Posts

Showing posts with the label ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

අපි නො දන්න ජගත්? මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ මෙයා

Image
(2010 ජුලි 21,  W3Lanka )  යටිතල පහසුකම් ජාලය පුළුල්කොට සංවර්ධනය කිරීම සඳහා ජගත් මූල්‍ය ආයතනයෙන් රුපියල් කෝටි 11,000ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව අද දිනම්ණ පුවත්පතේ පළ වී තිබේ. මොකක්ද මේ ජගත් මුල්‍ය ආයතනය? එහෙම එකක් ගැන මීට පෙර අප අසා නැහැ නොවැ? දිනමිණ පුවත මුල සිට අගටත්, අග සිට මුලටත් ආදී වශයෙන් කියවා බැලුවද මේ ජගත් මුල්‍ය ආයතනය කුමක්දැයි ‍දැන ගැනීමට බැරි වුණා.  ඉන් පසු අපි දිනමිණේ සහෝදර පුවත්පත වන ඩේලි නිව්ස් පෙරළා මේ හරුපය කුමක්දැයි සෙව්වෙමු. අපි නො දන්න ජගත්? මේ ඉන්නේ ගෙඩි පිටින්. The government will obtain a loan of one billion US Dollars from the International Monetary Fund (IMF) for development of expressways, ports and airports. පුවත් දෙකම ලියලා තියෙන්නේ එක ම ජයසිරි මුණසිංහ. හානේ ජයසිරි, ඔයා හරිම හොරා. ඔයා මේ කියන ජගත් මුල්‍ය ආයතනය අර අපි හොඳට දන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ. හා, හා, ඔයා අපට කොළේ වහන්න නේද හැදුවෙ? හූ, හූ අපි දන්නවා ඇයි කියලා. ආණ්ඩුව අයවැය හැදුවෙ ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියටනේ. You may also like t...

අයවැයෙන් ලැබෙන දේ මෙන්න! | What will you receive from budget proposals of Sri Lanka government?

Image
(2010 මැයි 22 -  W3Lanka )  ඡන්දයක් ළඟ නැත. එහෙයින් පසුගිය ඡන්දවලදී දුන් පොරොන්දු ඉටු කරන්නට හෝ ජීවන වියදම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සලසන්නට හෝ ආණ්ඩුවට හදිසියක් නැත. මීට අමතරව, පසුගිය ඡන්දවලදී කළ වියදම් යළි ලබා ගැනීමට වැඩපිළිවෙලක් ද දේශපාලනඥයන්ට අවශ්‍ය ය. එහෙයින් ජනතාවනි, පටි තද කර ගැනීමට සූදානම් වන්න! විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ස්ථායීභාවය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා, විදේශ සංචිත මට්ටම හොඳින් තිබිය යුතු ය. විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය වැදගත් ය. සියයට 1.3ක පමණ සහන පොලියට වාරික අටකින් දෙන ඩොලර් බිලියන 2.6ක් වන මෙම ණයේ තුන්වන වාරිකය වන ඩොලර් මිලියන 326ක මුදලක් ලබා දීම සඳහා ලංකාවේ ආණ්ඩුව අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර තිබේ ද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට දූත පිරිසක් එවී ය. ඉදිරියේදී වෙන්න යන දේ පිළිබඳ ඉඟි කීපයක් ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස විසින් කොළඹදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් විය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී...

සූදානම් වන්න! මහ මැතිවරණයෙන් පසු බඩුම තමා | Get ready for more taxes and relief cuts after elections in Sri Lanka

Image
(2010 මාර්තු 07- W3Lanka )   මහ මැතිවරණයෙන් පසු රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බව දැනගන්නට තිබේ.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6ක ණය මුදල සඳහා කොන්දේසි ලෙස 2009 වසරේදී අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදනයෙන් 7%ක මට්ටමේ තබා ගැනීමට ලංකාව පොරොන්දු වූව ද, සත්‍ය අයවැය පරතරය 10%කට ආසන්න වී තිබේ. අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ‍රාජ්‍ය ආදායම් හීන වීම හා වියදම් ඉහළ යාම මෙයට හේතුවයි.  මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය මුදලේ තෙවන වාරිකය ලබා දීම අත්හිටුවා තිබේ.  ඉදිරියේදී බදු දැල පුළුල් කිරීමට හා තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට ද ලංකාව මුල්‍ය අරමුදලට එකඟ වී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.  මේ අනුව අධික බදු පැනවීම්, බඩු මිළ ශීඝ්‍රයෙන් ඉහළ යාම, තෙල්, ගෑස් හා විදුලි මිළ  ඉහළ යාම සහ සහනාධාර කප්පාදුව මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට සැදී පැහැදී සිටින මේ රටේ ජනතාවට ක්ෂණික තෑගි ලෙස ලැබෙනු ඇත.  මෙය ස්ථි...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පමා කරයි | IMF delays the loan for Sri Lanka

Image
(2010 පෙබරවාරි 26- W3Lanka )  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6 ණය මුදලේ තුන්වන කොටස ලබා දීම ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ.  එම ණය සඳහා කොන්දේසියක් වූ අයවැය පරිතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක මට්ටමකට 2009දී ගෙන ඒම සාක්ෂාත් කර ගැනීමට ලංකාව අසමත් වී තිබේ. 2009 වසරේදී රජය අයවැයක් ඉදිරිපත් කළේ නැත. එම වසර සඳහා මහ බැංකු වාර්තාව ද තවම නිකුත් වී නැත. කෙසේ වෙතත්, අයවැය පරතරය දළ දේශීය නිස්පාදිතයෙන් 9%ක මට්ටමක ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  මෙතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ලබා දී තිබෙන ණය කොටස් දෙකෙහි වටිනාකම ඩොලර් මිලියන 650ක් පමණ වේ.  ඩොලර් මිලියන 300ක් වන තෙවන කොටස මාර්තුවේදී ලැබීමට නියමිත විය. එහෙත් ඊට පෙර අරමුදල විසින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කරයි. මෙම ණය කොන්දේසි අනුව ලංකාව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මට්ටමට ගෙනැවිත් ලබන වසරේදී එය 5%ක මට්ටමේ තබා ගත යුතුය.  ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන පහකි. 2...

ඡන්දය දිනන්නත් කලින් ආණ්ඩුව රට විකිණීම අරඹයි. ගිනි පොළියට රු. කෝටි 5000ක්

Image
(2010 පෙබරවාරි 14- W3Lanka )   රජයේ වියදම් අධික ලෙස ඉහළ යාම හා ආදායම් පහත වැටීම හේතුවෙන් රජය මේ වන විට විදේශ සංචිත වියදම් කරමින් සිටින බව වාර්තා වේ. ඒ මදිවාට මැයි මාසයෙන් පසු විවෘත මුල්‍ය වෙළඳපළෙන් දස වසකින් ආපසු ගෙවීම සඳහා ඉහළ පොලියට ඩොලර් මිලියන 500ක හෙවත් රු. කෝටි 5000කට අධික ණයක් ලබා ගැනීමට ද මහ බැංකුව සැලසුම් කර තිබේ. ඒ ණය ගෙවිය යුතු වන්නේ නාමල් රාජපක්ෂ ජනාධිපති වු පසුව අනාගත පරම්පරා විසිනි. විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා පසුගිය වසරේදී රජය ජාතන්තර මුල්‍ය අරමුදලෙන් රු. කෝටි 30,000ක ණයක් ඉලිලා සිටි අතර එහි වාරිත දෙකක් මේ වන විට ලබාගෙන තිබේ 2009දී මීට අමතරව රු. කෝටි 12,000කට අධික ණය විවෘත මුල්‍ය වෙළඳපළෙන් ගිනි පොළියට ද ලබා ගන්නා ලදී. මේ ණය හැඳින්වීම සඳහා ඩොලර් බොන්ඩ්ස් වැනි සුන්දර ප්‍රයෝගකාරී වචන පාවිච්චි කිරීම ධනවාදයේ ආර්ථික විජ්ජාව වී තිබේ. එහෙත් මේවා සහ කෝපි කඩේ පොලී මුදලාලිගෙන් ඩිංගි මහත්තයලා ගන්නා ණය අතර කිසිදු වෙනසක් නැත. මෙසේ ලබා ගන්නා ණය වෙනුවෙන් ලංකාවේ අනාගත පරම්පරා උලසට තබා තිබේ. මේ ණයවලින් කරනු ලබන සංවර්ධනය යයි හැදින්වෙන කාර්යය පසුපස ප්‍රධාන වශයෙන් ම තිබෙන්...

2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහතට

Image
(2009 නොවැම්බර් 18 - W3Lanka ) 2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහත වැටෙන නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.  රජය මේ වසරේ රු. බිලියන 855ක ආදායමක් අපේක්ෂා කළ මුත් එය රු. බිලියන 115කින් අඩු වන බව ඔහු පවසයි. මෙම තත්වය ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන ආකාරයට මේ වසරේ අයවය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක් දක්වා අඩු කිරීමේ කාර්යයට ද අහිතකර ලෙස බලපායි. එකී ඉලක්කය සපුරා ගැනීමට නම් තව තවත් බදු ඉහළ නැංවීමට රජයට සිදු වේ. ඒ සමග ජීවන වියදම තවත් ඉහළ යා හැකි ය. ලංකාවේ ආණ්ඩුව ප්‍රධාන මැතිවරණවලට සූදානම් වෙමින් සිටියි.

රට ණය කරවන ප්‍රාතිහාර්ය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය

Image
අජිත් පැරකුම් ජයසිංහ විසිනි 2009 වසරේ රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රු. බිලියන 730කි. ‍එහෙත්, රජය විසින් ගෙවීමට තිබෙන ණය පමණක් රු. බිලියන 745කි. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට, කාර්ය මණ්ඩලවලට සැප දෙන්නත්, දැවැන්ත රාජ්‍ය සේවය නඩත්තු කරන්නත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි මහජන සුබසාධන සේවා පවත්වාගෙන යන්නත්, ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්නත්, දිළින්දන්ට සහනාධාර දෙන්නත්, පාරවල් වැනි යටිතල පහසුකම් නඩත්තු කරන්නත්, අලුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් මුදල් වෙනම සොයා ගත යුතු ය. ආදායමට වඩා වියදම් කරන ගෙදරක් ණය බරින් මිරිකී අන්තිමේදී බංකොලොත් වන බව කවුරුත් දනිති. එහෙත්, ලංකාවේ ආණ්ඩුව රටට කියන්නේ රජය එසේ කිරීම විශිෂ්ඨ චින්තනයක් බවයි. මන්ද, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට වියදම් අඩු කරගෙන ආදායම් හා වියදම් අතර පරතරය අඩු කර ගැනීම වෙනුවට "විචක්ෂණ මහජන මුදල් කළමනාකරණයක් ඇති කරනු ලැබේ." ටික කලකට ඉහතදී, රජයට හිතවත් දේශපාලක බෞද්ධ භික්ෂු නමක් වන ඇල්ලේ ගුණවංශ හිමි "ලෝක වෙළඳපොළේ මිළ ඉහළ යන විට ලංකාවේත් මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටද?" යි ඇ...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වූ ආකාරයට රජය රාජ්‍ය සේවය කප්පාදු කිරීම අරඹයි

Image
(2009 අගෝස්තු 06 - W3Lanka) අයවැය පරතරය අඩු කිරීම සඳහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන කොන්දේසි ප්‍රකාරව කටයුතු කරමින් රාජ්‍ය සේවය කප්පාදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් ගනු ලබමින් තිබේ. ඒ අනුව, සේවකයන් විශ්‍රාම ගැනීම හා තවත් හේතු නිසා පුරප්පාඩු වී තිබෙන තනතුරු සඳහා බඳවාගැනීමි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.  2010 වසරේ අයවැය සඳහා රජයේ එදිනෙදා වියදම් (පුනරාවර්තන වියදම්) ඇස්‌තමේන්තු කිරීමේදී දැනට පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රජයේ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. මේ අනුව ඉකුත් ජුනි 30 වැනි දිනට සිටින නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගෙන තම ආයතනවල පුද්ගල පඩි නඩි ගණනය කළ යුතු බවටද මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් කිරීමේදී අතිකාල සේවයේ යෙදවිය යුතු විශේෂිත කාර්යයන් කුමක්‌දැයි පැහැදිලිව හඳුනාගත යුතු බවද, විශේෂිත අවස්‌ථාවකදී හැර අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකළ යුතු බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මගේ රටට අයි. එම්. එෆ්. සරණයි - මගේ දැයට අයි. එම්. එෆ්. සෙවණයි

Image
(2009 අගෝස්තු 06 - W3Lanka ) මේක හරි ෂෝක් ණයක් - සියඹලා පිට්ටනිය "ඉතා පහසුම පොලී අනුපාතයකටයි මෙම සහන ණය මුදල ලබා ගෙන ඇත්තේ. ඩොලර් යුරෝ යෙන් යන මුදල් ඒකක එකතු වු පැසක් තුළ ඒ අවස්ථාවේදී ඉල්ලුමට පවතින පොලී අනුපාතයට සමානුපාතික පොලි අනුපාතයකට අනුවයි පොලිය තීරණය වන්නේ. 1.3 % ක් තමයි පළමු වාරිකයට පොලිය තීරණය වන්නේ. "දෙවන හා තෙවැනි වාරිකත් ඊට බොහෝ සෙයින් සමාන වෙනවා. ලෝකයේ පවතින පොලී අනුපාතයන් එක්ක ගත් විට මෙය ඉතා ලාබදායක පොලී අනුපාතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මාස 20 ක් තුළ වාරික 8 කිනුයි මෙම ණය මුදල අපට ලැබෙන්නේ. "මාස 20 අවසන් වෙන්නේ 2011 වසරේ මාර්තු මාසයේ. ඉන්පසුවයි මේ ණය ගෙවන්න පටන් ගන්න වෙන්නේ. මාස 20 අවසානයේ ණය සියල්ල ලබා ගත් පසුව ණය ආපසු ගෙවීම සඳහා වසරක සහන කාලයක් තිබෙනවා. එතැන් සිට (2012 සිට) වසර 4 ක කාලයක් තුළ මේ ණය මුදල ගෙවීම සඳහා කාලයක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කෙළින් ම යන්නේ මහ බැංකුවේ විදේශ සංචිතවලටයි. මෙම මුදල් සංවර්ධන කටයුතු හෝ ප‍්‍රාග්ධන වියදම් ලෙස යොදා ගත නොහැකි බවත්, යොදා ගත හැක්කේ රටේ ගෙවුම් ශේෂය තුලනය කර ගැනීමට පමණයි. විදේශ ...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්න එකඟ වූ කොන්දේසි මොනවාද?

