පුවත්පතක් නැති පත්තරකාරයකුගේ වසරක උදානය | An year of a life of a journalist without a newspaper

“It often requires more courage to dare to do right than to fear to do wrong.”
– Abraham Lincoln

නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි. 

අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන, වෙනස්කම් රැසකට බඳුන් වූ ක්‍රියාවලියක් හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත. 

මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි. ඒ සඳහා ශ්‍රමය කැප කිරීමේ ඇ‍‍ඟේ අමාරුවට හේතුව, යහපත් සමාජ වෙනසක් සඳහා විකල්ප අදහස් සන්නිවේදනය අත්‍යවශ්‍ය බව අපි දැඩි ලෙස විශ්වාස කිරීමයි. ඒ වෙනස සිදු වේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි අපේ වැඩ කොටස කරමු. 

අප මෙය ආරම්භ කරන විට මුද්‍රිත මාධ්‍යවල ඊනියා සංස්කාරකයන්ගේ ආධිපත්‍යයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, වසරක් ගත වන විට පුවත්පතක් නැති පුවත්පත් කලාවේදීන් වන අපට  මුද්‍රිත මාධ්‍ය සංස්කාරකයන්ගේ දඬුඅඬුවට අසු නොවී අදහස් ප්‍රකාශනයේ සීමිත ඉඩක් ලැබී ඇත. 

අඩුම තරමේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා ජනමත නායකයන්ටවත් විකල්ප අදහස් වෙත කිසියම් දොරටුවක් විවෘත කර දීමට අපට හැකි වී ඇතැයි අපි විශ්වාස කරමු. 

එහෙත්, අන්තර්ජාලය හරහා සිදු වන අපගේ සන්නිවේදනය දිළිඳු ජන කොටස් වෙත ළඟා කර ගත නොහැකි වීම පිළිබඳව අපි අදටත් කණගාටු වෙමු. 

එහෙත්, නව මාධ්‍යයන්ගේ අනාගතය පිළිබඳ අපි සුබවාදී වෙමු. වේලාසනින් අවදි වූ කුරුල්ලන් පහසුවෙන් ආහාර සොයා ගනු ඇත. 

අජිත් පැරකුම් ජයසිංහ,
සංස්කාරක, W3Lanka, Lanka Polity

Comments

  1. ඔබ මේ නව මාධ්‍ය අවකාශයට පිවිසීම, ඒ පිළිබඳ දැක්වූ අධිෂ්ඨානශීලීත්වය, ධෛර්යය හා උද්යෝගය ඉතා ම වැදගත්, බලපෑම්කාරී දෙයක් වූ බව මගේ හැඟීම යි.

    මේ සන්නිවේදන ව්‍යායාමය තව ම නොපිපිරූ බිජුවට වගෙයි. මුද්‍රිත/ සංස්ථාපිත මාධ්‍යයේ සීමාවන් හා නොහැකියාවන් නිසා ම අනාගතයේ දී වඩාත් පහසුවෙන් දිළිඳු හා වෙනත් අවවරප්‍රසාදිත ජනතාවන්ට පවා ළඟා විය හැකි අවකාශයක් හැටියට මෙය වැඩී ව්‍යාප්ත වීම නවත්වන්න අමාරුයි.

    ඔබේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!

    ReplyDelete
  2. /* මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි.
    */

    ආනේ ඇත්තද?
    මං හිතුවේ ඔයාට NGO සල්ලි හම්බවෙනවා කියලනේ.

    -කතන්දර

    ReplyDelete
  3. කතන්දරකාරයා,
    NGO එකක් පමණක් නොවෙයි GO එකක් වුණත් කොන්දේසි පනවන්නේ නැතිව අපේ ශ්‍රමයට ගෙවීමක් කරන්න සූදානම් නම් අපි භාර ගන්නවා. අපි සල්ලිවලට බය නැහැ. පුළුවන් නම් එහෙම තැනක් සොයා දෙන්න. ලොකු උදව්වක්.

    ReplyDelete
  4. අධිපති මතයට වෙනස් විකල්ප මතවාද සාමාන්‍යයෙන් අවධානයට ලක්වෙන්නෙ සීමිත පිරිසක් අතර.මේ නිසා විකල්ප ලෙස කල්පනා කරන අය ජයගත යුතු එක අභියෝගයක් තමන්ට සාම්ප්‍රදායිකව ඇහුම්කන් දෙන පිරිස ඉක්මවමින් පොදු සමාජය වෙත ලගා වීම.නැත්නම් මේ අදහස් දැක්වීම් එක්තරා කවයක් අතර කෙරෙන භාෂාමය සෙල්ලමකට සීමා වෙනවා.
    අදහස් ප්‍රකාශනය සදහා ප්‍රවෘත්තිමය ආකෘතිය යොදාගැනීම මේ හින්ද සෑහෙන නිර්මානාත්මක ප්‍රයත්නයක්.පසුගිය වසර කිහිපය තුල අන්තර්ජාලය සීඝ්‍රයෙන් ප්‍රභූහරනය වෙමින් තිබෙන නිසා මෙවැනි ප්‍රයත්නයක් අනාගතයේදී වඩාත් ප්‍රතිඵලදායක විය හැකියි.

    සුබ පැතුම්! - රාමචන්ද්‍ර

    ReplyDelete
  5. මගේ සුභ පැතුම්.!
    තවද මගේ බ්ලොගය http://mymrna.wordpress.com/ ආරම්භවන්නේ ඔබගෙත්.ටැබූගේ සහ බියොන්ඩ් ෆ්‍රේම් ලිපි කියවීම නිසායි.එයට මගේ ස්තුතිය.
    ඔබට ජය...!

    ReplyDelete
  6. ලෝකයේ සිදුවන සියල්ල තමා දන්නා එකම රාමුවකට කොටුකර නිගමන දෙන්නට උත්සාහ නොකරන්නේ නම් මේ ඉතා හොඳ බ්ලොග් අඩවියකි. එය ‘ප්‍රවෘත්තිමය’ අඩවියක් හැටියට වර්ගීකරණයට මම නොකැමැත්තෙමි. එහෙත් ප්‍රවෘත්ති ඉදිරිපත් ලිරීමේ ආකාරය විශිෂ්ඨයි. යමකු කියැවීමට පොළඹවන සුළුයි. අදහස් හා එකඟ නොවුවද මා තවමත් මේ බ්ලොග් එක කියැවීම දින චර්යාවේ කොටසක් කරගෙන සිටින්නේ එනිසාය සිතමි.

    මට ඇති එක් විවේචනයක් නම් කමෙන්ටුවක් ලිවීමෙන් පසුව එය පළ කර ගැනීම සඳහා අමතර විනාඩි පහක පමණ කාලයක් නාස්ති කිරීම්ට සිදු වීමයි. (මේ නිසාම මා ලියූ කමෙන්ටුව පළ නොකර ගිය අවස්ථා එමට ඇත.) මෙය OpenID නැමැති ඉලව්වකින් පමණක් කමෙන්ටු දැමීමට ඉඩ සලසා ඇති නිසා සිදුවන්නකි. සංවාදයට ඔය තරම් රිසි නම්, සින්ඩියේ බබාලා පාවිච්චි කරන ආකාරයේ මෙවන් යල් පැණ ගිය පාලන ක්‍රම භාවිතා නොකොට කමෙන්ටු පළ කිරීම සරල නොකරන්නේ ඇයි?

    - Taboo Subjects

    ReplyDelete
  7. සූභ පැතුම් තවත් චිරාත් කාලයකට මේ අඩවිය පවත්වා ගෙන යන්නට!

    අප ද නිතිපතා ප්‍රවෘතියක් දැක්මක් තුලින් කියවා ගන්නට නිබඳව එන යන තැනකි මෙය.

    ReplyDelete
  8. නොතින් ආසාවෙන් දිනපතා පුවත්පත් කියවූ මා දන් අන්තර්ජායයේ පුවත්පතක් දිගහරින්නේ සති දෙකකට වරක් පමනි.

    කලෙක දිවයින පුවත්පත අතට ගත් සැනින් ගැහෙන හදින් කසුරිගේ වට රවුම කියවූ මා ලඟදී මිතුරෙක් මා වෙනුවෙන් මිලදීගත් නිසාවෙන් ලංකාවේ මුදලින් රු. 750ක පමනක් මුදලක් වැය කල නිසාම කසුරිගේ කළු දෝංකාරය නවකතාව කියවූවේ "දේශපලකයෝ වෙනුවෙන් නිරුවතින් කඩේ යන මාධ්‍යවේදියෙකුගේ නවකතාවක්" යන අපුල සිතේ රජකරද්දී.

    මේ බ්ලොග් අඩවිය, ටැබූ, බියෝන්ඩ් ෆ්‍රේම්, සත්දින, බුමුතුරුනු, ගෝරා, රාමචන්ද්‍ර ආදිය මගේ ඒ පුවත් පවස නිවා දැමූ අඩවි බැව් පවසන්නේ එක හිතින්. . . .

    බඩගෝස්තරය වෙනුවෙන් නොව යහපත් සමාජයක් වෙනුවෙන් ලිවීමේ කාරිය ඉටුකල අඩවියක් ලෙස ඔබගේ මේ අඩවියේ සේවය සුන්දර ශ්‍රී ලංකාවක යහපත් හෙට දිනක් වෙනුවෙන් හීන මවන මා වැනි අයගේ නොමද පැසපුමට ලක්වනවා නොඅනුමානයි.

    ඔබට ජය . .

    ReplyDelete
  9. හැමෝම තමන් මුහුණ දී සටන් කර වෙනස් කල යුතු ප්‍රශ්ණ අනුන්ට පටවා නිකං ඉන්නට කාලය සොයන කාලයක,
    ඔබ
    මේ ආරම්භ කල වෙනස,
    ලස්සන ජීවිත ගොඩනගන්නට මහන්සි වී හති වැටී සිටින,
    හති වැටෙන්නට නියමිත,
    මින්සුන්ට ,
    හොද ජීවිතයක් ද,
    මනුෂ්‍යත්වය යනු උපතින් උරුම වන දෙයක් යැයි සිත එයට පින් දීමට පන්සල් යන ලාංකිකයින්ට,
    මනුෂ්‍යත්වය යනු අත්පත් කර ගත යුතු දෙයකු බැව් වටහා දෙන්නට,
    ඒ සදහා
    මනුෂ්‍ය ඇසුර වර්ධනය කල යුතු කාලයක් අප සිටින බවට ද,
    හැමදාම අපට,
    මතක් කර,
    අපගේ එදිනෙදා කථාබහ ලෝකයේ,
    වෙනසක් වෙනුවෙන්
    වෙහෙසෙන ඔබගේ මහන්සිය,
    යථාවක් වන දිනක,
    නිකං ඉදීම වෙනුවට වෙනස් කිරීම වෙනුවෙන් ඔබගේ සටන, මල්ඵල ගැනෙනු නිසැක ය.

    ReplyDelete
  10. දිගටම ලියමු එහෙනම්.

    සුබ පැතුම් !!!

    ReplyDelete
  11. i am observing you! will wait and see anyway good iuck.

    ReplyDelete
  12. i am observing you !will wait and see good iuck

    ReplyDelete
  13. Best wishes for the 1st anniversary . Keep up . We are here to read this .

    ReplyDelete
  14. නිදහසේ කොන්ද කෙලින් තියගෙන ඉන්න බරි නම් කරන්න තියෙන හොඩම දේ ඔබල ක්‍රියාත්මක කරල ඉවරයි...අපි කවදා හරි හමුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු..ඔබට ජය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා