Posts

Showing posts with the label W3Lanka

පුවත්පතක් නැති පත්තරකාරයකුගේ වසරක උදානය | An year of a life of a journalist without a newspaper

Image
“It often requires more courage to dare to do right than to fear to do wrong.” – Abraham Lincoln නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි.  අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන, වෙනස්කම් රැසකට බඳුන් වූ ක්‍රියාවලියක් හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත.  මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි. ඒ සඳහා ශ්‍රමය කැප කිරීමේ ඇ‍‍ඟේ අමාරුවට හේතුව, යහපත් සමාජ වෙනසක් සඳහා විකල්ප අදහස් සන්නිවේදනය අත්‍යවශ්‍ය බව අපි දැඩි ලෙස විශ්වාස කිරීමයි. ඒ වෙනස සිදු වේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි අපේ වැඩ කොටස කරමු.  අප මෙය ආරම්භ කරන විට මුද්‍රිත මාධ්‍යවල ඊනියා සංස්කාරකයන්ගේ ආධිපත්‍යයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, වසරක් ගත වන විට පුවත්පතක් නැති පුවත්පත් කලාවේදීන් වන අපට  මුද්‍රිත මාධ්‍ය සංස්කාරකයන්ගේ දඬුඅඬුවට අසු නොවී අදහස් ප්‍රකාශනයේ සීමිත ඉඩක් ලැබී ඇත.  අඩුම තරමේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා ජනමත නායකයන්ටවත් විකල්ප අදහස් වෙත ...

W3Lanka හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය වූ වගයි.....

Image
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය ලෙස W3Lanka ‍සම්මාන දිනූ බව නිහතමානී සතුටින් දැනුම් දෙමු.   අප සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මාණය ආරම්භ කළේ සම්මාන බලාගෙන නොව, කාලීන සමාජ-දේශපාලන සිදුවීම් පිළිබඳ ගතානුගතික ඇසින් වෙනුවට ජනතාවාදී විකල්ප නෙතකින් ද බැලීමට සමාජය උනන්දු කරන්නයි.  අපට ලැබුණු සම්මානය අප දිරි ගැන්වීමක්. දිගට ම අප සමග රැඳෙන්න.