Image
(2009 ජුලි 28 - W3Lanka) සන්ධාන ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙම ණය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වන කොන්දේසි හෙළි නොකරන ලෙස එම මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිමින් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියා සිටින්නේ යයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැදිගමදී 25දා පැවති රැස්වීමකදී පැවසීය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී එකඟ වූ කොන්දේසි අනුව, සෑම වසරකදීම හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශයේ වියදම් ද ඇතුලු රජයේ වියදම් අඩු කළ යුතු බවද රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවිය කොන්දේසි ලෙස පැහැදිලිව දක්‌වා තිබෙන බව ද ඔහු පවසයි. මෙවැනි ණය මුදලක්‌ ලබාගැනීමේදී ඊට ඇතුළත් ප්‍රතිපත්ති හා ලියකියවිලි සියල්ල පාර්ලිමේන්තුවට හෙළිකිරීම සම්ප්‍රදායක්‌ බව ද, 2001 වසරේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ණය ලබාගත් අවස්‌ථාවේදී හා 2003 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ණය ලබාගත් අවස්‌ථාවේදී ද අදාළ වෙබ් අඩවිය මගින් තොරතුරු ඉදිරිපත් කළ බව ද වික්‍රමසිංහ පැවසීය.  මීට පෙර එච්. එස්‌. බී. ස...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් වනවාත් සමගම එක්සත් ජනපද නිලධාරියෙක් ලංකාවේ

Image
(2009 ජුලි 24, W3Lanka) එක්සත් ජනපදයේ උවමනාව මත ප්‍රමාද කරමින් තිබුණේ යයි කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදා හැරීමට එම සංවිධානය සූදානම් වන අතරතුර එක්සත් ජනපදයේ ජනගහණ, අනාථයන් හා සංක්‍රමණය පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එරික් පී. ෂ්වාට්ස් හෙට (25) ලංකාවට පැමිණීමට නියමිත ය.   ඔහු අවතැන් කඳවුරු බලන්නට යන බව හා රජයේ ඉහළ දේශපාලනයන් හා නිලධාරීන් ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කරන බව තානාපති ආරංචි මාර්ග පවසයි.  2005 - 2007 සමයේ සුනාමියෙන් පසු නැවත ගොඩනැඟීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂ්වාට්ස් ලංකාව සමග කටයුතු කර ඇත.  ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳ බටහිර සහ එක්සත් ජනපදය අසතුටින් සිටින අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් කිරීම හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලංකාවට පැමිණීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණා ලෙස සැලකිය හැකිය. 

ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙලන් ණය ගන්න කොන්දේසිවලට එකඟ වෙයි

Image
(ජුලි 21, 2009 -W3Lanka) විදේශ වත්කම් හිඟ වීම පිළිබඳ හදිසි අර්බුදය පියමං කර තිබුණත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 1.9ක ණයක් ලබාගැනීම සදහා යටත් වන කොන්දේසි මාලාව ඇතුළත් 'අභිප්‍රාය ලියුම' ලංකාව විසින් අත්සන් කර තිබෙන බව මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී. පසුගිය මාර්තු වන විට ඩොලර් බිලියන 1.44ක් දක්වාද, මැයි වන විට ඩොලර් බිලියන 1.27 දක්වාද අඩු වි තිබුණු ලංකාවේ විදේශ වත්කම් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 1.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. එහෙත්, විදේශ ණය ගෙවීම සදහාත් ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහාත් අවශ්‍ය මුදල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණයක් ලෙස ලබාගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරයි. මෙම ණය ලබාගැනීම සඳහා එකග වී තිබෙන අභිප්‍රායන් රට අනුගමනය කරමින් සිටින මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූල බව මහ බැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් පුවත් සේවයට දුරකථනය ඔස්සේ ප්‍රකාශ කර ඇත. එහෙත්, එකඟ වී තිබෙන කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට මහ බැංකු අධිපතිවරයා පරිස්සම් වී තිබේ. වෙයි