Posts

Showing posts with the label ආගමික

ආක්‍රමණික, ආධිපත්‍යවාදී අරමුණින් ආගමික ස්ථාන ඉදි කිරීම රජයේ පාලනයට | Sri Lanka government takes control of the construction of shrines with purposes of domination

Image
(2010 ජුනි 24,  W3Lanka )  ආගමික වශයෙන් පැනනැගිය හැකි අනවශ්‍ය මතබේද හා ගැටුම්කාරී තත්ත්වයන් වළක්‌වාලීමේ අරමුණින් අවිධිමත් අයුරින් විවිධ ප්‍රදේශයන්හි හිතුමතයේ ආගමික ස්‌ථාන ඉදි කිරීම වහාම ක්‍රීයාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරියේදී රටේ ඕනෑම ප්‍රදේශයක කුමන ආගමක හෝ නව ආගමික ස්‌ථානයක්‌ ඉදිකරන්නේ නම් ඒ සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන අයෑදුම්පත්‍රයක්‌ සම්පූර්ණ කර අදාළ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අයෑදුම්පත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ඇතිව විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසු කරුණු අධ්‍යයනය සඳහා පත් කෙරෙන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අවසර ලැබෙනු ඇති බව කියැවේ. ආගමික ස්ථාන ඉදි කිරීම වනාහි ඉතිහාසය පුරා ම ලොව හැම තැන ම පාහේ හැම විට ම අවිහිංසාවාදී ක්‍රියා නොවේ. ආගමික ස්ථාන ඉදි කිරීම පසුපස ආගමික භක්තිය මෙන් ම ආධිපත්‍යවාදී හා ආක්‍රමණික අරමුණු තිබේ. යටත් විජිත සමයේ පාලකයන්ගේ අනුග්‍රහයෙන් මේ රටේ ක්‍රිස්තියානි පල්ලි ඉදි කළේ ආක්‍රමණික අරමුණු සහිතවයි. ඒ හා ස...

“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

Image
(2010 මැයි 30,  W3Lanka )  වසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය. උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ. දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම න...

දඹර අමිල හිමි අත්අඩංගුවට ගැනීම පිටුපස විමල්?

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති පුරාවිද්‍යා විශාරද අධිකරණ සංඝ නායක පූජ්‍ය දඹර අමිල හිමියන් රිමාන්ඩ් භාරයට ගෙන යාම සදහා රැගෙන ගිය වාහනයේ සිටි පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකථනයට කතා කර විස්තර විමසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිමියන් සමග කතා කිරීමට උත්සාහ කර ඇති මුත් එහිමි එය ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.  විමල් වීරවංශ සහ දඹර අමිල හිමි කලක් දේශ ශිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයන් ලෙස එකට කටයුතු කළ අතර විමල් ජවිපෙන් වෙන් වූ පසු අමිල හිමි එම සංවිධානයෙන් වෙන් වී දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානය බිහි කර දිගට ම ජවිපෙට සමීපව කටයුතු කළේ ය. දිනමිණ පුවත්පතට අනුව, පුද්ගලයන් රවටා විවිධ රටවලට යවන බවට පොරොන්දු වී දඹර අමිල හිමියන් මුදල් ලබාගත් බවට මේ වන විට පැමිණිලි 15 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පවසයි. වංචාවට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද පොලිසිය විශ්වාසය පළ කරයි. ඒ අනුව බලන විට දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනාගතයේ එන පැමිණිලි ද ...