බලය අත දරන්නන් බලය විසින් මෙහෙයවෙනවා වෙනුවට බුද්ධිය විසින් මෙහෙයවිය යුතු ය | Those who wield power must be governed not by power but by brainpower

(2010 මැයි 13 - W3Lankaලංකාවේ ඇමතිවරු විශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් රාජ්‍ය ආයතනවලින් වැඩි හරියක් තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ අතයි. ජනාධිපතිගේ තවත් සොහොයුරකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද රජයේ ප්‍රබල ම චරිතයකි. 


නාමල් රාජපක්ෂ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුව ද ඔහු ඇමතිවරුන්ට වඩා ප්‍රබලයෙකි. අමාත්‍යංශ අධීක්ෂණය කරන්නට ඔහු යන්නේ ඔහු ජනාධිපතිගේ පුතා නිසා ය. පසුගිය දිනෙක කලම්බු පේජ් වෙබ් අඩවියේ සඳහන් වූ අන්දමට ඔහු ජාතියේ පළමු පුතා හෙවත් ෆස්ට් සන් ය. 


ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙන මෙහි පළ වන ඡායාරූප බලන්න. මෙවැනි සේයා රූ හා වීඩියෝ දැන් අපට නිතර දකින්නට ලැබේ. නිලධාරීන් කරුණු පැහැදිලි කර දෙන්නේ පළමු පුතාට ය. ඇමතිගේ මුහුණේ තිබෙන අසරණ පෙනුම බලන්න. 


එහෙත්, අප මහත් සද්භාවයෙන් පාලකයන්ට පෙන්වා දෙන්නට කැමති කරුණක් ඇත. මේ ඇමතිවරු ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක බලයේ සිටියදී ඇයට සැලකූ අන්දම හා ඇය බලයෙන් ගිලිහුණු පසු ඇයට සැලකූ අන්දම ඔබට මතක තිබෙනවා නිසැක ය. 


එබැවින් සැම දා බලයේ සිටිය හැකි අන්දමින් වැඩ කරන්න. නැතිනම් ඔබ මුහුණ දෙන තත්වය චන්ද්‍රිකා මුහුණ දුන් තත්වයටත් වඩා කණගාටුදායක වනු ඇත. 


බලය අත දරන්නන් බලය විසින් මෙයෙවෙනවා වෙනුවට බුද්ධිය විසින් මෙහෙයවෙනවා නම් කාගේ කාගේත් අනාගතය සුබ වනු ඇත. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා