Posts

Showing posts with the label යුද හමුදාව

හමුදාව ඉවත් කර ගන්න සූදානමක්

Image
( 2011 ජනවාරි 18,  W3Lanka )  හමුදාව ඉවත් කර ගන්නට සැරසෙන බව වාර්තා වේ.  ඒ පසුගිය සමයේ නිදහස් කර ගත් ප්‍රදේශවලින් නම් නො වේ.  එළවළු වෙළඳාමෙනි.  එළවලූ වෙළදාම අඛණ්ඩව සිදුකිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා. හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පැවසුවේ එළවලූ වෙළදාම සමාජ සත්කාරයක් පමණක් බවයි. Bookmark, remember easily and come again   www.w3lanka.com

ආක්‍රමණික, ආධිපත්‍යවාදී අරමුණින් ආගමික ස්ථාන ඉදි කිරීම රජයේ පාලනයට | Sri Lanka government takes control of the construction of shrines with purposes of domination

Image
(2010 ජුනි 24,  W3Lanka )  ආගමික වශයෙන් පැනනැගිය හැකි අනවශ්‍ය මතබේද හා ගැටුම්කාරී තත්ත්වයන් වළක්‌වාලීමේ අරමුණින් අවිධිමත් අයුරින් විවිධ ප්‍රදේශයන්හි හිතුමතයේ ආගමික ස්‌ථාන ඉදි කිරීම වහාම ක්‍රීයාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරියේදී රටේ ඕනෑම ප්‍රදේශයක කුමන ආගමක හෝ නව ආගමික ස්‌ථානයක්‌ ඉදිකරන්නේ නම් ඒ සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන අයෑදුම්පත්‍රයක්‌ සම්පූර්ණ කර අදාළ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අයෑදුම්පත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ඇතිව විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසු කරුණු අධ්‍යයනය සඳහා පත් කෙරෙන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අවසර ලැබෙනු ඇති බව කියැවේ. ආගමික ස්ථාන ඉදි කිරීම වනාහි ඉතිහාසය පුරා ම ලොව හැම තැන ම පාහේ හැම විට ම අවිහිංසාවාදී ක්‍රියා නොවේ. ආගමික ස්ථාන ඉදි කිරීම පසුපස ආගමික භක්තිය මෙන් ම ආධිපත්‍යවාදී හා ආක්‍රමණික අරමුණු තිබේ. යටත් විජිත සමයේ පාලකයන්ගේ අනුග්‍රහයෙන් මේ රටේ ක්‍රිස්තියානි පල්ලි ඉදි කළේ ආක්‍රමණික අරමුණු සහිතවයි. ඒ හා ස...

“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

Image
(2010 මැයි 30,  W3Lanka )  වසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය. උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ. දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම න...

ලංකාවේ රාජ්‍යයේ හා සමාජයේ මිලිටරිහරණයක්

Image
(2010 පෙබරවාරි 02- W3Lanka )  පශ්චාත් යුද සමයේ ලංකාවේ රාජ්‍යයේ හා සමාජයේ ශීඝ්‍ර මිලිටරිහරණයක් කළ යුතුව ඇති බව රජයේ අවධානයට යොමු වී ඇති බව රජයට සමීප දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඉදිරි කාලයේදී යුද ජයග්‍රහණය පිළිබඳ කරුණු ප්‍රචාරය කිරීම අවම කිරීමට ද, රණවිරු උපහාර ආදිය නිල උත්සවවලට සීමා කිරීමට ද, හමුදා නිලධාරීන් රජයේ සිවිල් තනතුරුවලට පත් කිරීම අවම කිරීමට ද ආණ්ඩුව සලකා බලමින් සිටින බව දැනගන්නට ඇත. යුද්ධයෙන් පසු සමයේ මැතිවරණවලදී රණවිරුවන්ට සුවිශේෂ තැනක් දීම‍ට පාලක සන්ධානය පියවර ගෙන තිබිණි. බොහෝ සිවිල් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කරන ලදී. දැනට යුද හමුදාවේ ශීඝ්‍ර ප්‍රතිසංවිධානයක් සිදු වෙමින් ඇති අතර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට පක්ෂව කටයුතු කළ නිලධාරීන් වැදගත් තනතුරුවලින් ඉවත් කරමින් හා අනිවාර්ය විශ්‍රාම යවමින් තිබේ. දැනට මේජර් ජෙනරාල්වරුන් පස්‌දෙනෙක්‌, බ්‍රිගේඩියර්වරු පස්‌දෙනෙක්‌, කර්නල් හා ලුතිනන් කර්නල්වරු දෙදෙනකු හා කපිතන්වරු දෙදෙනෙක්‌ ද  ඇතුළු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් 14ක් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා තිබේ.  මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇති අය අතර මේජර්...

ශ්‍රී ලංකා යුද හමුදාවට දෙමළ වාර්ගික ඒකකයක්

Image
ලංකාවේ හමුදාවේ අති බහුතරයක් සාමාජිකයන් සිංහල වුවත්, එය ශ්‍රී ලංකා හමුදාව ලෙස මිස සිංහල හමුදාව ලෙස වාර්ගික අනන්‍යතාවකින් මෙතෙක් හඳුන්වනු ලැබුවේ නැත. එහෙත් රජයේ ජාතික ඒකාබද්ධතා ඇමති වන කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පවසන පරිදි ළඟදීම හමුදාවට දෙමළ රෙජිමේන්තුවක් එක් වනු ඇත.මෙය අප දන්නා පරිදි ලංකාවේ හමුදා ඒකකයකට වාර්ගික අනන්‍යතාවක් ලබා දෙන පළමු අවස්ථාවයි. කරුණා අම්මාන් සමග සිට රජයේ අතුරු හමුදා බවට පත් වූ හිටපු කැරැළිකරුවන් 900ක් ‍යුද හමුදාවට බඳවාගැනීම මේ දිනවල සිදුවෙමින් ඇති බවද, 600ක් දැනටමත් බැඳී අවසන් බවද කරුණා අම්මාන් මාධ්‍යවලට කීවේය.  මීට කලින්ද හමුදාවට වතුතරයෙන් හා මුස්ලිම් ජනයා අතරින් පිරිස් සුවිශේෂ කොට බඳවා ගනු ලැබූමුත් වෙනම හමුදා ඒකක එකී වාර්ගික කණ්ඩායම් නමින් ගොඩනඟනු ලැබුවේ නැත.