ආණ්ඩුවේ නීති, ව්‍යවස්ථා සංශෝධන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවේ | Legal and constitutional reforms of Sri Lanka government not for democracy

(2010 මැයි 05 - W3Lankaආණ්ඩුවේ නීති හා ව්‍යවස්ථා සංශෝධනවල පදනම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම නොව ‍පටු පෞද්ගලික අභිමතාර්ථ හා ආර්ථික අරමුණු ඉටු කර ගැනීම බව පෙන්නුම් කරමින් තිබේ.


මෙහිදී රටේ සියලු ප්‍රශ්නවලට මුල යයි පසුගිය කාලයේ ආණ්ඩුවේ දේශපාලකයන් විසින් ම හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට එහි සුළු සංශෝධන කීපයක් කරමින් ඇතැම් බලතල වැඩි කර ගැනීමට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.


ඒ අනුව, කරන්නට යන මූලික සංශෝධනයක් වන්නේ විධායක ජනාධීපති ධුරයේ සිටිය හැකි කාල සීමාව දෙවාරයක් ලෙස පනවා ඇති සීමාව ඉවත් කිරීමයි. මේ අනුව, අද වන විට විධායක ජනාධීපති ධුරයේ බලතල හා රාජ්‍ය බලය පාවිච්චි කරමින් විපක්ෂයට ඇති අවස්ථා අහිමි කරමින් මැතිවරණ තරග කර ඒවා ජය ගන්නා ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය පුත් නාමල් රාජපක්ෂ යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් ම ජනාධිපති පදවිය දැරිය හැකි වනු ඇත.


මේ අතර හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම පසුපස පවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් කිරීමේ  උවමනාවක් නොව, සංචාරක කර්මාන්තය වැනි අංශ දියුණු කිරීමට බාධාකාරී වන හදිසි නීති ඉවත් කිරීම බව ආණ්ඩුවේ දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ම කියති.


ගෘහ මූලිකයන් විසින් සිය නිවෙස්හි පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් පොලිසියට හෝ ආරක්ෂක අංශවලට බාරදෙනු ලැබීම සඳහා පනවා තිබූ රෙගුලාසි, නිවාස කුලියට ලබාදීමේදී හෝ යම් පුද්ගලයෙකු නිවසක නතර කර ගනිද්දී හෝ ඔවුන්ගේ තොරතුරු පොලීසිය හෝ ආරක්ෂක අංශවලට හෝ ලබාදිය යුතු බවට පනවා තිබූ රෙගුලාසි හා අනවසරයෙන් නිවාස හා ඉඩම්වලට ඇතුල්වීම සඳහා ආරක්ෂක අංශවලට ලබාදී තිබූ අවසරය ද හදිසි නීති රෙගුලාසිවලින් ඉවත් කිරීම මේ සඳහා නිදසුන් වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා