හැරීගෙ ගුණ වයන එවුන්‍ට හෙට වෙන්නෙ තමන්ගෙ රටේ ම සුද්දන්ගෙ වහලුන් වෙන්න | Those who praise Harry will have to be slaves in their own land

ලස්සන ජංගියේ කැත කතාව
(2010 මැයි 17 - W3Lanka"හැරී ඉන්න කාලෙ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නියමයි; කාර්යක්‍ෂමයි. ආණ්ඩුවෙ කාර්යාලයක් වගේ නෙවෙයි. ආයෙ එනවනං ලොකු දෙයක්."


"කවුරු මොනව කිව්වත් හැරී නියමෙට රක්ෂණ සංස්ථාව හැදුව. ඒක නැහැ කියනවනම් කරුණා කරල හේතු ඉදිරිපත් කරන්න. හැමදාම දුප්පත් මිනිස්සුන්ට නිකන් කන්න දිදී ඉඳල මේ රට දියුනු කරන්න බැහැ."


"ගෝලීය ධනවාදය ගැන නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙ කුහකකම පිලිබද ප්‍රශ්නයක්."


මේ ඊයේ අප වෙබ් අඩවියේ මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස මැයෙන් පළ වූ ලිපියට ලැබුණු ප්‍රතිචාර තුනක්. හැරී ජයවර්ධන හොඳ සමාගම් කළමනාකාරවරයකු වෙන්න ඇති. එහෙත්, රක්ෂණ සංස්ථාව පිළිබඳ ඇති ප්‍රශ්නය වන්නේ ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෙතරම් හොඳින් පාලනය කළාද යන්න නොව, ඔහු එය මිළ දී ගත් ආකාරය කෙතරම් සාධාරණ ද යන්නයි.


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යනු මහජනයාගෙන් අය කළ බදු මුදල් ප්‍රාග්ධනය ලෙස යොදා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසාය අතරින් ලාභ ලැබු ආයතනයක්. එය විකුණා දමන විට එය නඩත්තු කිරීම සඳහා තව දුරටත් මහජන මුදල් යෙදවුණේ නැහැ.


හැරී එය මිළ දී ගත්තේ කුණු කොල්ලෙට. එය ලාභෙට විකිණීම සඳහා මිලින්ද මොරගොඩ ඇතුළු ඇමතිවරු ගණනාවක් සම්බන්ධයි. මෙහිදී සිදු වූ අත යට ගනුදෙනු පිළිබඳ ඔවුන් දන්නවා ඇති.


ඔබේ පවුල ආදායම් ලැබූ පොල් ඉඩමක් පවුලේ දේපල බලා කියා ගන්නා ලොකු අයියා විසින් වෙනත් අයකු සමග අත යට ගනුදෙනුවක් කර තමන් ලොකු ගානක් කපා ගනිමින් කුණු කොල්ලයට විකුණා දැමුවා නම්, ඔබ කතා කරන්නේ පවුලට සිදු වූ අසාධාරණය ගැනද? නැතිනම්, වත්ත අලුතෙන් මිළ දී ගත් පුද්ගලයා පොල් ගස්වලට පෝර දමන හැටි ගැනද?


ගෝලීය ධනවාදය සමග අපට ප්‍රශ්නයක් නැහැ කියන අය දැන ගත යුතු කාරණයක් තමයි, ලංකාව ගෝලීය ධනවාදයට ගොදුරු වන්නේ බටහිර රටවල වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් තුළ නොවේ ය යන්න. ලංකාවට ගෝලීය ධනවාදය එන්නේ හැරීලා, මොරගොඩලා හරහායි.


'රාජපක්ෂ ආණ්ඩුවෙ කුහකකමට' වඩා ප්‍රශ්නයක් මෙතැන තිබෙනවා. ඒ තමයි, ලංකාව වැනි පරිවාරයේ, ඒ කියන්නේ ලෝක ආර්ථිකයේ අගු පිලේ තිබෙන රටවල ධනවාදයේ ආවේණික ස්වභාවය. මෙවැනි සංදර්භයන්හිදී ගෝලීය ධනවාදයේ දේශීය ඒජන්තයන් විසින් නිර්මානය කරන්නේ ඉතා ම කොල්ලකාරී වටපිටාවක්. උදාහරණයක් ලෙස දැන් ක්‍රියාත්මක ඇඟලුම් කම්හල්වල තත්වය බලන්න. කම්කරුවන්ට දෙන වැටුප කීයද? සියලු දීමනා, අතිකාල ආදිය සමග දිනකට රු. 500යි. මේකෙන් ලංකාවට සමෘද්ධිය ලැබෙනවාද? එක කම්කරුවෙක් දිනකට එක යට ඇඳුමක් පමණක් මහනවා ය කියා උපකල්පනය කළත්, මෙතැන තිබෙන ශ්‍රම කොල්ලයේ තරම හිතා ගන්න පුළුවන්. (මෙතැන යට ඇඳුම් කියන්නේ ලංකාවේ මිනිස්සු නොසෝදා අඳින ජොක්කු හා ජංගි නොවන බව ගණන් හදන විට දැනගන්න.)


ඔබ ධනවාදියෙක් නම්, ටැබූ සබ්ජෙක්ට් වගේ මේක ධනවාදය නොවෙයි වෙනින් මගුලක් ය කිය කියා කණ කහ කහ නොඉඳ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා යහපාලනය වෙනුවෙන් හෝ සටන් කරන්න.


මේක වර්ණනා කරන මෝඩයන්ට හෙට වෙන්නේ තමන්ගේ ම රටේ සුද්දන්ගේ වහලෙකු වෙන්න. සුද්දා කියන වචනය ජාතිවාදී අර්ථයකින් ගන්න එපා. මෙතන සුද්දා කියන්නේ හම සුදු එකාට නෙමෙයි. ප්‍රාග්ධනය අරගෙන එය හිඟ තැන්වලට යමින් දිළිඳු ජාතීන් සූරා කා ලාභය බටහිර දියුණු රටවලට ගෙන යන ධනවාදී ව්‍යාපාරිකයාට.

Comments

  1. ඔව්, මම හැරී හොඳයි කිව්ව තමයි. ඔබ "මෙතන සුද්දා කියන්නේ හම සුදු එකාට නෙමෙයි" කිව්ව වගේ මාත් ඉන් අදහස් කලේ. රාජ්‍ය ව්‍යවසාය කලමණාකරනය පමණක් පෞද්ගලීකරණය කළ යුතුය යන අදහසින්. ඒක කරපු උන් ගසා කෑවට ක්‍රමයට බැනල වැඩක් නැහැ.

    ඔබ තියෙන ක්‍රමයට බනිනවා මිස එයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට විසඳුම රාජ්‍ය ව්‍යවසාය නම් එයට දිය හැකි පිලිතුර වන්නේ, ලොකුම හොරු සහ ගසා කන්නන් ඇත්තේ රාජ්‍ය අංශයේ බවයි. කෝටි ගනන් පාඩු ලබන සුදු අලි වැනි රාජ්‍ය ආයතන වල හොරකන් වලට මූලිකම හේතුව "අවිධිමත් කලමණාකරණය" බවයි මගේ හැඟීම නම්.
    එක්කො මුලු රාජ්‍ය අංශයම "රණසිංහ ප්‍රේමදාසකරණය" කළ යුතුයි, එනම් හොඳ දෙයක් ආරම්භ කරන විට එයට විරුද්ධ වන උන් අල්ලා අතුරුදහන් කර වීමයි. නැත්නම් කලමනාකාරීත්ව පෞද්ගලීකරණයයි.


    මේ දෙකෙන් එකක් තෝරා ගන්නා එක අපේ අභිනව රජතුමාට බාරයි.

    රට වැස්සො දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන උන්නාවෙ.

    (මොනව උනත් කලාත්මක පින්තූරයක් දාල තියෙනවා.)

    ReplyDelete
  2. හැරී එය මිළ දී ගත්තේ කුණු කොල්ලෙට. එය ලාභෙට විකිණීම සඳහා මිලින්ද මොරගොඩ ඇතුළු ඇමතිවරු ගණනාවක් සම්බන්ධයි. මෙහිදී සිදු වූ අත යට ගනුදෙනු පිළිබඳ ඔවුන් දන්නවා ඇති.


    ඔබේ පවුල ආදායම් ලැබූ පොල් ඉඩමක් පවුලේ දේපල බලා කියා ගන්නා ලොකු අයියා විසින් වෙනත් අයකු සමග අත යට ගනුදෙනුවක් කර තමන් ලොකු ගානක් කපා ගනිමින් කුණු කොල්ලයට විකුණා දැමුවා නම්, ඔබ කතා කරන්නේ පවුලට සිදු වූ අසාධාරණය ගැනද? නැතිනම්, වත්ත අලුතෙන් මිළ දී ගත් පුද්ගලයා පොල් ගස්වලට පෝර දමන හැටි ගැනද?

    If YOU were Harry, what would you have done? When you buy anything you always try to get the best price, may it be fair or unfair by the masses, and that's called business. Take your own example of selling the land. If YOU were the buyer, what would you have done? Pay the highest price for the land, or pay a 'fair' price, and if so how do we define the fair price?

    The comments to your earlier post were about Harry's business managerial abilities, not about how he bought the SLIC. Even I do agree bringing the private business personalities to the state sector, as we all know how inefficient these state organisations are. What has happened all these days were to appoint political henchment to these state organisations and they have driven these places from bad to worse, wasting billions.

    Further you are questioning about the Rs. 500 salary paid to the labourers working in garment factories and what kind of development such a low salary will bring them. The question is, if they didn't even earn this Rs. 500 per day, what would have they earn at all?

    ReplyDelete
  3. # BudinOZ. well said mate.

    W3admin මල්ලියෙ, දීපන්කො දැන් උත්තර ....!

    ReplyDelete
  4. මේක හරියට වංසෙ කබල් ගානවා වගේ වැඩක්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආදිපත්‍යය, යහපාලයන කබල් ගගා ඉන්න. හොඳ කලක් යයි. ලස්සන වචන ටික, අපරාදෙ කියන්න බෑ. ;-)

    පොඩි කාලෙ වැඩිහිටි නෑයෙක් එක්ක රක්ෂණ සංස්ථාවට වැඩක් කරගන්න ගිහින් දවසක් රස්තියාදු වුනා හොඳට මතකයි. හැරී පාලනය කරන කාලෙ ගියා, පට පට ගාල වැඩේ හරි.

    ලස්සන කියන්නෙ අර ඉස්සර හිටපු රජයේ කන්තෝරු පන්නයේ "නිලධාරීන්"මයි මේ හොඳට කතා කරල වැඩ කරල දෙන්නෙ.

    හැරීට නෙවෙයි ප්‍රභාකරන්ට හරි, කුණු කොල්ලෙට නෙවෙයි කීයක් හරි දීල හරි කමක් නෑ, ජනතාවට හොඳ සේවයක් වෙනවනෙ. ඉතින් වෙන මොනවද?

    අවුරුදු ගනන් ලියුවට තාම ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගෙන නෑ නේද?

    ඉන්දි සමරජීව ලියන බොහෝ දේට මා එකඟ වෙන්නෙ නෑ. ඒත් මේ ලිපියෙන් පේනවා ඒ වගේ අයටත් ජනතාවගේ අවශ්‍යතා තේරෙනවා කියල. විශේෂයෙන් මේ කොටස:

    "Groundviews et al continue about democracy and pluralist society and stuff, but most people I’ve talked to around Sri Lanka don’t understand or care about those words. Not because they are stupid, but perhaps because they are smart. We asked some (Muslim) IDPs around Mannar if they cared about democracy and they said literally ‘no’. They wanted a road and they wanted stuff. I have roads and stuff so fair enough."

    ReplyDelete
  5. රාජපක්ෂ ආණ්ඩුව කොලේ වහල ගහ ගහ හරි මේ තැනට ආව එක ගෙන මට නම් සතුටුයි. ඔබ කියන කතාව ඇත්ත. ගෝලීය ධනවාදී වෙලදපොල තුල ල0කාව වගේ රට වලට අයිති අගුපිල් තමයි. නමුත් එ හැර අපට විකල්පයක් තියෙනවද?
    මහින්ද ආවත් රනිල් ආවත් මේක වෙනස් කරන්න බෑ. මේ ජාත්යන්තර ක්‍රමය ඇතුලෙ පවතින්න වෙන විදිහක් නෑ. මේ ජාත්යන්තර ක්‍රමයට අභියෝග කරමින්, අපිට උතුරු කොරියාව නැත්තන් ඉරානය වගේ වෙන්න බෑ. එහෙම වෙනවට වඩා මෙහෙම ඉන්න එකමත් හොදයි.

    රනිල් මේක පිලිගත්ත, නමුත් මහින්ද පිලිගත්තෙ නෑ. එයා මාකට් කරේ ලෝක බැන්කුවෙ ප්ලග් එක ගලවන ක්‍රමයක්. ඒ වුනාට ලොකු නැටුමකුත් නටල එදා රනිල් හිටිය තැනතම මහින්දත් ආපහු ඇවිත් ඉන්නව. ඒ වෙනකොට රටේ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් ලොකු මිලකුත් ගෙවන්න වෙලා ඉවරයි. රට ගෙන තිබුන ජත්යන්තර ප්‍රතිරූපය, නාමිකව හරි තිබුන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගේ ගොඩක් දේවල් ඒ මිලට ඇතුලත්.

    ReplyDelete
  6. මම මේ අදාල නැති දෙයක් මෙතන ලියන එක ගැන සමාවෙන්න. මේ බ්ලොග් එකේ අපි ඊට විරුද්ධව ලියන දේවල් කිසිම කපා හැරීමක් නැතිව දානව. හැබැයි අර ජාතියේ පවට ඉපදුන පිරිසක් ලියන සිංහල බ්ලොග් එකක් තියෙනවා "විකල්ප" කියල. අපි ඊට විරුද්ධව දාන අදහස් කිසි දෙයක් එකෙ දාන්නෙ නැහැ.

    මං මහින්ද ජනාධිපති රජතුමාට කැමති නැති උනත් "විකල්ප" කියවනකොට හිතෙනව මහින්දය ආපු එක කොච්චර දෙයක්ද කියල. උන් රාජ්‍ය විරෝධී මත පතුරන්න මැක්සා ට්‍රයි එකක් දානව, හැබැයි ඒක කියවනකොට කවදාවත් නැති දෙශානුරාගයක් ඇති වෙනව.

    ReplyDelete
  7. Well….I have been watching your guys arguments and let me put my comments.

    Whether it’s globalization, democracy, socialism or capitalism there’s only one thing that people expect to happen. That is to improve their living standards within their life span. When we apply this to Sri Lanka today, we all can be happy and proud of getting rid of terrorism by winning the war. No doubts it was a fantastic victory! It was a one huge step in improving our living standard. We live free today. No one worries about bombs! Major achievements. The question is how did we achieve it? Answer is we had a PLAN!!!!

    What I see today with the government’s strategies in taking the country to the next level after the war is that THERE IS NO PLAN! Even after year of wining the war, the government has failed to tell us their plan of improving the living standards of its people! (Don’t forget we won the war in 3 ½ years!). Where have our so-called educated people been used productively to take the country to the next level? Talk to any economist you know, and ask the question, are we on the track?, The answer is NO! We are not! We cannot develop this country as Singapore did in 40 years back or India did in 50 years back! We have to have our own PLAN for that. That PLAN.

    My friends, that PLAN should ABSOLUTLY give plenty of room for the local and foreign business community to play a huge role in development process, BUT CANNOT have any room for thieves like Hari Jayawardhana and Sachin Vas Gunawadhana, who openly destroyed this country by putting in debt by buying out profitable enterprises and sucking tax money through unplanned business ventures. THEY should be punished as much as PRABAKARAN was punished.

    So, don’t even think for a second this country will be another developed country soon by having these people in front seats. We will see another Chili or Zimbabwe soon!

    ReplyDelete
  8. අප පෙනී සිටින්නේ මේ ඊනියා සංවර්ධන සැලසුම්වලින් බැට කන මේ රටේ බහුතරයක් වන දිළිඳු ජනයා වෙනුවෙන් මිස ප්‍රාග්ධන හිමියන් වෙනුවෙන් නොවෙයි.

    මෙහි සටහන් තබන අය පංතිමය වශයෙන් අයත් වන්නේ කුමන තැන්වලට ද යන්න අපි දන්නේ නැහැ. එහෙත්, අප කරන්නේ හඬක් නැති දිළිඳු ජනයා වෙනුවෙන් කතා කිරීමයි.

    මෙවැනි 'සංවර්ධන' සැලසුම් ක්‍රියාත්මක වූ ලෝකයේ පළමු තැන ලංකාව නොවෙයි. එවැනි සැලසුම්වලින් ලෝකයේ වෙනත් තැන්වල දිළින්දන්ට නම් අත් වූ සෙතක් නැහැ.

    මේ සංවර්ධන මාදිලිය දිළිඳුභාවය දුරලීම අතින් අසාර්ථක බව ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ ජේම්ස් වුල්ෆන්සන් පවා පිළිගෙන තිබෙනවා.

    අප අද ඉන්නේ සිංගප්පූරුව හතළිස් වසකට ඉහත සිටි සංදර්භයේ නොවන බවට නිලුපුල් පළ කරන අදහස කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.

    ReplyDelete
  9. One more addition to my previous post

    The so-called development means not just putting up hundreds of skyscrapers or constructing thousands of miles of tip-top roads. We have to understand the future earth and plan accordingly. That’s where the sustainable development comes in.

    Let me give couple of examples.

    1. We have seen economic crisis in countries like Chili, Brazil, Philippines and even Malaysia. You should go to Brazil or Philippines and see what price the normal people have paid for the name of Development. Think about USA, the biggest market in the world. Didn’t any one of us notice how fragile the capitalism is? Instead check countries like Denmark or Netherlands for that matter, where a combination of capitalism and socialism is practiced. Compare living standards of absolutely normal people of USA and Denmark. You will see the deference.

    2. World oil resources are going down rapidly. It’s expected to face a dire situation with out enough cheep oil to run the same machines within another 20 to 30 years times. One our key development strategy has to be this. Perhaps in another 5 years time, we may not be a position to drive our own car, due to huge price of liter of petrol. (Remember the rapid crude oil price up in 2008 ?) So these newly build roads for what? Therefore this government should focus on this and build more railroads and similar public transport systems that can use static power resources like electricity to power them.

    3. Future power will not be based on crude oil or as we used call it ‘Black gold’. Rather it will be shifted to ‘Blue gold’ or WATER. Statistics shows within 10 to 15 years time, world will face a drinking water crisis, due rapid pollution of water resources, by ‘development madness’.

    Are we ready to face these issues? Or are we going to dance till the water gets boiled to he point we can’t afford it and then look for a solution?

    That’s one of the reasons why I said, the development strategies of Singapore or India or as Ranil Wicramasinghe dreams Monaco style, will not help us today.
    We have to have our own PLAN to do it.

    ReplyDelete
  10. well I've seen a large number of this type of arguments... everybody says there should be a special plan but nobody comes up with it... easier said than done..and I think that's a very common problem in Sri Lanka. take for an example we have wasted years and years talking about a Sri Lankan model of power sharing to solve ethnic issues. but still nothing has been done. all we have done for more than thirty years is dreaming about a Sri Lankan model. I think the same problem is there in the process of economic development. true there can be many problems in the current system. and equally true is the fact that it needs changing. but, merely criticizing the defects of current system without any pragmatic suggestions as to how it should be changed is in my opinion pointless.

    and I dont think there are perfect economic systems which don't have any defect and which can survive from any economic storm. each economic system, even the best mixed economies have their own problems. one country may successfully face one economic down turn, but it may be seriously affected from another. therefore, seeking an economic system that can cure all problems will not be possible.

    ReplyDelete
  11. All the commenters have forgotten one thing. That is Harry J got SLIC through a tender. There were another 3 or 4 tendr applicants and their bids were so low than Hrry's. (There were Two leading Insurance companies among the bidders)

    Therfore i can't understand how we accused Harry for thiefing SLIC.

    And also remember DCSl(Chired by Harry J) is the largest Tax payer to our country. Then ?...

    ReplyDelete
  12. මෙහි කමෙන්ටු දමන සියල්ලන් වෙත,

    යුනිකෝඩ් තිබුණාට විකාර ලියන, ආර්ථිකය ගැන අංශු මාත්‍රයක දැනීමක් නැති මේ බ්ලොග් රචකයා වැනි අඳ බාලයින් සමඟ වාද කිරීමෙන් ඔබ කර ගන්නේ ඔබේ වටිනා කාලය නාස්ති කර ගැනීම පමණකි.

    ReplyDelete
  13. යුනිකෝඩ් තිබුනට විකාර ලියන................?

    එතකොට Lanka Polity ලියන්නෙත් යුනිකෝඩ් වලින් ද?

    අනේ මන්ද, විරුද්ධ අදහස් දරා ගැනීමට ශක්තියක් නැති මෙහෙමත් ජාතියක්.

    දෙමළ මරන කොට හොද වැඩේ කිව්ව සිංහල බයියන්ගෙ අනිත් Version එක ද මේ Taboo මහත්තයා රාව ප්‍රතිරාව නන්වන්නෙ?

    මමත් මේ බ්ලොග් එකේ ගොඩක් දේවල් පිළිගන්නේ නෑ. නමුත් මටනම් ඒක බාධාවක් නෙවෙයි මේක කියවල අදහස් හුවමාරු කර ගන්න.

    ටැබූ මහත්තයාගෙ සයිබර් ත්‍රස්තවාදය හෙළා දකිමු.

    ReplyDelete
  14. - point no 1
    හැරි ජයවර්ධන "අයුතු ලෙස" රක්ෂන සංස්ථාව මිලදි ගත්තත් කමක් නැහැ ඉන්ෂුවරන්ස් එක හොදට කලමනාකරනය කරනවා නම්

    නානායක්කාර එ චොක්සි නඩුවේදි හෙලිදරවු වුන ආකාරයට රක්ෂන සංස්ථාව හා මැරයින් සර්විසස් ගනුදෙනුව අතිශය දූෂිත ගනුදෙනු දෙකක්.විශේෂයෙන් ඒ තුල වාර්තා වුන අතයට හා කොමිස් ගනුදෙනු නිසා.ජෝර්ජ් සෙරෝස් වැනි "ආයෝජකයන්" හරහා දියුනුව අපෙක්ෂා කිරිමේ වන්දිය නැගෙනහිර ආසියානු රටවල් 1997 දී ගෙවනු ලැබුවා.ලාංකීය සෙරෝස් ලා හට ආර්ථිකය මෙහෙයවීමේ සුක්කානම භාර දීමේ ආශ්චර්යමත් ප්‍රතිඵල මතු අනාගතයේදී දැකගත හැකි වනු ඇත.හුදෙක් මූල්‍ය ප්‍රාග්ධනය මත මවන නව ලිබරල්වාදී "දියුනුව" පිම්බුන බුබුලක්.පිම්බෙනකොට තිබෙන සනීපය එක් සැනෙන් පිපිරෙන කොට සී සී කඩ විසිවෙනු ඇත.

    - point no 2
    වෙලද කලාප වල ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කෑවාට කමක් නැහැ,වෙලද කලාප නැතිනම් ඒ සූරාකෑමට ලක්වෙන අයට රැකියාවත් නැති නිසා

    වෙලද කලාප වල වැඩකරන මිනිසුන් පිලිබද අන්තර්ජාලවාසි මධ්‍යම පංතිකයන් දක්වන උද්දච්ච ආකල්පය අපට නැවතත් පරන පාඩමක් මතක් කරල දෙනවා.
    වෙලදපොල ධනවාදය තුල "මිනිසුන්" නැත.ඉන්නේ මිනිස් "භාන්ඩ"ය.
    පැරනි රෝමයේ මෙනි.වහලා වූ කලී පරන ‍රෝමය තුල "භාන්ඩයකි"(RES)දරුනු ලෙස ශ්‍රමය සූරාකෑමට ලක්වුන ඔවුන් හට ජීවත් විම පිනිස ආහාර පාන වහල් හිමියා විසින් සපයනු ලැබින
    වහල් හිමියා විසින් වහලා සූරාකෑම අයුක්ති සහගතදැයි මෙම අන්තර්ජාලවාසින්ගෙන් විමසුවහොත් - එහි ඇති වරදක් නැත.වහල් හිමියා (රැකියාව සැපයුවේ) නැතිනම් වහලාට දැනට ලැබෙන ආහාර පාන ටිකවත් ලැබෙන්නේ නැහැ නේදැයි - පිලිතුරු ලැබෙනු ඇත.

    ReplyDelete
  15. @bumuthurunu,

    ඉතාම සරල ආර්ථික විද්‍යා න්‍යායන් කිහිපයක් තේරුම් ගැනීමට බැරිව විකාර දොඩවන අඳබාලයින් කිහිප දෙනකු සමඟ මට හුවමාරු කර ගැනීමට කිසිම අදහසක් නැත. ඔවුන් සමඟ බොරු වාද වලට නොපැටලී නිහඬ වීම 'සයිබර් ත්‍රස්තවාදය' වන්නේ කවර අර්ථ දැක්වීමකට අනුව දැයි නොදනිමි.

    ReplyDelete
  16. @ Ramachandra

    ඔබේ උදාහරනය එතරම් ගැලපෙනේ නැත. වහලාට, වහල් හිමියාට යටත් වෙනව හැර වෙනත් විකල්පයක් නැත. නමුත් වර්තමාන වෙළඳ කලාප සේවකයාට තමන් එම රැකියාවට අකමැති නම් වෙනත් රැකියාවක් කරා යා හැකිය. නැත්නම් තමන්ගේ ගෙදර පසුපස වත්ත සුද්ද කර කංකුන් වැවිය හැක.

    නමුත් ඔබේ උදාහරනයේ එන "වහලාට" එසේ තමන්ට කැමති කැමති ආකාරයට වතු සුද්ද කළ නොහැක. වහල් හිමියාගේ අණට කීකරු විය යුතුය.

    ReplyDelete
  17. ටැබූ සබ්ජෙක්ට් ට

    ඔව්, ඔව් නිහඩව ඉන්න නම් කිසිම බාධාවක් නෑ. අපිත් ඔය සමහර දේවල් වලට යස අපූරුවට නිහඩව ඉන්නෙ.

    නමුත් මේක එහෙම එකක් නෙවෙයි නොවැ. තමුන් නොරිස්සන උන්ට ලේබලුත් අළවනව නොවැ.

    ReplyDelete
  18. @bumuthurunu,

    කපුටාට කපුටා නොකියා වෙන දෙයක් කීමට නොහැකි සේම අඥානයාටද (යමක් නොදන්නා තැනැත්තා) අඥානයා කියා මිස අන් කිසිවක් කිව නොහැක්කේය. එය සයිබර් ත්‍රස්තවාදය වන්නේ කෙසේද?

    ReplyDelete
  19. ටැබූ සහෝදරයාට............

    වැරදි සමාන කිරීම් දෙකක් ඈදා ගෙන තිබෙන බව පැවසිය යුතුය.

    කපුටාට කපුටා යැයි නාමකරණය නිරපේක්ෂ ක්‍රියාවකි.

