    කොහොමටත් මේක,
    මැරෙන්න නිදහස් රට!

    ReplyDelete
  6. පනින්න නම් කැමැතියි අයියා, කව්ද අපව බාර ගන්නේ? (අනේ බලුකිස්තානෙවත් පොඩ්ඩක් ඉඩ නැත්ද අයියා!).

    ReplyDelete
  7. "පතිරූප දේස වාසෝච" කියල කියන්නේ ඕකට තමයි (ඒක මංගල කාරණයක් නේ). එහෙම නැතුව මගේ රට, මගේ ජාතිය, මගේ පිරිස කිය කියා නරකාදියේ වැටිලා ඉන්න ඒක නෙමෙයි. බුදු හාමුදුරුවෝ ඕක කියන්න ඇත්තෙත් එකලෙත් දැන් ලංකාව වගේ කාලකන්නි රාජ්‍යයන් තියෙන්නේ ඇති, ඒවායින් ඈත්වෙලා තමන්ට සුදුසු ප්‍රදෙස වලට යන්න කියල මිනිස්සුන්ට උපදෙස් දීපු ඒක තමයි. මොකද එහෙම නොකලොත් ඒ මිනිස්සුන්ට බුද්දාගමේ දර්ශනය පිළිපදින්න බෑ ඇයි දැන් ලංකාවේ මිනිස්සු විඳවනවා වගේ විඳව විඳව, කාලකන්නි පාලකයන්ට වයිර කර කර, සිතෙන් අකුසල් රැස්කරගන්න වෙන්නේ.

    අපි උදේ ඉඳන් බුදු බන අහල අහල කරන්නෙම කොහෙවත් ඉන්න මොට්ට ජාතිවාදී, ආගම්වාදී ගොබ්බයො කියන දේවල් මිසක් අපේ ජීවිතේට ගැලපෙන නිවැරදි දේ නෙමෙයි. ඒ අතින් ලංකාවේ අසදරණයට ලක් වෙච්ච, පුළුවන්කමක් තියෙන හැමෝම තැනට සුදුසු ප්‍රදේශ/රටවල් වලට යන්න උත්සහ කරන්න ඕනි. එතකොට තවත් ඒක සොමලියාවක් වගේ රටක් ඉතුරුවේවි, ලෝකේ අනිත් රටවල් කිසි අවුලක් නැතුව, තමන්ට එකතු වෙච්ච දක්ෂ වෙදගත් මිනිස්සුන්ටත් (ලංකාවෙන් ආපු) ගෞරව සහිතව ජීවත් වෙන්න පුළුවන් වේවි.

    ReplyDelete
  8. මම හිතන්නේ මේ රටේ මිනිසුන් රට හැර යාමට මුලික හේතුවක් වන්නේ මේ රටේ , නීතිය හා ඓතිවාසිකම් වගේ දේවල් හැම දෙනාටම පොදු හා සාදාරන නැති කම කියලා, අපේ කට්ටිය යන්න හදන බොහොමයක් රටවල් වල නීතිය හැම දෙනාටම පොදු හා රටේ පොලිටික්කන්ට වෙනත් නීතියක් නැහැ එම කට්ටියත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ මේවගේ හතර වටේට ආරක්ෂාව දාගෙන නැහැ අපේ උන් කරන බලු වැඩ වලට මුන්ගේ නිදන කමරවලත් ගාර්ඩ් එක ඕනේ තමා

    ReplyDelete
  9. හොරෙන් රට පනින එක අළුත් දෙයක් නෙවේ.... බෝට්ටු වලින් ඉන්දියාවට හැමදාම හොරෙන් යනව...කෝ කවුද කෑගහන්නේ... අනික ඔස්ට්‍රේලියාව දැනගන්න ඕන තමන්ගෙ බෝඩර් ආරක්ෂාකර ගන්න.
    -Gamaya-

    ReplyDelete
  10. ඉස්සර අපේ එවුන් මීගමුවෙන් බෝට්ටුවේ ඉතාලි පැන්නා. ඒ සිංහල අය. ඊට පස්සේ කැනඩා නෝවේ පනින්න පටන් ගත්තා දෙමළ අය. දැන් දැන් ඔසී පනින්න යනවා දෙගොල්ලෝම. මේ රටේ ඉන්න බැරිනම් පලයව්. ඕස්ට්‍රේලියාවට උන් ගැන බලාගන්න කියමු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා