සංචාරක ව්‍යාපාරයෙන් උණවටුන වෙරළ තීරයේ පරිසරයට හානි Unwatuna beach damaged by tourist industry

(2010 මැයි 06 - W3Lankaගාල්ලේ උණවටුන යද්දෙහි මුල්ල මුහුදු තීරය දෙස් විදෙස් පිරිස්වලට දියයට ඇති ස්වභාවික සොඳුරුභාවය හා ප්‍රදේශයේ ගිලී ඇති නැව්වල කොටස් පෙන්වීමේ මුහුදු පතුල නැරඹීමේ සංචාරක වැඩපිළිවෙළක් ව්‍යාපාරික වශයෙන් සාර්ථක මට්ටමකින් පවත්වාගෙන යන ස්ථානයකි.


මුහුදු පතුලට නොගිය නවක පිරිස් පුහුණු කර ගැඹුරු මුහුද දක්වාම ගෙන යන කිමිදුම් සංචාරක ව්‍යාපාර එහි තිබේ.


දැන් එහි අලුතෙන් ම ව්‍යාප්ත වෙමින් පවතින විනෝදංශයක් වන්නේ අධිවේගී තුවක්කුවලින් වෙඩි තබා මසුන් දඩයම් කිරීමයි. සංචාරකයන්ට මෙම විනෝදාංශය සඳහා පහසුකම් සැපයීම වැඩි මුදලක් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. මේ සඳහා භාවිතා කරන තුවක්කු නීති විරෝධී ගිනි අවි වන අතර ඒවා ලංකාවට ගෙන්වා ඇත්තේ ද නීති විරෝධී ලෙස බව ප්‍රදේශවාසීහු පවසති.


කලක සිට ම ඩයිනමයිට් භාවිතා කර මසුන් මැරීම සිදු වන මෙම ප්‍රදේශයෙහි කොරල් පර ඇතුළු ස්වාභාවික පරිසරය වේගයෙන් විනාශ වෙමින් පැවතීම නිසා මෙම මුහුදු තීරය ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම කෙරෙහි දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා