ඔබේ කාරයේ වීදුරු අඳුරු නම්..... | If your car's window glasses are tinted.....

(2010 මැයි 23 - W3Lanka) මහත්වරුනි, ඔබේ රියේ වීදුරු අඳුරු කර ඇත්නම් ඔබේ රියදුරු බලපත්‍රය රථවාහන පොලිසියට දී රිසිට් පතක් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට ලැබී ඇත. රියදුරු බලපත්‍රය ආපසු අවශ්‍ය නම් හා උසාවි ගොස් දඩ කන්නට අවශ්‍ය නැතිනම්, දින 14ක් ඇතුළත ඔබේ රිය වීදුරු එළි කරගෙන පොලිසියට ගොස් පෙන්වන්න.


ඔබේ ආදරණීය ආණ්ඩුව ඔබට එසේ කරන්නේ ඔබ සංවිධානගත අපරාධ කල්ලියකට සම්බන්ධ වී අඳුරු වීදුරු ඇතුළේ දුෂ්ඨ ක්‍රියාවල යෙදීමට ඉඩ ඇති බැවිනි.


ඔබේ වාහනයේ වායු සමීකරණයට ඇතුළත සීතල කිරීමට වැඩිපුර ඉන්ධන වැය වුණාට කමක් නැත. අපි දැන් දියුණු රටක් නිසා වැඩිපුර තෙල් පිච්චිය යුතු ය. පරිසර දූෂණය කළ යුතු ය. නැතිනම් අපේ දියුණුව ලෝකයට පෙනෙන්නේ නැත.


වීදුරු අඳුරු කර ගන්නට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්න.

Comments

  1. වීදුරු අඳුරු කර ගන්නට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්න.
    I spend more than 40 k for tinted glasses just to prevent heating and saving of A/C / fuel.
    yes we have leaders who can see tomorrow.

    ReplyDelete
  2. මෙම නීතිය එතරම් පැහැදිලි නැත. මා අසා ඇති පරිදි නම් ඉදිරිපසින් හා දෙපසින් රියදුරා පැහැදිලිව පෙනිය යුතුය.

    එනම් ඉදිරිපස ප්‍රධාන වීදුරුවේ උඩින් 20% හැර එම වීදුරුවද, රියදුරු අසුන හා අනෙක් පැත්තේ වීදුරු කලු කල නොහැක. නමුත් පසුපස වීදුරු 100% නොපෙනුනත් කම් නැත. එවිට එම නීතිය වෑන්, ලොරි, හා අනෙකුත් පසුපස නොපෙනෙන සියලු වාහන හා සාධාරණ වේ.

    නමුත් දැන් කියන ආකාරයට මෝටර් රථ වලට පමනක් මෙම හෙන ගෙඩිය පාත් වී ඇත. අනෙකුත් පසුපස නොපෙනෙන වාහන වලට එක් නීතියකුත් මෝටර් රථ සඳහා තවත් නීතියකුත් පරිදි ක්‍රියාත්මක වෙයි.

    මේ හා සම්බන්ධ නිවැරදි නීතිය දන්නා අයෙකු වෙතොත් කරුණාකර මෙහි ඔබේ අදහස ලියන්න.

    ReplyDelete
  3. now what will happen is that all the vehicles tom, jack, john related to politicos and police and armed forces will , and can carry tinted glasses regardless of a permit, and rest have to remove them. Who is ordering this law, on what basis? what about darkened glasses as factory fitted? this law never had it real interpretaion, rational or enforcement. we saw time to time the law is not enforced, relaxed and not taken care of. it is just law to suprress common people. not the party oligarchy.

    ReplyDelete
  4. "ඔබේ ආදරණීය ආණ්ඩුව ඔබට එසේ කරන්නේ ඔබ සංවිධානගත අපරාධ කල්ලියකට සම්බන්ධ වී අඳුරු වීදුරු ඇතුළේ දුෂ්ඨ ක්‍රියාවල යෙදීමට ඉඩ ඇති බැවිනි."

    Why did you ignore the possibility of killing innocent pedestrians and other passengers due to the lack of visibility?

    Don't bark at every thing the government does. Use your brain and do some simple research (http://en.wikipedia.org/wiki/Window_film#Regulations_for_automotive_use) before posting. See the regulations for Australia where the conditions are somewhat comparable.

    ReplyDelete
  5. Its funny to talk about lack of visibility with regards of the tinted glasses . Then they should ban wearing sun glasses in SL too. The only thing is our government runs out of money , and people should pay it somehow .

    ReplyDelete
  6. Anonymous said just read the damn wiki page before barking!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා