Posts

Showing posts with the label සංචාරක

රජයේ ඉඩම් විකුණා ෂෝක් කිරීම / Sri Lanka government selling land to run thamashas

අනූ නම, පනස්, තිස් අවුරුදු පදනම් මත රජයේ ඉඩම් අක්කර 2000ක් පෞද්ගලික අංශයට බදු දීමට රජය සැලසුම් කර ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දිවයින පුවත්පත පවසයි.  සංචාරක, කෘෂිකර්ම, විදුලි ජනන ආදී ව්‍යාපෘති සඳහා මෙම ඉඩම් ලබා දෙන බව වාර්තා වේ.  කොළඹ නගර සීමාවේ ඉඩම් කට්ටි කීපයක් ද සංචාරක ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයට දෙන්නට යන බව ද එම වාර්තාවේ සඳහන් වේ.  දැන් මේ ආණ්ඩුව ෂෝක් කරන්නේ ඔන්න ඔය වගේ ඕවිටි කෑලි පවා විකුණා දමමිනි.  කොළඹ වතු ටික සුද්ද කර ගත් විට තවත් විකුණන් කෑ හැකි ඉඩම් කෑලි ටිකක් අත්පත් කර ගත හැකි වනු ඇත. ඒකත් විකුණන් කෑ පසු ඊළඟට කරන්නේ කුමක් ද?  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

රජය ගාලු මුවදොර ඉඩම් චීනයට විකුණයි

Image
( 2011 ජනවාරි 16,  W3Lanka )  "ගාලූමුවදොර පිටියට මුහුණ ලා තවත් දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා. හොංකොං හි ෂාන්ග‍්‍රි - ලා හෝටල් සමූහය ගාලූමුවදොර අභියස කාමර 500ක සුපිරි තරු හතේ පන්තියේ හෝටලයක් ඉදිකිරීමට මීට පෙර ගිවිස ගත්තා. නව හෝටල් ව්‍යාපෘතිය ඉදිකරන්නේ, චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන සහ අපනයන සංස්ථාවයි. එය තරු පහේ හෝටලයක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්. නව ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වැය කිරීමට අපේක්ෂිතයි. ගාලූ මුවදොර ආසන්නයේ නව සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් විකිණීමෙන් පමණක් රජය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 250කට අධිකයි. මේ අතර, ගාලූමුවදොරට මුහුණ ලා පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ හිමිකරුවන් විසින් එහි තවත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්." ඉහත සදහන් වුණේ රජයට සම්බන්ධ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම්.හි 2011 ජනවාරි 15දා විකාශය වූ පුවතකි.  ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට මුල් වූ ප්‍රධාන හේතුවක් වන්නේ භූමියේ අයිතිය හෙවත් ඉඩම් පිළිබඳ කාරණයයි. මෙම ප්‍රශ්නය පැන නැඟුණේ 1940, 50 දශකවලදී ...

අයිෆා (IIFA) හින්දි සිනමා සම්මාන උළෙලේ නාස්තියේ තරම | Massive waste behind IIFA-2010

Image
අත් දිගු කරගෙන සිටින අය කියන්නේ 'මෙයා තමයි ජාතියේ පුතා' කියා ද?  ( 2010 සැප්තැම්බර් 12,  W3Lanka )  අයිෆා (IIFA)  හින්දි සිනමා සම්මාන උළෙල වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් දරන ලද වියදම පමණක් රු. මිලියන 475කි. එහි අනුග්‍රාහකයන්ගෙ න් ලද මුළු ආදායම රු. මිලියන 10.6ක් පමණි. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනයි. ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.  මේ වනාහි ආරක්ෂාව වැනි කාරණාවලට ගිය වියදමට අමතරව ය. මෙම සම්මාන උළෙල වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය නවිකරණය, පාරවල් හැදීම හා කාණු සුද්ද කිරීම, කොළඹ සිඟන්නන්ගේ ඔලුවලට කළු ගල් ගෙඩි අතහැර බිය වද්දා පළවා හැරීම, පේමන්ට් කඩ කැඩීම හා පැල්පත් වාසීන්ගේ නිවාස කඩා ඔවුන් පළවා හැරීම වැනි 'සංවර්ධන' කටයුතු ද කෙරිණි.  මේ සියල්ල අවසානයේ සම්මාන සඳහා නිර්දේශ වී සිටි හින්දි සිනමා නළු-නිළියන් හා ශිල්පීන් 84ක් අතරින් සම්මාන උළෙලට පැමිණියේ 38ක් පමණි. උළෙලේ සන්නාම ප්‍රවර්ධක ලෙස කටයුතු කළ අමිතාබ් බච්චන් පවා උළෙල වර්ජනය කළේ ය....

සංචාරක ව්‍යාපාරයෙන් උණවටුන වෙරළ තීරයේ පරිසරයට හානි Unwatuna beach damaged by tourist industry

Image
(2010 මැයි 06 -  W3Lanka )  ගාල්ලේ උණවටුන යද්දෙහි මුල්ල මුහුදු තීරය දෙස් විදෙස් පිරිස්වලට දියයට ඇති ස්වභාවික සොඳුරුභාවය හා ප්‍රදේශයේ ගිලී ඇති නැව්වල කොටස් පෙන්වීමේ මුහුදු පතුල නැරඹීමේ සංචාරක වැඩපිළිවෙළක් ව්‍යාපාරික වශයෙන් සාර්ථක මට්ටමකින් පවත්වාගෙන යන ස්ථානයකි. මුහුදු පතුලට නොගිය නවක පිරිස් පුහුණු කර ගැඹුරු මුහුද දක්වාම ගෙන යන කිමිදුම් සංචාරක ව්‍යාපාර එහි තිබේ. දැන් එහි අලුතෙන් ම ව්‍යාප්ත වෙමින් පවතින විනෝදංශයක් වන්නේ අධිවේගී තුවක්කුවලින් වෙඩි තබා මසුන් දඩයම් කිරීමයි. සංචාරකයන්ට මෙම විනෝදාංශය සඳහා පහසුකම් සැපයීම වැඩි මුදලක් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. මේ සඳහා භාවිතා කරන තුවක්කු නීති විරෝධී ගිනි අවි වන අතර ඒවා ලංකාවට ගෙන්වා ඇත්තේ ද නීති විරෝධී ලෙස බව ප්‍රදේශවාසීහු පවසති. කලක සිට ම ඩයිනමයිට් භාවිතා කර මසුන් මැරීම සිදු වන මෙම ප්‍රදේශයෙහි කොරල් පර ඇතුළු ස්වාභාවික පරිසරය වේගයෙන් විනාශ වෙමින් පැවතීම නිසා මෙම මුහුදු තීරය ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම කෙරෙහි දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

ස්මෝල් මිරැකල් ලොකු කරන්න දැන්වීම් දාන්න විතරක් නන්දනට ලක්ෂ අටයි

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය සමයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ලංකාවේ සංචාරක ලර්මාන්තය ලෝකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකසන ලද Sri Lanka Small Miracle යන ප්‍රචාරක පාඨය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය පතික්ෂේප කළ නව සංචාරක ඇමති ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඒ සඳහා පාඨයක් යෝජනා කරන ලෙස මහජනයාට දැනුම් දීම සඳහා රු. ලක්ෂ අටක් පමණ වියදම් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.  ලෝකය පුරාම මෙවැනි වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතුවලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර ඒවා පිළිබඳ මහජනතාව දන්නා රෙද්දක් නැත. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය විකුණන්නේ ලංකාවේ ගම්වල ගොයියන්ට නොව විදේශිකයන්ටය.  ඇමති නන්දන ගුණතිලකගේ අදහස වන්නේ වෙළඳ නාම ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් නොකළ යුතු බවයි. එහෙත් දැන් එම ඇමතිවරයාම ඊළඟ ඡන්දයෙන් ගොඩ ඒම සඳහා තම නම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවමින් සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංචාරක කර්මාන්තය එම කර්මාන්තයේ උන්නතියට අහිතකර අදහස් දරන මාක්ස්වාදී ඇමතිවරයකුට භාර දීම හේතුවෙන් ...