පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම | Piyumi Boteju's wedding in the temple and true Buddhism

ළා දළු බෝ පත්
සෙමින් සැලෙන සේ 
(2010 මැයි 12 - W3Lankaපියුමි බොතේජු නිළියකි. සුන්දර කාන්තාවකි. ඇය හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන බවට කට කතා පැතිරිණි. එහෙත් පසුගිය දිනෙක ඇය විවාහ වුණේ වෙනත් අයකු සමගයි. 


අප ඇය පිළිබඳව කතා කරන්නේ මේ කිසිවක් නිසා නොව, ඇය විවාහ වුණේ කොළඹ ගංගාරාම පන්සලේදී නිසා ය. එහෙත්, පන්සලකදී විවාහ වූ පළමු යුවල ඔවුහු නොවෙති.


නළුවකු වන අමිත්ත වීරසිංහ විවාහ වුණේ ජනාධිපති මන්දිරයේදී ය. එවකට පැවති ආරක්ෂක තත්වය නිසා ඔහු වැනි පුද්ගලයෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණීම අනතුරුදායක බැවින් 'උඹ මෙහේදි බැඳපන් කොල්ලෝ' යයි ජනාධිපතිතුමා යෝජනා කරන්නට ඇත. 


රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් සිටිත් නම් හා වයස නිසි නම් ද, කලින් බැන්ද කසාදයක් තවමත් නීත්‍යනුකූල නැතිනම් ද යුවලකට ඕනෑ නම් අතුරක් උඩදී වුව කසා ද බැඳීමේ තහනමක් නැත. 


පන්සලේදී කසාද බැඳීම පිළිබඳ අපේ කිසිදු වි‍රෝධයක් නැත. අද කාලේ ඇතැම් පන්සල්වල සිදු වන දේ දෙස බැලූ විට යුවලක් විවාහ වීම සඳහා පන්සල තෝරා ගැනීම අහිංසක ක්‍රියාවකි. එහෙත්, මෙවැනි දේ සිදු වන වාතාවරණය සැකසෙන්නේ කුමන අන්දමින්දැයි විමසා බැලීම රසවත් ය. 


කතෝලිකයන් සම්ප්‍රදායිකව ම විවාහ වන්නේ පල්ලියේදී ය. යුවලක් විවාහ කරවීම සඳහා අවශ්‍ය නීතිමය බලතල කතෝලික පූජකවරුන්ට තිබේ. එම බලතල පන්සල්වල හාමුදුරුවන්ට ද දෙන ලෙස ඇතැම් අය ඉල්ලා සිටිති. කතෝලික පූජකවරුන්ට රිය පැදවීමට බලපත්‍ර ලබා ගැනීමට ඇති අයිතිය තමන්ට ද ලැබිය යුතු බව ඇතැම් භික්ෂූහු ඉල්ලා සිටිති. මේ කිසිවකට අපේ විරුද්ධත්වයක් නැත. 


මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති. පෝ දා සිල් ගෙන පසුදා ද නිවාඩු බැවින් කා බී ඔලු බක්කන් හා චොකා බයිලා නටා ප්‍රීති වෙති. 


19වන සියවස අගභාගයේදී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම වැනි ව්‍යාපාරවල අනුග්‍රහයෙන් ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වූ සියුම් ප්‍රතිසංස්කරණය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව දක්නට හැකි ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණ ගෙඩි පිටින් ම බෞද්ධ සංස්කෘතියට එබ්බීමේ බලහත්කාරිත්වයක් එහි ඇති බවයි. 


ක්‍රිස්තියානිය දෙස බලාගෙන බෞද්ධ සමාජය හැඩගැස්වීම කෙතරම් සියුම් අන්දමින් කර තිබේදැයි බැලීම සඳහා පැරණි සිංහල සාහිත්‍යයේ  බෞද්ධයන් ආගම ඇදහූ අන්දම අධ්‍යයනය කිරීම හා වර්තමාන තත්වය සංසන්දනය කර බැලිය හැකි ය. 


පන්සලේ කසාද බැඳීම බෞද්ධ සමාජය ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමේ උච්ච ස්ථානයකි. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි බටහිරයන් විසින් මේ සඳහා මුල පුරා දෙනු ලැබූ අතර දැන් බෞද්ධයන්ට ඇන්දීම සඳහා මහන්සි වීමේ උවමනාවක් බටහිරට නැත. අන්න රෙද්ද කියා පෙන්නූ සැණින් එය කපාගෙන, මසාගෙන, ජනතාව ගොනාට අන්දා තමන්ට වාසි ලබා ගන්නට සමත් නායක පිරිසක් බෞද්ධයන්ට සිටිති. මොවුන්ගෙන් දැඩි ලෙස අනතුරට පත් වී ඇත්තේ සැබෑ බුද්ධ දේශනාවයි. 


සම්ප්‍රදායික ආගමික සංස්ථාවෙන් තෘප්තිමත් නොවන කිතුණුවන් වෙනුවෙන් ඉවැන්ජලික සේවාවන් බිහි වද්දී ඒවා කොපි කරමින් ලංකාවේ ඇතැම් අසපු වාසී, දුඹුරු සළු අඳින, පවුඩර් ගණින්නාන්සේලා ඉවැන්ජලික බුද්ධාගමක් බිහි කරගෙන ඇත. 


ආගම් අතර සංස්කෘතික හුවමාරුව කිසිවකුට වැළැක්විය නොහැකිය. ලංකාවේ ක්‍රිස්තියානිය ද බුදු දහමින් නොමඳ ආභාසයක් ලබා ඇත. අහිංසක ලෙස සිදු වන එවැනි සංස්කෘතික හුවමාරුවල කිසිදු වරදක් අපි නොදකිමු. 


එහෙත් අප විරුද්ධ වන්නේ ඇතැම් බෞද්ධ නායකයන් මේ සියල්ල කරන්නේ ලංකාවේ සුළුතර ආගම් සතුරා කරගෙන, බිල්ලකු මවා පා ජනතාව බියවද්දමින් පටු පුද්ගල වාසි වෙනුවෙන් වීමටයි. 


මේ වෙසක් සමයේ සැබෑ බෞද්ධයන්ට කළ හැකි කාර්යයක් වන්නේ සැබෑ බුද්ධ දේශනාව කුමක්දැයි සොයා බැලීමයි. 

Comments

  1. "මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති."

    What is wrong with these acts for Buddhist laymen. ....

    If the Jesus Christ can come to India and copy the eastern-philosophies what is wrong with adopting these simple things by SL Buddhists. According to your argument Christians should be ashamed of the Christmas, which was an adaptation of the pagan festival "Saturnalia". (http://en.wikipedia.org/wiki/Saturnalia#Christmas)

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් හෝටල් වල නම් විවාහවන යුවළට මධුසමය ගත කරන්න කාමරයක් නොමිළේම හරි වැඩිපුර සුළු මුදලකට හරි දෙනවා.

    පන්සල්වලටත් බැරිද මේ සත් කාර්යය පටන් ගන්න?

    ReplyDelete
  3. ඒ ඒ පලාතට අනුව ආගම විතරක් නෙවෙයි තව තව දේවල් වෙනස් වීම සාමාන්‍යයි. McDonnalds වල මැක් රයිස්, KFC අකුරු තුනේ බුරියානි තියෙන්නෙ ලංකාවෙ විතරනෙ.

    මුහුදුබඩ කතෝලික පල්ලියකුයි, ගෙදර ඉංග්‍රිසී කතා කරන අය යන එංගලන්ත සබා පල්ලියකුයි අහසට පොලොව වගේ වෙනස්. කතෝලික පල්ලිය පන්සලක් වගේ. දොර ජනෙල් වල කැටයම් වල ඉඳං පාදිලි තුමාගේ භාෂාව දක්වා.

    හැබැයි ලියුම්කරු කියන්නේ මේ වගේ ආගමක් ප්‍රදේශය, රට අනුව වෙනස් වීම ගැන නෙවෙයි. ආගමක්, වෙනත් ආගමක් අමු අමුවේ කොපි කරමින් එකට එක කිරීම ගැනයි. ඒ ගැන මාත් බොහෝ දුරට එකඟයි.

    හැබැයි, මොන රටේ වුනත් සමහර දේවල් වෙනස් විය යුතු නෑ. McDonndals/KFC වල මොන තරම් ප්‍රාදේශීය කෑම තිබුනත් මූලික වට්ටෝරුව වෙනස් කරන්නැත්තේ මේ දේ තේරුමෙ ගෙන ඇති නිසයි. උදාහරණයක් ලෙස කිසි පන්සලක බුදුන්ට පසුපස හරවන වත් පිළිවෙත් සුදුසු නැති බවයි මා හිතන්නේ.

    මේ ලියුමට අගේට ගැලපෙන කතාවක් මෙතන තියනවා. පින්තූර ටිකත් බලන්නකෝ.

    ReplyDelete
  4. ලිපිය කියවගෙන යද්දි "මධුසමය" ගැන අදහස ඔළුවට ආවා. බලද්දි ටැබූ ඒක ගැන කමෙන්ට් එකක් දාලා.

    (මුන්ට මතක් වෙන්නේම ඕකනේ.... සොරි හොදේ)

    ReplyDelete
  5. "හැබැයි ලියුම්කරු කියන්නේ මේ වගේ ආගමක් ප්‍රදේශය, රට අනුව වෙනස් වීම ගැන නෙවෙයි. ආගමක්, වෙනත් ආගමක් අමු අමුවේ කොපි කරමින් එකට එක කිරීම ගැනයි. ඒ ගැන මාත් බොහෝ දුරට එකඟයි."

    Sending Wesak greetings and singing Wesak Bhakti Gee are just adaptation of popular practices of Christianity in SL Buddhist Practice that associate the youth in to Buddhist religious activities. It is not one to one copy as the author suggested and not a harm to the fundamental Buddhist message. It is like the compilation of "Jathaka Katha Potha" in 13-14 centuries, to get laymen involved with the religion where there is a serious attack from other religions. That is how the Buddhism has been protected in SL although it was faded away in India. What the authors and the commenter failed to understand is that Buddhist philosophy distinguishes the practice for monks and laymen to be different.

    However, the example given here (http://www.colombopage.com/archive_10A/May12_1273602849CH.php) indicate inappropriate practice due to the lack of knowledge of the participants. The seniors monks should have corrected this.

    ReplyDelete
  6. @SL ඔවු, ඔවු, සමහර හොඳ දේ කොහෙන් වුනත් ගත්තට ඒකෙ වරදක් නෑ. අර පිට්ස්බර්ග් පන්සලේ වුනත්, ක්‍රිස්තියානි පරිසරයක හැදුනු අය පන්සලට එනකොට ඒක සීයට සීයක්ම අපේ ගමේ පන්සල වගේ වෙන්න ඕනෙ නෑ. ඒ අයට පල්ලි පුරුදු නිසා ඒවාගෙ සමහර දේ (ගෘහ නිර්මාණ ශිල්පය, භාෂාව වගේ), පන්සලට ගෙනාවට වරදක් නෑ, නුපුරුදු බව අඩු වෙන්න. මුහුදුබඩ රෝමානු කතෝලික පල්ලි පන්සල් බලාගෙන හදල තියෙන්නෙත් ඒකනෙ. හැබැයි එතන නම් පැහැදිලිවම සීමාව ඉක්මවා ගිහිල්ල.

    මං "අමු අමුවේ" "එකට එක කරනවා" කියන එක කියුවෙ ඒකයි. වෙසක් භක්ති ගීත වලට මාත් බොහොම කැමතියි.

    ReplyDelete
  7. තව සීන් තියෙනවා. අර උඩට වීදුරු තියල වයින් දාන්ව වගේ කිරි දානව.
    කේක් කපනව වගේ කිරිබත් කපනව (කිරිබත් සාමාන්‍යයෙන් අම්ම කුස්සියෙදිමනෙ කපන්නෙ ). හෙන පච වැඩ ගොඩයි. ඔය ගොඩක් පිස්සු වැඩ කරවන්නෙ ගෑනු තමයි මිනිහව කුලප්පු කරල.

    ReplyDelete
  8. ඔව් ටැබූ වගේ මෝඩයෙක්නම් කැමතිවෙයි බුදුගේ ඇතුලෙ මධුසමේ ගතකරන්න....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා