Posts

Showing posts with the label Lanka Polity

Why military style leadership training for university students of Sri Lanka?

(May 19, 2011,    Lanka Polity )  Sri Lanka President Mahinda Rajapaksa will inaugurate the so called 'leadership and positive attitude training course' of the new intake of university students on May 23. The Ministry of Higher Education has made this course compulsory for the students. One who fails to follow this course without valid reason cannot enter into a university to follow a formal course. This condition appears to be a violation of human rights and definitely it will be raised in the courts, if enacted as per what is meant by the calling letter for this course. The ceremonial inauguration will be held with the participation of the 10,000 students that are to be taken in for the training as the first group of the batch. All 20,000 students of the 2011 batch are to be trained under the programme. They will be provided training at 28 training centers under the Defense Ministry. The duration of the training course is three weeks. Read more in Lanka Polity ...

පුවත්පතක් නැති පත්තරකාරයකුගේ වසරක උදානය | An year of a life of a journalist without a newspaper

Image
“It often requires more courage to dare to do right than to fear to do wrong.” – Abraham Lincoln නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි.  අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන, වෙනස්කම් රැසකට බඳුන් වූ ක්‍රියාවලියක් හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත.  මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි. ඒ සඳහා ශ්‍රමය කැප කිරීමේ ඇ‍‍ඟේ අමාරුවට හේතුව, යහපත් සමාජ වෙනසක් සඳහා විකල්ප අදහස් සන්නිවේදනය අත්‍යවශ්‍ය බව අපි දැඩි ලෙස විශ්වාස කිරීමයි. ඒ වෙනස සිදු වේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි අපේ වැඩ කොටස කරමු.  අප මෙය ආරම්භ කරන විට මුද්‍රිත මාධ්‍යවල ඊනියා සංස්කාරකයන්ගේ ආධිපත්‍යයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, වසරක් ගත වන විට පුවත්පතක් නැති පුවත්පත් කලාවේදීන් වන අපට  මුද්‍රිත මාධ්‍ය සංස්කාරකයන්ගේ දඬුඅඬුවට අසු නොවී අදහස් ප්‍රකාශනයේ සීමිත ඉඩක් ලැබී ඇත.  අඩුම තරමේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා ජනමත නායකයන්ටවත් විකල්ප අදහස් වෙත ...

Lanka Polity අද සිට: හිතන්නෙ පීඩිත සිංහලෙන්. ලියන්නෙ කඩ්ඩෙන්.

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) 'ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය වාර්තා කිරීම පමණයි; තීරණය ග්‍රාහකයා අතේය' කියන මිථ්‍යාව අපි පිළිගන්නේ නැහැ. ග්‍රාහකයාට ඔනෑ විදියකට පිළි ගන්න පුළුවන්. ඒත්, මාධ්‍යකරුවා හැම විටම වාර්තාකරණයේදී මැදිහත් වෙනවා. යම් සිද්ධියක් ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ මාධ්‍යකරුවාගේ තෝරාගැනීම අනුවයි. එසේම ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දී එකතු කරන හා ඉවත ලන කරුණු විසින් ග්‍රාහකයාට තීරණ ගත යුතු ආකාරය පිළිබඳ බලපෑමක් කරනවා. මේක අහිංසක වැඩක් නෙමෙයි. අපි නම් කෙළින්ම පොල්ලෙන් ගැහුවා වගේ මේ වැඩේ කරනවා. වෘත්තිකමය හෙවත් ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන අය කියාවි මේක පුවත්පත් කලාව නෙමෙයි කියලා. ඉතින් අපට මොකෝ? ඒක නෙමෙයි, W3Lankaගේ සහෝදර ඉංග්‍රීසි වෙබ් අඩවිය වන Lanka Polity (www.lankapolity.com) අද සිට විධිමත් ප්‍රවෘත්ති පළ කිරීමක් ආරම්භ කරනවා. අපේ දැක්ම එහෙමමයි. මේ තමයි ප්‍රොෆෙෂනල් නොවන ඉංග්‍රීසි පුවත්පත් කලාවේ සිංග්ලිෂ් පිටුව. හිතන්නෙ පීඩිත සිංහල විධියට. ලියන්නෙ කඩ්ඩෙන්. උදව්වක් වශයෙන් මේ ගැන අනෙක් අයටත් කියන්න.