Posts

Showing posts with the label Sri Lanka cabinet

බලය අත දරන්නන් බලය විසින් මෙහෙයවෙනවා වෙනුවට බුද්ධිය විසින් මෙහෙයවිය යුතු ය | Those who wield power must be governed not by power but by brainpower

Image
(2010 මැයි 13 -  W3Lanka )  ලංකාවේ ඇමතිවරු විශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් රාජ්‍ය ආයතනවලින් වැඩි හරියක් තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ අතයි. ජනාධිපතිගේ තවත් සොහොයුරකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද රජයේ ප්‍රබල ම චරිතයකි.  නාමල් රාජපක්ෂ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුව ද ඔහු ඇමතිවරුන්ට වඩා ප්‍රබලයෙකි. අමාත්‍යංශ අධීක්ෂණය කරන්නට ඔහු යන්නේ ඔහු ජනාධිපතිගේ පුතා නිසා ය. පසුගිය දිනෙක කලම්බු පේජ් වෙබ් අඩවියේ සඳහන් වූ අන්දමට ඔහු ජාතියේ පළමු පුතා හෙවත් ෆස්ට් සන් ය.  ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙන මෙහි පළ වන ඡායාරූප බලන්න. මෙවැනි සේයා රූ හා වීඩියෝ දැන් අපට නිතර දකින්නට ලැබේ. නිලධාරීන් කරුණු පැහැදිලි කර දෙන්නේ පළමු පුතාට ය. ඇමතිගේ මුහුණේ තිබෙන අසරණ පෙනුම බලන්න.  එහෙත්, අප මහත් සද්භාවයෙන් පාලකයන්ට පෙන්වා දෙන්නට කැමති කරුණක් ඇත. මේ ඇමතිවරු ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක බලයේ සිටියදී ඇයට සැලකූ අන්දම හා ඇය බලයෙන් ගිලිහුණු පසු ඇයට සැලකූ අන්දම ඔබට මතක තිබෙනවා නිසැක ය.  එබැවින් සැම දා බලයේ සි...

ආසියාවේ ආශ්චර්යය හදන කැබිනට්ටුව සම්බන්ධීකරණයට වෙන ම ඒකකයක් | A unit to coordinate Sri Lanka's Ministries

Image
(2010 අප්‍රේල් 26 -  W3Lanka  )  අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කරයි. පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ඉහළ අගයක් ගෙන තිබූ අතර ඒ නිසාම විවිධ අමාත්‍යාංශවලට සමගාමී විෂයයන් බෙදා වෙන් කිරීමේ ගැටලු පැන නැගී තිබුණු බව ද ඔහු පවසයි. නව ඇමැතිවරුන්ට අදාළ විෂයය පථ වෙන් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කෙරේ. පසුගිය රජයේ ඇමතිවරුන් බොහොමයක් කටයුතු කළේ ඇමතිකම යනු දිවයින කතුවැකියේ කියන ආකාරයට 'බිරිඳට, මස්‌සිනාට, දූ දරුවන් යනාදීන්ට තම පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ රැකියා සහ රථ වාහන ලබාදීම, රැකියා අවස්‌ථා රුපියල් ලක්‌ෂ 2 බැගින් විකිණීම, කොමිස්‌ ගැසීම, ටෙන්ඩර් පාස්‌ කරදීම යනාදිය' සඳහා අවස්ථාවක් ලෙසයි. ආසියාවේ ආශ්චර්යය නිර්මානය කිරීම සඳහා පත් කර තිබෙන මෙම ඇමති මණ්ඩලය කාර්යක්ෂම කිරීම සඳහා තව පියවර රැසක් අවශ්‍යව තිබේ.

එපා වාහෙලාට ඇමතිකම් බෙදූ හැටි ගැන තවදුරටත් | How Sri Lanka President gave powers to his unwanted battalion

Image
දැන් එකත් කලින් එක වගේ ම වේවිද? (2010 අප්‍රේල් 25 -  W3Lanka  )  එපා වාහෙට හොදි බෙදන්නා වාගේ යයි ප්‍රස්ථා පිරුළක් තිබේ. තමන් සමග සහවාසයේ සිටි පිරිමියා වයස්ගත වීම, අබල දුබල වීම හෝ වෙනත් හේතුවක් මත එපා වූ කල හුදෙක් යුතුකම ලෙස සලකා ගැහැනිය ඔහුට සලකන්නේ ඒ සැලකිලි එපා වන පරිද්දෙනි. හොදි බෙදනවා නම් බෙදන්නේ එක්කෝ බතට මදි වන්නටයි. නැතිනම් පල්ලෙන් බේරෙන්නයි. මහින්ද රාජපක්ෂ පාලනය ඇමති තනතුරු දීමේදී කටයුතු කර තිබෙන්නේ ද ඒ අන්දමට ය.  පවුල ඇතුළේ පවා කැපිලි ය. චමල් කතානායක ධුරය නම් බලය නැති ඊනියා ගෞරවාන්විත තනතුර භාර ගැනීමට කැමැත්තක් දක්වා නැත. අයියලා මල්ලිලා අතර දැන් මෙවැනි කාරණා ගැන කෙළින් කතා අඩු අතර මේ ප්‍රශ්නය විසඳා දී ඇත්තේ නංගිලා දෙන්නා මැදිහත්ව සංවිධානය කළ භෝජන සංග්‍රහයකදී ය. අවසානයේ චමල්ට තිබුණු වරාය හා ගුවන් සේවා ඇමතිකම අහිමි විය. චමල්ට පමණක් නොව, එය ඉලක්ක කරගෙන සිටි බැසිල්ට ද එය හිමි වූයේ නැත. එහෙත් බැසිල්ට දුන් ආර්ථික සංවර්ධන ඇමති ධුරය බලවත් තනතුරකි. ජනාධිපති අත තබාගෙන සිටින ප්‍රබල ඇමති තනතුරු පහේ ආරක්ෂක හැර අන් අමාත්‍යංශවල නිල නොවන ඇමති වන්නට නාමල්ට කදිම අවස්...

ඇමති මණ්ඩලයෙන් කැපුණ කැපී පෙනෙන චරිත | Notable omissions from Sri Lanka's cabinet

(2010 අප්‍රේල් 24 -  W3Lanka  )  අලුත් ඇමති මණ්ඩලයෙන් හැලුණ වඩාත් ම කැපී පෙනෙන චරිතය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් ය. ආරංචි හැටියට නම් ඔහු වැදගත් අමාත්‍යංශයක් ඉල්ලා තිබෙනමුත් ආණ්ඩුව එය දෙන්නට කැමති වී නැත. ඇමති මණ්ඩලයේ වාමාංශික බෙලි තැපීමක ප්‍රතිඵලයක් ලෙස එක් මන්ත්‍රීවරයෙකු පමණක් මහජන ඡන්දයෙන් තේරුණ කොමියුනිස්ට් පක්ෂයට ඇමති තනතුරක් හා නියෝජ්‍ය ඇමති තනතුරක් හිමි වී තිබේ. ඩිව් ගුණසේකර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිකමේ ද චන්ද්‍රසිරි ගජධීර මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති තනතුරේ ද දිවුරුම් දුන්නේ මහජන ඡන්දයෙන් එක් මන්ත්‍රී අසුනක් දිනූ සමසමාජ පක්ෂයට අවස්ථාව අහිමි කරමිනි. කොහොමද සමාජවාදය? කැපී ගියේ හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණයි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයන බව පෙන්වීම සඳහා පත් කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය හොබවමින් රජයේ යුද ව්‍යාපෘතියට උර දුන් පුද්ගලයෙකි.  තාවකාලිකව හෝ සරත් අමුණුගමට ඇමතිකමක් දීමෙන් වැළකී සිටීමට අවස්ථාව මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටියේ නැටූ සවුදමෙන් මහින්ද...

අලුත් ඇමති මණ්ඩලය ගැන ගැඹුරින් | A deep analysis on the new cabinet

(2010 අප්‍රේල් 23 -  W3Lanka  )  ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නේ ය. ඇමතිවරු සංඛ්‍යාව අඩු වී තිබේ. එහෙත්, බොහෝ අමාත්‍යංශ ද බලතල හැලී, කෙට්ටු වී තිබේ. වැදගත් ම විෂය කීපයක් වන මුදල් හා සැලසුම්, ආරක්ෂාව, වරාය හා ගුවන් සේවා, මහාමාර්ග කෙළින් ම ජනාධිපති අතේ ය. ජනාධිපතිවරයාගේ නම ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ලෙස සඳහන් වන්නේ නැතිමුත් දැනට එම විෂය පවතින්නේ ද ජනාධිපති අතේ ය. ජනාධිපති පුත් නාමල් රාජපක්ෂට මේ අමාත්‍යංශ හැසිරවීම හරහා අනාගත රාජ්‍ය නායකත්වයට පුහුණුව ලබා ගත හැකි වනු ඇත. ඊළගට වැදගත් ම කොටස් ටික එකතු කර ආර්ථික සංවර්ධන නමින් අලුත් අමාත්‍යංශයක් හදා එය ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂට දී ඇත. මෙමගින් ප්‍රායෝගිකව රජයේ දෙවන ස්ථානය බැසිල් රාජපක්ෂට හිමි වේ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු පත් කරන්නට තරම් විශාල එකකි. එනම් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රංජිත් සියඹලාපිටිය හා  මුත්තු සිවලිංගම් ය.  නාමික දෙවැන්නා වන අගමැති දි.මු. ජයරත්නට බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ පිහිට ය. පසුගිය සමයේ සෞඛ්‍ය ඇමති වූ නිමල් සිරිපාල ද සිල්වා ලද අපකීර්තිය ලබා ගැනීම ...

කැබිනට් මණ්ඩලය තෝරන්න අපෙන් යෝජනා | Proposals to select cabinet of Ministers of Sri Lanka

Image
කැබිනට් එකක පිංතූරයක් (2010 අප්‍රේල් 12 -  W3Lanka )  ජනාධිපතිතුමා මේ දිනවල අනාගත කැබිනට් මණ්ඩලය තෝරමින් සිටින බව කියනු ලැබේ. එතුමන්ගේ කල්පනාවට ගැනීම සඳහා අපි පහත සඳහන් යෝජනා කීපය කරන්නෙමු. අගමැති - නාමල් රාජපක්ෂ (අනාගතේ ජනාධිපති කරන්න ඉන්න නිසා කොළේ වහල ගහන්න ඕනැ නැහැනෙ. දැම්ම ම දීලා දැම්ම නම් ඒකත් හරිනෙ.) බැසිල් රාජපක්ෂ - ජාතිය ගොඩ ගැනීමේ ඇමති (එතුමා නැතිනම් ජාතිය ගොඩ ගන්න ඉන්නේ වෙන කවුරුද?) උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය මර්වින් ද සිල්වා (ආචාර්ය කෙනෙක්නේ.) වනිතා කටයුතු ඇමති - දුමින්ද සිල්වා (අනර්කලී පළාත් සභා මන්ත්‍රිනියගෙන් අහන්න.)  විමල් වීරවංශ - සංස්කෘතික ඇමති (සීගිරිය බලන්න යන්න දෙන්න.)  චම්පික රණවක - ආරක්ෂක ඇමති (හුග දෙනෙක් නොදන්නව වුණාට මෙයා තමයි යුද්දෙ කළේ. යුද්දෙ ගැන පොතකුත් ලියලා තිබෙනවා.)  එස්.බී. දිසානායක - අධිකරණ ඇමති (හිටපු අග විනිසුරු එක්ක පරණ කේස් එකකුත් තියෙනවනේ.)  සජින් වාස් ගුණවර්ධන - විදේශ ඇමති (එතුමා මිහින් ලංකා බිම දැම්මට එතුමන්ගේ ම කියලා ගුවන් යානාත් ගත්තානේ. ඒවයින් රට යන්න පුළුවන්.)  ...