Posts

Showing posts with the label Unawatuna

සංචාරක ව්‍යාපාරයෙන් උණවටුන වෙරළ තීරයේ පරිසරයට හානි Unwatuna beach damaged by tourist industry

Image
(2010 මැයි 06 -  W3Lanka )  ගාල්ලේ උණවටුන යද්දෙහි මුල්ල මුහුදු තීරය දෙස් විදෙස් පිරිස්වලට දියයට ඇති ස්වභාවික සොඳුරුභාවය හා ප්‍රදේශයේ ගිලී ඇති නැව්වල කොටස් පෙන්වීමේ මුහුදු පතුල නැරඹීමේ සංචාරක වැඩපිළිවෙළක් ව්‍යාපාරික වශයෙන් සාර්ථක මට්ටමකින් පවත්වාගෙන යන ස්ථානයකි. මුහුදු පතුලට නොගිය නවක පිරිස් පුහුණු කර ගැඹුරු මුහුද දක්වාම ගෙන යන කිමිදුම් සංචාරක ව්‍යාපාර එහි තිබේ. දැන් එහි අලුතෙන් ම ව්‍යාප්ත වෙමින් පවතින විනෝදංශයක් වන්නේ අධිවේගී තුවක්කුවලින් වෙඩි තබා මසුන් දඩයම් කිරීමයි. සංචාරකයන්ට මෙම විනෝදාංශය සඳහා පහසුකම් සැපයීම වැඩි මුදලක් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. මේ සඳහා භාවිතා කරන තුවක්කු නීති විරෝධී ගිනි අවි වන අතර ඒවා ලංකාවට ගෙන්වා ඇත්තේ ද නීති විරෝධී ලෙස බව ප්‍රදේශවාසීහු පවසති. කලක සිට ම ඩයිනමයිට් භාවිතා කර මසුන් මැරීම සිදු වන මෙම ප්‍රදේශයෙහි කොරල් පර ඇතුළු ස්වාභාවික පරිසරය වේගයෙන් විනාශ වෙමින් පැවතීම නිසා මෙම මුහුදු තීරය ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම කෙරෙහි දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.