Posts

Showing posts with the label කාර්

මයි කාර් මයි පෙට්‍රල්! හැබැයි බදු ආණ්ඩුවට

Image
(2011 අප්‍රේල් 26,   W3Lanka )  ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් පාවිච්චි කරන එන්ජින් ධාරිතාව වැඩි මෝටර් රථවලින් අය කරන ආනයන බදු වැඩි නො කරමින් මධ්‍යම පංතිකයන් පාවිච්චි කරන මෝටර් රථවලින් අය කරන ආනයනික බදු පමණක් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. ස්වයං රැකියා කරන්නන් හා පහළ ම මධ්‍යම පංතික කොටස් විසින් පාවිච්චි කරනු ලබන ත්‍රිරෝද රියවල ද ආනයන බදු වැඩි කර තිබේ. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු කුඩා පෙට්‍රල් මෝටර් රථ සඳහා දැනට අය කරන සියයට 95ක මුළු බදු ප්‍රතිශතය සියයට 120 දක්වාද සිලින්ඩර ධාරිතාව 1001 - 1600 වාහන සඳහා වූ සියයට 119 ක් වූ බදු ප්‍රතිශතය 128 දක්වා ද වැඩි කර තිබේ. පෙට්‍රල් හා ඩීසල් ත්‍රීරෝද රථ ආනයනයේ දී අය කරන ලද සියයට 38 ක් වූ බදු ප්‍රතිශතය ඩීසල් ත්‍රීරෝද රථ සඳහා සියයට 60 ක් පෙට්‍රල් ත්‍රීරෝද රථ සඳහා සියයට 50 ක් වශයෙන් ඉහළ දමා ඇත. මේ අනුව, දැනට රු. 1,020,000කට විකිණෙන මරුති 800 කාරයක මිළ රු. 125,000කින් පමණ ද, ඇල්ටෝ කාරයක් රු. 150,000කින් පමණ ද වැඩි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි. එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර් 1000-1600 අතර වන මධ්‍යම පංතිකයන් අතර ජනප්‍ර...

ඔබේ කාරයේ වීදුරු අඳුරු නම්..... | If your car's window glasses are tinted.....

Image
(2010 මැයි 23 -  W3Lanka )   මහත්වරුනි, ඔබේ රියේ වීදුරු අඳුරු කර ඇත්නම් ඔබේ රියදුරු බලපත්‍රය රථවාහන පොලිසියට දී රිසිට් පතක් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට ලැබී ඇත. රියදුරු බලපත්‍රය ආපසු අවශ්‍ය නම් හා උසාවි ගොස් දඩ කන්නට අවශ්‍ය නැතිනම්, දින 14ක් ඇතුළත ඔබේ රිය වීදුරු එළි කරගෙන පොලිසියට ගොස් පෙන්වන්න. ඔබේ ආදරණීය ආණ්ඩුව ඔබට එසේ කරන්නේ ඔබ සංවිධානගත අපරාධ කල්ලියකට සම්බන්ධ වී අඳුරු වීදුරු ඇතුළේ දුෂ්ඨ ක්‍රියාවල යෙදීමට ඉඩ ඇති බැවිනි. ඔබේ වාහනයේ වායු සමීකරණයට ඇතුළත සීතල කිරීමට වැඩිපුර ඉන්ධන වැය වුණාට කමක් නැත. අපි දැන් දියුණු රටක් නිසා වැඩිපුර තෙල් පිච්චිය යුතු ය. පරිසර දූෂණය කළ යුතු ය. නැතිනම් අපේ දියුණුව ලෝකයට පෙනෙන්නේ නැත. වීදුරු අඳුරු කර ගන්නට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්න.

මරුති සුසුකි ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලංකාවේ උපන් රොහාන් සපරමාදු

Image
(2009 සැප්තැම්බර් 07 - W3Lanka) ඉන්දියාවේ මරුති සුසුකි කාර් නිෂ්පාදන සමාගමේ ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද රොහාන් සපරමාදු පත් කර තිබේ.  ඇමරිකානු ජෙනරල් මෝටර්ස් ආයතනයේ වසර 23ක අද්දැකීම් තිබෙන රොහාන් සපරමාදු 1994 සිට එහි නායක සැලසුම්කරු වෙයි.   පහත රූපයේ ඇත්තේ ඔහු සැලසුම්කරණය සඳහා සම්බන්ධ වූ සැටර්න් - L කාණ්ඩයේ කාරයකි.