ඉක්වදෝර් රජයේ ජලය පෞද්ගලීකරණය කිරීමේ තැත පරාදයි | Ecuador government's attempt to privatize water defeated

(2010 මැයි 28, W3Lankaජල සම්පත පෞද්ගලීකරණය කිරීමට හේතු වන බවට ස්වදේශික රතු ඉන්දියානු ජනයාගේ චෝදනාවට පාත්‍ර වූ පනතක් ඉක්වදෝර පාර්ලිමේන්තුවේදී පරාජය වී ඇත. 


මෙම පනත සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ඉක්වදෝර ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ. 


ඉක්වදෝරයේ මධ්‍යස්ථ වාමාංශික රජය පවසන්නේ මෙම යෝජනාව ජල සම්පත පෞද්ගලීකරණයට හේතු නොවන බවයි. එහෙත් ස්වදේශික ජනයාගේ හා ගොවීන්ගේ සංවිධාන එයට එරෙහිව වීදි බැස්සේ එමගින් ආකර කර්මාන්තකරුවන්ට හා ජල බෝතල් සමාගම්වලට ජල සම්පත සම්බන්ධයෙන් සුවිශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන බව පවසමිනි. 


පනත විසින් ම ජාතික උරුමයක් ලෙස පිළි ගනු ලැබ තිබෙන ගැමියන්ගේ පැරණි ජල කළමනාකරණ ක්‍රමවේදයන් ජාතික ජල ලේකම් කාර්යාලයේ පාලනයට යටත් කිරීම හා ජනාධිපති විසින් පත් කරනු ලබන ප්‍රධානියාට පනතෙන් තීරණාත්මක බලයක් ලැබීම ද ජනතා විරෝධයට තුඩු දුන්නේ ය. 

Comments

  1. /පනත විසින් ම ජාතික උරුමයක් ලෙස පිළි ගනු ලැබ තිබෙන ගැමියන්ගේ පැරණි ජල කළමනාකරණ ක්‍රමවේදයන් ජාතික ජල ලේකම් කාර්යාලයේ පාලනයට යටත් කිරීම හා ජනාධිපති විසින් පත් කරනු ලබන ප්‍රධානියාට පනතෙන් තීරණාත්මක බලයක් ලැබීම ද ජනතා විරෝධයට තුඩු දුන්නේ ය./

    1. ඉක්වදෝරයේ ජල ලේකම් කාර්යාලය කියන්නෙ පෞද්ගලික ආයතනයක්ද?

    2. පනත සම්බන්ධව ජනතාව තීරණය කළ යුතුය කියන්නෙ පනත පරාජය වීමක්ද?

    ඇයි මේ biased reporting?

    ReplyDelete
  2. මෙහි කිසිම biased reporting එකක් අපිටනම් නොපෙනේ. මට පෙනෙන හැටියට w3 ලංකා කීමට හදන්නේ මෙම පනත තුලින් ජලය පෞද්ගලික කරණය කිරීමට ගන්න උත්සහයක් ඇති ගොවින් ඊට විරුද්ධ වී ඈති බවකි.
    ටැබූගේ ප්‍රශ්න දෙක ගැන
    1. මෙයනම් පැහැදිලි ලෙසම biased ප්‍රශ්නයකි. ජලය පෞද්ගලිකකරණය කිරීමට ජාල ලේකම් කාර්යාලය පෞද්ගලික ආයතනයක් විය යුත්තේ මක් නිසාද? නිසැක ලෙසම එය රජයේ ආයතනයක් විය යුතුය. ජලයේ අයිතිය පෞද්ගලික අංශයට පැවරීමට බලය ඇති ආයතනයක් වීම අත්‍යවශ්‍ය වේ. මේ සරල කරුණ ටැබූට නොතෙරනවා විය නොහැක. (ඔහුට අවශ්‍ය කොක්කක් ඇද ගැනීම නම් අපට ඉන් කම් නැත.)
    2. නිසැක ලෙසම පනත ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ජනය අතට යාම , එය ඉදිරිපත් කළවුන්ගේ පරාජයක් නොවන්නේද?

    ReplyDelete
  3. @Gadfly,

    මේ සත්‍යය විකෘති කළ 'ප්‍රවෘත්තිය' පළ කිරීමෙන් W3Lanka පක්ෂග්‍රාහීව පමණක් නොව මාධ්‍ය සදාචාරයටද එරෙහිව හැසිරී ඇති අන්දම පෙන්නා දීමට දුන් අවස්ථාවට තුති.

    1. මීට මුල්වූ ආසන්නතම සිද්ධිය මැයි මාසයේ මුල ඉක්වදෝරයේ පාරම්පරික (indigenous) ජනතාව කාලයක් තිස්සේ යෝජනා වී තිබුණු ජල කළමනාකරණ පනතකට විරෝධය පෑමය. මෙය 'පෞද්ගලීකරණයක්ය' කියන්නේ ඔවුන්ය. රජය එය ප්‍රතික්ෂෙප කරයි. http://english.aljazeera.net/news/americas/2010/05/20105712310338191.html (එබැවින් එය ඉක්වදෝරයේ පාරම්පරික ජනතාවට පක්ෂග්‍රාහීව කළ වාර්තාකරණයකි.)

    2. මේ විරෝධතාව මධ්‍යයේ තත්ත්වය සමනය කිරීම පිණිස ඉක්වදෝර් රජය පාරම්පරික ජනතාව අතර 'තීරණයට බැඳිය යුතු නැති ජනමත විචාරණයක්' (a non-binding vote) පැවැත්වීමට තීරණය කොට ඇත. මෙය කිසිසේත් අදාළ පනත පාර්ලිමේන්තුවේ පරාජය වීමක් නොවේ. (http://ipsnews.net/news.asp?idnews=51504) එය පාර්ලිමේන්තුවෙන් ඉවත්ව නැති අතර පාරම්පරික ජනතාව ජනමත විචාරණයෙන් සපයන තීන්දුව භාර ගැනීමටද පාර්ලිමේන්තුවේ බැඳීමක් නැත.

    අන්තර්ජාලයේ පොඩ්ඩක් හෙව්වා නම් ඔබට මේ තොරතුරු ලැබෙන්නට තිබිණි. නමුත් අපේ රටේ වාමාංශිකයින්ගේ සාමාන්‍ය සිරිත සැබෑතතු (facts) නොව තමන්ගේ අයිඩියොලොජි එකට ගැලපෙන දේවල් පමණක් විශ්වාස කිරීමය.

    W3Lanka මේ බොරු අපට කියන්නේ අපත් ඔහුගේ පැරැණි වාමාංශික සගයින් සේ අන්තර්ජාලයේ Google පාවිච්චි කිරීමටවත් නොදන්නා කොණ්ඩේ බැඳපු චීනුන් යැයි සිතාගෙනද?

    ReplyDelete
  4. taboo සහ w3 දෙන්නම හිතං ඉන්නේ මේ වෙබ් එකේ ඉන්නේ කොණ්ඩ බැඳපු චීන්නු කියල තමයි.

    අපට නම් පේන්නේ බොලා දෙන්නටම තියෙන්නේ ගෙදර ගෑනි එක්ක නිදි වැදගන්න බැරි අවුල කියලයි.

    බොලා දෙන්නම තමන්ට ඕන විදියට ලියන ලබ්බවල් වලින් සතුටු වෙන්නේ වෙන සතුටු වෙන්න දෙයක් ළඟපාතක නැති හින්ද කියල හොඳට පේන නිසා.

    ඉස්සෙල්ල ලෙඩ සනීප කරගනිල්ලා. පස්සේ ලියන වැඩ‍ කොරපල්ලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා