Posts

Showing posts with the label Buddhism

ජනප‍්‍රිය බණ හා දුෂ්කථා ගැන | On popular Bana preachings

Image
(2010 ජුනි 26,  W3Lanka   අජිත් පැරකුම් ජයසිංහ) යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තො පරේසං ධම්මෝ දේසති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්ථාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යූං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති . මහණෙනි, යම් භික්ෂුවක් මාගේ ධර්මය ඇසුවහොත් හොඳය, අසා පැහැදුණහොත් හොඳය, පැහැදීමෙන් යුතුව සත්කාර උපකාර කළහොත් හොඳය යන අදහසින් කරන ධර්ම දේශනාවක් වෙත්නම් එය අපිරිසුදු දේශනාවකි. (අංගුත්තර නිකාය, කස්සප සංයුතය) ‘චරථ භික්ඛවෙ චාරිකං - බහුජන හිතාය - බහුජන සුඛාය‘ යි බුදු රජාණන් වහන්සේ ධර්ම ප‍්‍රචාරය සඳහා නික්මෙන සංඝයාට දුන් උපදේශය සර්වකාලීනය. සංවර්ධනයේ මායාවෙන් මුසපත්ව, වියරු රංගනයක යෙදී සිටින වත්මන් ලෝකයට මොහොතකට නැවතී ජීවිතය දෙස ආපසු හැරී බැලීමට, සිත් සනසා ගන්නට, යථාර්ථය පසක් කරගන්නට ධර්ම දේශනාවක් මහෝපකාරී වේ. ලෝකය දියුණු වන්නට, වන්නට පන්සල් කරා ඇදී එන ජනයා වැඩි වන්නේද, ධර්ම දේශනාවලට සවන් දීමට ජනයා වැඩි වැඩියෙන් රැස් වන්නේද ඒ නිසාය. එහෙයින් ධර්මය දේශනා කරන්නා හට පැවරී තිබෙන කාර්යභාරය සුළුපටු එකක් නොවේ. ඔහු ජීවිත වෙනස් කරන්නෙකි. ලෝකයට අලූ...

පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම | Piyumi Boteju's wedding in the temple and true Buddhism

Image
ළා දළු බෝ පත් සෙමින් සැලෙන සේ  (2010 මැයි 12 -  W3Lanka )  පියුමි බොතේජු නිළියකි. සුන්දර කාන්තාවකි. ඇය හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන බවට කට කතා පැතිරිණි. එහෙත් පසුගිය දිනෙක ඇය විවාහ වුණේ වෙනත් අයකු සමගයි.  අප ඇය පිළිබඳව කතා කරන්නේ මේ කිසිවක් නිසා නොව, ඇය විවාහ වුණේ කොළඹ ගංගාරාම පන්සලේදී නිසා ය. එහෙත්, පන්සලකදී විවාහ වූ පළමු යුවල ඔවුහු නොවෙති. නළුවකු වන අමිත්ත වීරසිංහ විවාහ වුණේ ජනාධිපති මන්දිරයේදී ය. එවකට පැවති ආරක්ෂක තත්වය නිසා ඔහු වැනි පුද්ගලයෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණීම අනතුරුදායක බැවින් 'උඹ මෙහේදි බැඳපන් කොල්ලෝ' යයි ජනාධිපතිතුමා යෝජනා කරන්නට ඇත.  රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් සිටිත් නම් හා වයස නිසි නම් ද, කලින් බැන්ද කසාදයක් තවමත් නීත්‍යනුකූල නැතිනම් ද යුවලකට ඕනෑ නම් අතුරක් උඩදී වුව කසා ද බැඳීමේ තහනමක් නැත.  පන්සලේදී කසාද බැඳීම පිළිබඳ අපේ කිසිදු වි‍රෝධයක් නැත. අද කාලේ ඇතැම් පන්සල්වල සිදු වන දේ දෙස බැලූ විට යුවලක් විවාහ වීම සඳහා පන්සල තෝරා ගැනීම අහිංසක ක්‍රියාවකි. එහෙත්, මෙවැනි දේ සිදු වන වාතාවරණය සැකසෙන්නේ කුමන අන්දමින්දැයි විමසා බැලීම ර...