ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් වනවාත් සමගම එක්සත් ජනපද නිලධාරියෙක් ලංකාවේ

(2009 ජුලි 24, W3Lanka) එක්සත් ජනපදයේ උවමනාව මත ප්‍රමාද කරමින් තිබුණේ යයි කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදා හැරීමට එම සංවිධානය සූදානම් වන අතරතුර එක්සත් ජනපදයේ ජනගහණ, අනාථයන් හා සංක්‍රමණය පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එරික් පී. ෂ්වාට්ස් හෙට (25) ලංකාවට පැමිණීමට නියමිත ය.  

ඔහු අවතැන් කඳවුරු බලන්නට යන බව හා රජයේ ඉහළ දේශපාලනයන් හා නිලධාරීන් ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කරන බව තානාපති ආරංචි මාර්ග පවසයි. 


2005 - 2007 සමයේ සුනාමියෙන් පසු නැවත ගොඩනැඟීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂ්වාට්ස් ලංකාව සමග කටයුතු කර ඇත. 

ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳ බටහිර සහ එක්සත් ජනපදය අසතුටින් සිටින අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් කිරීම හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලංකාවට පැමිණීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණා ලෙස සැලකිය හැකිය. 

Comments

  1. මැණික්පාම් කදවුර බලල ඒ ඉන්න ජනයා හරිම සතුටින් ඉන්නෙ කියල විතරක් නම් කියන්න එපා මහත්තයෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා