“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

(2010 මැයි 30, W3Lankaවසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය.


උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ.


දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම නම් අගය කළ යුතු කටයුත්තකි.


යාපනයේ වෙසක් කලාපය නම් කර ඇත්තේ “යාපා පටුනයි දහම් අමාවයි” යනුවෙනි. යාපා පටුනේ මිලිටරි නොවන සාමාන්‍ය වැසියන් වැඩි දෙනා අදහන දහම හින්දු බව ද දෙවැන්න ක්‍රිස්තියානිය බව ද අමතක කළ යුතු නැත.


හමුදා බලයට යටත් අන්‍යාගමිකයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක අත්තනෝමතික ලෙස තැන තැන බුදු පිළිම තැන්පත් කිරීම, සැරසිලි කිරීම, සංදර්ශන පැවැත්වීම විසින් ප්‍රවර්ධනය කෙරෙන ආගමික සහජීවනය කුමක්ද? ඇත්තෙන් ම සිදු වන්නේ ආගමික ආධිපත්‍යය පෙන්වීමක් නොවේද?


මෙම ක්‍රියාවලින් ඇත්තෙන් ම වාසි අත් වන්නේ කාට ද?


දැන් රහසිගතව ප්‍රතිසංවිධානය වෙමින් සිටින කොටි සංවිධානයට සිංහල ආක්‍රමණයක් පිළිබඳ භීතිය විකුණමින් දෙමළ ජාතිකයන් අතර ප්‍රචලිත වීමට මේවා ආධාරක වන බව සිංහල නායකයෝ දන්නවාද?


දෙමළ ජනයා අතර යළි ත්‍රස්තවාදය ඉස්මතු වීම පිළිබඳ පාලකයන් කැමැත්තක් දක්වනවා විය හැකි ය. මන්ද, ජනතා ප්‍රශ්න විසඳීම සඳහා තමන්ට ඇති නොහැකියාව හා වංචා, දූෂණ ආදිය වසා ගැනීමට ආවරණය වන්නට ත්‍රස්තවාදය හොඳ ය.


ත්‍රස්තවාදයට දැන් දෙමළ අරගලයේදී කරන්නට පුළුවන් රෙද්දක් නැති නිසා එය ‍සේවය කරනු ඇත්තේ ඇත්තෙන් ම සිංහල පාලකයන්ටයි. එහෙත්, එයින් පීඩා විඳින්නට සිදු වනු ඇත්තේ දෙමළ හා සිංහල පීඩිතයන්ට ය.


බුදු හිමියන් අද ජීවත් වූවා නම් ආධිපත්‍යය පැතිරීමේ අරමුණු වෙනුවෙන් සිය ආගම පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විරෝධයක් දක්වනු නිසැක ය. 

Comments

  1. /*
    බුදු හිමියන් අද ජීවත් වූවා නම් ආධිපත්‍යය පැතිරීමේ අරමුණු වෙනුවෙන් සිය ආගම පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විරෝධයක් දක්වනු නිසැක ය.
    */

    බුදු හාමුදුරුවෝ හිටිය නම් මෙලහකට උන්නාන්සේ පාරිල්‍යෙය වනයේ....!!!

    ඇයි - මාවිල්ආරු, ශාක්‍ය-කෝලිත සටණින්ම කළකිරෙනවනේ.

    ReplyDelete
  2. ඇත්තෙන්ම තමන්කළ සටන් වලදී මියගිය අය වෙනුවෙන් කම්පා වූ සහ පරාජය වූ සතුරාගේ අනුගාමිකයන් වෙනුවෙන් දාගැබ් පවා තැනූ දුටුගැමුනුලා අප අගය කල යුත්තේ විසි එක්වන සියවසේ රජවරුන්ට සහ කේවට්ටයන්ට වඩා වැඩි ඉදිරි දැක්මක් සහ හර්දය සාක්ශියක් ඔවුන්ට තිබුන බැවිනි. ජනතාවගේ හැසිරීමද ඊටම නොදෙවෙනිය. ලැජ්ජා විය යුතු බොහෝ තැන් වලදී ඔව්හු ආඩම්බර වෙති.

    අපූර්ව

    ReplyDelete
  3. this kind of critizisations very important.if we can critizise among the common socitity that will be producteble

    ReplyDelete
  4. sabawa meyanam uda jaya desapalana jayak bawata pathkaragena naha.budu dahama melesa adipathya sandha pariharanaya kireema balawath akusalayak.eya wipaka denawamai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා