අයවැයෙන් ලැබෙන දේ මෙන්න! | What will you receive from budget proposals of Sri Lanka government?
(2010 මැයි 22 - W3Lanka) ඡන්දයක් ළඟ නැත. එහෙයින් පසුගිය ඡන්දවලදී දුන් පොරොන්දු ඉටු කරන්නට හෝ ජීවන වියදම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සලසන්නට හෝ ආණ්ඩුවට හදිසියක් නැත. මීට අමතරව, පසුගිය ඡන්දවලදී කළ වියදම් යළි ලබා ගැනීමට වැඩපිළිවෙලක් ද දේශපාලනඥයන්ට අවශ්‍ය ය.
එහෙයින් ජනතාවනි, පටි තද කර ගැනීමට සූදානම් වන්න!
විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ස්ථායීභාවය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා, විදේශ සංචිත මට්ටම හොඳින් තිබිය යුතු ය. විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය වැදගත් ය. සියයට 1.3ක පමණ සහන පොලියට වාරික අටකින් දෙන ඩොලර් බිලියන 2.6ක් වන මෙම ණයේ තුන්වන වාරිකය වන ඩොලර් මිලියන 326ක මුදලක් ලබා දීම සඳහා ලංකාවේ ආණ්ඩුව අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර තිබේ ද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට දූත පිරිසක් එවී ය.
ඉදිරියේදී වෙන්න යන දේ පිළිබඳ ඉඟි කීපයක් ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස විසින් කොළඹදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් විය.
රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී එකඟ වූ කොන්දේසි අනුව, සෑම වසරකදීම රජයේ වියදම් අඩු කළ යුතු අතර රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම හෙවත් බදු ඉහළ නැංවීම කළ යුතු ය. '2009 වසරේදී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක මට්ටමේ තබාගැනීම හා 2011 වන විට එය 5% දක්වා අඩු කිරීම' ලෙස මෙය සඳහන් වේ.
එහෙත්, 2009 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේ ය. එහෙයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණයෙහි තුන්වන වාරිකය මුදා හැරීම ද අත්හිටවූයේ ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය මට්ටමට අයවැය පරතරය ගෙන ඒම සඳහා ජනතාවට කෙබඳු පීඩනයක් ඇති කළ යුතුව තිබේද යන්න සිතා ගන්නට ඔබට හැකි විය යුතු ය.
ලංකාව මෙම ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත කැමැත්ත පළ කරමින් යවන ලද 'අභිප්‍රාය ලිපියේ' මෙසේ සඳහන් වේ. "වැඩසටහන යටතේ 2009 වසරට නියමිත ආදායම් පහත වැටුණොත් හෝ වියදම් ඉහළ ගියොත් හෝ වෙනත් ජංගම වියදම් සීමා කිරීමට අපි වහා කටයුතු කරන්නෙමු. මෙයට භාණ්ඩ හා සේවා ද, පැවරුම් ද අයත් වේ. නැතිනම්, සංචිත ඉලක්කය සපුරාගැනිම පිණිස ආදායම් වැඩි කරනු ඇත."
මෙහි පැවරුම් ලෙස හැඳින්වෙන වියදම් කාණ්ඩය යටතේ මේ වසරේ රු. බිලියන 194ක් වෙන් කර ඇති අතර, එයින් රු. බිලියන 150ක් වෙන් කර තිබෙන්නේ සමෘද්ධි, පොහොර සහනාධාර සහ විශ්‍රාම වැටුප් වෙනුවෙනි. මේවා කප්පාදු නොකරන බව රජය කියයි. එසේ නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්නේ කෙසේද?
විදේශවලින් තවත් ණය ගැනීම ආණ්ඩුවේ ලොක්කන්ගේ ඔලුගෙඩිවලට වහා ඇතුල් වන අදහසකි. එහෙත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාවට සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය ලබාගැනීම ද සීමා කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන මාස 20ක කාලය තුළ ලංකාවට විදේශ ණය ලබා ගත හැක්කේ ඩොලර් බිලියන 1.7ක් පමණි.
එසේ නම් කරන්නට තිබෙන්නේ අන් කිසිවක් නොව ජනතාවට දුන් සහන කිසිවක් තිබේ නම් ඒවා කපා දැමීම හා තව තවත් බදු පනවා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත ප්‍රධානී බ්‍රයන් එයිට්කන් කියන පරිදි ආණ්ඩුව රජයේ ආදායම් වැඩි කරන්නට හා පුනරාවර්තන වියදම් කප්පාදු කරන්නට සැලසුමක් සකස් කර ඇත. "We are encouraged by the fiscal measures the government intends to implement through the next budget to increase revenue and reduce recurrent expenditure and we believe the review could be completed on this." යි හේ කීවේ ය.
ඔහු කියූ තවත් දෙයක් The Island පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය: He said some of the fiscal measures would be to adopt the recommendations of a tax commission, cut recurrent expenditure and introduce reforms to state owned enterprises. කරන්නට යන දේ වන්නේ ඍජු හා වක්‍ර බදු අය කිරීම තවත් වැඩි කිරීම, රාජ්‍ය ආයතනවල එදිනෙදා වියදම් කැපීම හා පාඩු ලබන විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවල පාඩු නැති කිරීම ආදියයි.
ඒ අනුව, ඉදිරි අයවැයෙන් ලංකාවේ රජයේ සේවකයන්ට වැටුප් වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකි ය. ඒ සඳහා දුන් මැතිවරණ පොරොන්දු සුළඟේ පාව ගිය පෙම් කුසුම් වනු ඇත. එසේ ම නිකම් ඉඳිමින් පඩි ගැනීම සඳහා රජයේ රස්සා ප්‍රාර්ථනා කරන උපාධිධාරීන්ගේ හා ඡන්දයට වැඩ කළ ලොසාලාගේ හෙවත් කිසිදු කුසලතාවක් නැති නිකමුන්ගේ ද බලාපොරොත්තු සුන් වී යනු ඇත.
නිකම් ලැබෙන පෝර ටික කුඹුරට වීසි කර කරල පැහුණ පසු කපා ගන්නට පමණක් කුඹුරට යන බහුතරය වන හොර ගොවියන්ට ද පොහොර සහනාධාරය දිගට ම ලැබේ ද යන්න සැක සහිත ය.
රජයේ ආයතනවල එදිනෙදා වියදම් කපා දැමූ පසු පසුගිය කාලයේ කැපූ අතිකාල යළි ලැබෙන්නේ නැත. වැටුප් විෂමත් ඉවත් වන්නේ නැත. අලුතෙන් බඳවා ගැනීම් සිදු වන්නේ නැත. පහසුකම් වැඩි දියුණු වන්නේ නැත. රාජ්‍ය සේවය කාර්යක්ෂම වන්නේ නැත.
එපමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා විදුලි බිල වැඩි කිරීමට සිදු වනු ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව දෙන්නට සූදානම් ණය ගන්නට සිදු වනු ඇත. ඒ සඳහා අදාළ කොන්දේසිවලට යටත් වීමට ද සිදු වනු ඇත. නැතිනම්, විදුලි බල මණ්ඩලය ගොඩගැනීමේ මුළු බර ම විදුලි පාරිභෝගිකයන් මතට පැටවිය යුතු ය.
විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය , දුම්රිය, ලංගම වැනි ආයතනවලට දේශපාලකයන් විසින් පුරවනු ලබන අන්තේවාසිකයන්ට ගෙවන පඩි හා සෙසු දූෂණවල මුළු බර ද ලංකාවේ ජනතාව සිය උර මතට ගත යුතු වනු ඇත.
ඒ මදිවාට, ජනාධිපති බදු කොමිෂමේ නිර්දේශ මත බදු ව්‍යූහය ශක්තිමත් කරන විට ධනවාදයට ආවඩන මධ්‍යම පංතික මහත්වරුනි, ඔබේ පඩිපතට ද සමාජ වගකීම බල පානු ඇත. සියයට තුන දක්වා වැඩි කරන ලද ජාතිය ගොඩනැඟීමේ බද්ද වැනි බදු තවත් වැඩි කිරීම, රටේ දැනට සිටින ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව වන 300,000 ඉහළ නැංවීම ආදී ක්‍රියාමාර්ග ගන්නා විට ඔබේ ආත්මාර්ථකාමී සුබසිහින දෙදෙරා යනු ඇත.
ඔබ මේ කරදර කන්දරාවට කර ගසන්නේ ඔබ විසින් බලයට පත් කරන ලද පල් හොරුන් කල්ලියකට රාජ්‍යය මත පිළිකාවක් සේ වැඩෙමින් රට විනාශ කිරීමට බව කල් පසු වී හෝ වටහා ගන්න. ගිය නුවණ යළි ඇද ගැනීමට ක්‍රමයක් අප සොයා ගත යුතු ය.

"... ඔබ විසින් බලයට පත් කරන ලද ..."
ReplyDeleteකොටින්ම මේ ලිපියෙන් කියන්නෙ ජනතාව පසුගිය චන්ද දෙකේ ගත්ත වැරදි තීරණ වලට දැන් වන්දි ගෙවනව, හොඳ වැඩේ, කියන එකනෙ.
එතකොට ගන්න තිබුනු හරි තීරණය මොකද්ද, ඒ "හරි" තීරණය නිසා මේ දේවල් නොවෙන්නෙ කොහොමද, වෙන මීට වඩා නරක දේවල් එතකොට වෙන්නෙ නැත්තෙ ඇයි, කියලත් කියනවද?
ඔව්, ගන්න තිබුණු හරි තීරණ තමයි සිදු වෙමින් තිබෙන දේ ගැන දැනුවත් වීම, නොරැවටීම හා වැරදිවලට විරෝධය පෑම.
ReplyDeleteජනතාවට එක හිතින් තෝරා ගත හැකි සැබෑ විකල්ප දේශපාලන ව්‍යාපාර නොතිබුණු බව ඇත්ත. එහෙම වෙලාවකදී කළ යුතුව තිබෙන්නේ තිබෙන ඒවායේ ගුණාගුණ තක්සේරු කර බැලීමයි. මේ සඳහා පාවිච්චි කළ යුතුව තිබුණේ බුද්ධිය.
එහෙම බුද්ධිමත්ව කටයුතු කළා නම්, විපක්ෂය මෙතරම් දුර්වල තත්වයකට පත් වන්නේ නැහැ. ඡන්දය දිනූ හැටියේ තමන්ට ඡනදය දුන් ජනයා අමතක කර ආණ්ඩුවට ජැක් ගසන්නට ක්‍රම හොයන රිලවුන් විපක්ෂ මන්ත්‍රීන් ලෙස පත් වන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පීඩ්ත ජනයා වෙනුවෙන් යම් හඬක් නැඟූ ජවිපෙ අතු ගෑවෙන්නට කිට්ටු තැනකට යන්නේ නැහැ.
විශේෂයෙන් ම, වැරදි කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති පුද්ගලයන් අසීමිත බලයක් සහිත පාලකයන් බවට පත් කිරීම වළක්වා ගත හැකිව තිබුණු දෙයක්.
ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්වූවා නම් පාලනයේ යම් තුලනයක් ඇති කරන්න තිබුණා. ඒත් අපේ ජනතාව කළේ මොනවද? දේශපාලකයන් සිය නිල නිවාසවල මහජන මුදලින් දුන් දන්සැල්වලින් කා දත් හාර හාරා ගොස් පටු පුද්ගල වාසි වෙනුවෙන් ඡන්දය දීමයි.
සංකීර්ණ ප්‍රශ්නවලට සරළ පිළිතුරු සොයන්න යන්න එපා. ජනතාව බුද්ධිමත් කරන්න උත්සාහ ගන්න.
අප කරන්නේ ජනතාවගෙන් සඟවන ලද කරුණු ඔවුන්ට පෙන්වා දීමයි.
මේ ලිපියේ ඇති රජයේ කටයුතු සාධාරණීකරණය කිරීම මගේ අරමුණ නොවේ. චන්ද දායකයාට මීට හොඳ තීරණයක් ගන්න තිබුනේ නැති බවයි මා සිතන්නේ.
ReplyDeleteවිපක්ෂය ශක්තිමත් වීම වැදගත් බව එක අතකින් ඇත්ත. අනිත් අතට සමානුපාතික චන්ද ක්‍රමය යටතේ සෑදුනු දුර්වල ආණ්ඩු වලට හැමදාම සිදු වුනේ බලය තියා ගන්න සුළු පක්ෂ (තොන්ඩමන්, හකීම්/අෂ්රොෆ්, ජවිපෙ, දෙමල සංධානය වැනි) වලට වඳින්න නේද? මේවායින් බහුතරය ජාතිවාදීන්.
අෂ්රොෆ්/හකීම් වරායම ඉල්ලුවෙත්, ඒක නොදී බැරි වුනෙත්, මුස්ලිම් වෙලෙන්දන්ට පහසුවෙන් රජයට ගෙවිය යුතු බදු නොගෙවා හොරෙන් බඩු පන්නාගෙන, අනිත් වෙලෙන්දන්ට සාධාරණව තරඟ කල නොහැකි වටපිටාවක් සැදෙන තුරු රජයන්ට නිහඬව සිටීමට සිදු වුනේ ඇයි?
දුර්වල ආණ්ඩු වලින් ප්‍රයෝජන ගන්නේ "රජුන් තනන්නන්". ඒ අය ජාති වාදීන්නම් රටට යන කල මොකද්ද?
දුර්වල ආණ්ඩු රැක ගැනීමේ අලුත්ම ප්‍රවණතාව අනිත් පැත්තෙ අය ඇමතිකම් දීල ගන්න එක නේද? වැඩේ වැරදි වුනත් එහෙම කරල හරි මේ ආණ්ඩුව මෙච්චර කල් රැකුනෙ නැතිනම් තාම මේ රටේ යුද්ධයක් තියෙනව නේද?
දැන් යුද්දෙ ඉවර නිසා ඒ කතාව අදට වලංගු නෑ. අනිත් අතට දැන් රජය දුර්වල නැති නිසා ඒ ක්‍රම තව දුරටත් යොදා ගන්න ඕනෙ නෑ.
කවුරු හරි කියයි වැරදි ක්‍රම නොකර ආණ්ඩුව තියා ගන්න බැරි නම් පුලුවන් කෙනෙකුට දීල පලයල්ල කියල. සීයට 47%ක් ගත්ත කෙනාට බැරි නම් සීයට 43%ක් ගත්ත කෙනා කොහොමද කරන්නෙ? ඊටත් වැඩියෙන් අර පරණ ගේම්ම දෙන්න වෙනව නේද? නැත්නම් ස්ථාවර ආණ්ඩුවක් එනකං චන්ද තිය තියා ඉන්නද?
ප.ලි. ඉහත 47/43% යනු මා සිතා මතා ඇතුලත් කල අංකයි. නමුත් සාමාය්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙකම එක වගේ ජනප්‍රිය නම් ප්‍රතිපල එන්නේ ඒ වගේයි.
"ඔව්, ගන්න තිබුණු හරි තීරණ තමයි සිදු වෙමින් තිබෙන දේ ගැන දැනුවත් වීම, නොරැවටීම හා වැරදිවලට විරෝධය පෑම."
ReplyDelete"ජනතාවට එක හිතින් තෝරා ගත හැකි සැබෑ විකල්ප දේශපාලන ව්‍යාපාර නොතිබුණු බව ඇත්ත. එහෙම වෙලාවකදී කළ යුතුව තිබෙන්නේ තිබෙන ඒවායේ ගුණාගුණ තක්සේරු කර බැලීමයි. මේ සඳහා පාවිච්චි කළ යුතුව තිබුණේ බුද්ධිය."
වහෙං ඔරෝ නැතිව, එහෙම දැනුවත් වෙලා, ගුණාගුණ තක්සේරු කරල, බුද්ධිය පාවිච්චි කළා නම්, චන්දෙ දෙන්න තිබුනෙ කාටද? කොළඹ දිස්ත්‍රික්කෙයි කියමුකො? එක උත්තරයක් දෙන්න.
This comment has been removed by a blog administrator.
ReplyDeletePlz If you can remove abov comment... its a mistake. d dnt know how it remove
ReplyDeleteඔයා උඩ ප්‍රශ්නේ අහුවෙ මගෙන් නෙමේනෙ... එතකොට දැන් ඔය කොළඹ දිස්ත්‍රික්කෙට පත්කරලා තියන බොරුකාරයො ටික පත්කිරිම හරිද කියන්නකො???
ReplyDeleteI think IMF is not an enemy. our dull politicians are doing more harm to the country than IMF. if IMF not set guidelines, terms and conditions our dumb politicians will destroy the money that borrowed doing dumb and crazy things. limiting the size and scope of the government make sense. I don't think IMF proposing high taxes on people to maintain big government you must have misinformed.
ReplyDeleteඩාක් ලෝඩ් පෙන්වා දෙන පරිදි විකල්පයක් නැති වීමත් දීර්ඝ කාලයක සිට ජනතාව විසින් වැරදි ලෙස සිය ඡන්ද වරම පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක්. දීර්ඝ කාලීනව ගොඩනැඟුණු ප්‍රශ්නවලට ක්ෂණික පිළිතුරු නැහැ.
ReplyDeleteක්ෂණික විසඳුමක් නැති වූ පලියට සුපුරුදු මෝඩකම ම නඩත්තු කළ යුතු නැහැ. එක් එක්කෙනාගේ සිට හෝ දැනුවත් වන්න උත්සාහ කළ යුතුයි. විකල්පයක් නැහැ කියලා මේ කරන දේ වර්ණනා කරන්න ගියොත් හෝ ඒවා විවේචනය කරන අය කෝ විකල්පය කිය ප්‍රශ්නය දමා ගසා නිහඬ කරන්නට උත්සාහ කළොත් සිදු වන්නේ මේ රටේ ජනතාව අඥානකමේ සාගරයේ තව තවත් ගිලී යාම විතරයි.
විකල්ප යනු මහජනතාව විසින් ගොඩනඟා ගත යුතු දේ මිස කිසියම් දේශපාලන ශාස්තෲවරයකු විසින් ප්‍රදානය කරන දෙයක් නොවෙයි.
Uditha,
ReplyDeleteNo, we can't say IMF is not an enemy of poor masses. IMF came to the rescue of the bunch of swindlers that are in power in Sri Lanka. IMF always do this to save corrupt regimes all over the world.
Although their guidelines may save economy from extravagances of the rulers, their primary aim is to adjust the economy structurally to suit the global capitalism and the local private sector.
Their conditions affect the poor. They prompt the governments to provide relief only to the businesses.
Poor masses are compelled to shoulder the burden of corrupt regimes. Is it not a crime?