    "යමක් නොදන්නා තැනැත්තා" ට අඥානයා යැයි නාමකරණය කිරීම නිරපේක්ෂව කළ නොහැක. එය සැමවිටම සාපේක්ෂ වේ.

    දන්නා/නොදන්නා ප්‍රමාණය බොහෝ සාධක මත වෙනස්වීම ඊට හේතුවයි.

    එබැවින් සාපේක්ෂ කාරණාවන්ට නිරපේක්ෂ තීන්දුදීමට යෑම මට හිතෙන හැටියට ත්‍රස්තවාදයකි. මෙය සයිබර් අවකාශයේ කෙරෙන්නක් නිසා සයිබර් ත්‍රස්තවාදයකි.

    යුද කාලයේ මෙවැනිම අකරතැබ්බයකට මාත් ඔබත් ඇතුලු රාජ්‍ය මතයට එරෙහි වූ බ්ලොග්කරුවන් මුහුණ දුන් බව ඔබට අමතක ද?

    එදා රාජපාක්ෂිකයන් අපට චෝදනා නගමින් බැන අඩගැසුවේ ද "යමක් නොදන්නා අපට" "යමක් කියා දීමටය"

    අදෝ මැයි අද ටැබූ සබ්ජෙක්ට් සහෝදරයා ද හඩ නගන්නේ සතුරාගේ ස්වරයෙනි.

    ReplyDelete
  20. @ සහන්
    //වහලාට, වහල් හිමියාට යටත් වෙනව හැර වෙනත් විකල්පයක් නැත. නමුත් වර්තමාන වෙළඳ කලාප සේවකයාට තමන් එම රැකියාවට අකමැති නම් වෙනත් රැකියාවක් කරා යා හැකිය.//

    වහලා සහ වර්තමාන නිර්ධනයා අතර තිබෙන එකම වෙනසද ඒක පමනි.එනම් වර්තමාන නිර්ධනයා නාමිකව නිදහස්ය."තමන්ට කැමති රැකියාවක් හොයාගන්න බැරිය නැත්නම් කංකුං වවන්න පුලුවන්නෙව" යැයි උපදෙස් දීමට වර්තමානය තුල ඉඩ ලබා දී ඇත.
    නමුත් ඒ වෙලද කලාපයට නොගොස් වෙන කම්හලක් දෙස බැලුවත් ඉන්නේ එකම වර්ගයේ ප්‍රාග්ධන හිමියන්ය.කැරකෙන්නේ එකම සූරාකෑමේ චක්‍රයය.ශ්‍රමිකයාට තමන්ව සූරාකෑමේ අයිතිය පැවරිය යුත්තේ කවර ප්‍රාග්ධන හිමියාටද යන්න තීරනය කිරීමේ "නිදහස" පමනක් තිබේ.
    ගැමි දුප්පතුන් ඇගලුම් කම්හල් සොයාගෙන නගරයට ඇදෙන්නේ ගෙවත්තේ වවන කංකුං/හේනේ වවන එලවලු වලට බහුජාතික සමාගම් වල ෆාස්ට් ෆුඩ් සමග තරග කිරීමට නොහැකි නිසාය.
    කංකුං වවන ලෙස උපදෙස් දීම හරි ලේසිය.ජීවිතය ඊට වඩා බොහෝ දුෂ්කරය.

    ReplyDelete
  21. @ Ramachandra

    ඔබ ඔය කියන ප්‍රශ්නයට දිය හැක්කේ කුමන ආකාරයේ විසඳුමක්ද? කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

    එසේ තිබේ නම් එය දැනට ප්‍රයෝගිකව භාවිතාවට ගැනෙන රටවල් තිබේද? එසේ තිබේ නම් ඒවාද සඳහන් කරන්න.

    ReplyDelete
  22. ටැබූ සබ්ජෙක්ට්, http://lankapolity.blogspot.com/2010/05/disaster-capitalism-and-sri-lanka.html
    යන තැන පළ වන ආපදා ධනවාදය පිළිබඳ ලිපිය හා නයෝමි ක්ලයින්ගේ අදහස් කියවන්න.

    ධනවාදය පිළිබඳ ඔබ කියන සරළ ආර්ථික විද්‍යා න්‍යායන් මෙන් ම මෙකී න්‍යායන් ද සරළ ඒවා වේ.

    මෙම ලේඛකයාට අඥානයා ය කීම ඔබේ මනෝ විද්‍යාත්මක ප්‍රහාරයකි. මෙය හරියට සංවාදයක් අතරතුරදී උඹේ මූණ කැත නිසා මට උඹත් එක්ක කතා කරන්න බෑ කියනවා වැනි දෙයකි.

    වමේ එවුන් මෙම ලේඛකයාට ඔයිට වඩා දේ කියා ඇත. වැඩක් නැත. ඒවායින් වට්ටන්නට බැරි තරමට ඔහු දේශපාලනිකව තෙම්පරාදු වී ඇත.

    ඔබ පෙනී සිටින දෘෂ්ඨිවාදීමය ධනවාදය හා ප්‍රායෝගික ධනවාදය අතර වෙනස දැනගන්න නයෝමි ක්ලයින්ගේ The Shock Doctrine කියවන්න.

    ReplyDelete
  23. මීට පෙර නොයෙක් වර කියා ඇති මේ කතාව නැවත කියමි. (එහෙත් මෙතෙක් එය අවබෝධ කර ගැනීමට නොහැකි වූ ඔබ එය අවබෝධ කර ගනිතැයි සුභවාදී ආකල්පයෙන් නම් නොවේ.)

    ධනවාදය වූ කලී සර්ව සම්පූර්ණ දර්ශනයක් නොවේ. හැම දර්ශනයක් සේම එයද ඉදිරියට යන ගමනේ එක් මං සලකුණකි. ධනවාදයද කාලයත් සමඟ අවස්ථානුකූලව වර්ධනය වේ. ධනවාදය තුළ ඇති වැරදි (මේවා ඔබ කියන 'වැරදි' නොව ඔබට තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ ඒවාය.) නිවැරදි කර ගත් යුත්තේ එතුළින්මය. නැතිව ඔබ හා ඔබේ අඥාන සගයා ඉඟි කරන ආකාරයට "මනෝරාජික සමාජවාදයක්" තුළින් නොවේ.

    කොටින්ම ඔබ කියන "ඇඟලුම් කම්හල් සූරාකෑම" නතර කළ හැක්කේ ලාල්කාන්ත මැට්ටාට සවන්දී මෝඩ ලෙස ස්ට්‍රයික් කිරීමෙන් නොව, කර්මාන්තයේ ඵලදායිත්වය ඉහළ නැංවීම තුළින් වඩා වැඩි වැටුපක් ශ්‍රමිකයින් අතට ලැබෙන ක්‍රමයක් නිර්මාණය කිරීමෙනි. වසර හැටක් තිස්සේ කියා පිළුණු වූ සටන් පාඨ ගිරවුන් සේ මතුරනවාට වඩා අද ඵලදායක වන්නේ ඔබ කියන හැටියට "ධනවාදයේ පරිධියේ ඇති ලංකාව" ධනවාදයේ කේන්ද්‍රයට තල්ලු කරන ආකාරය සොයා බැලීමයි. (මේ මා පාවිච්චි කිරීමට කැමති වචන නොවේ. නමුත් මා ඔබේ මට්ටමට නේන්නේ නම් ඔබට මේවා වැටහෙන්නේ නැත.)

    එසේ නැතිව ගිරවුන් මෙන් "අරූ හූරා කනවෝ", "මූ හූරා කනවෝ", "මේ සුරා කෑම තුළ අපට මොකුත් කරන්න බැරියෝ" වැනි මැටි, දෙලොවටම නැති කතා කිය කියා සිටීම තුළින් කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැත. එය තේරුම් ගැනීමට නයෝමි ක්ලයින් කියැවීම අවශ්‍ය නොවේ.

    - Taboo

    ReplyDelete
  24. anyone who is interested in reading Naomi Klein's "The Shock Doctrine" can be found as a PDF at Boondi Live Google Group in file section.

    http://groups.google.com/group/boondi-live/files?hl=en

    ReplyDelete
  25. කර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කොට වැටුප් පහල හෙලීමේ යෝජනාව සහ ආර්ථික න්‍යායන්ගේ "සරලත්වය" ගැන -
    ඵලදායිතාවය පිරිවැය සමග බැදී ඇති අතර ඵලදායිතා වක්‍රය පිරිවැය වක්‍රයේ විලෝමය ලෙස පිහිටනවා.පිරිවැය අඩුවන තරමට ඵලදායිතාවය වැඩියි
    පිරිවැය අඩුකරගත හැක්කේ යෙදවුම් වල පිරිවැය අඩු කිරීමෙන්.
    යෙදවුම් පිරිවැය ඇගලුම් කම්හල් ආශ්‍රිතව අඩු කරනවා නම් විකල්ප දෙකක් තියෙනවා.
    පලමුවැන්න කර්මානතයේ ප්‍රාග්ධන සූක්ෂමතාවය වැඩි කරල ශ්‍රම වියදම අඩු කරගැනීම
    දෙවැන්න ශ්‍රමය සදහා ගෙවන ගෙවීම අවම මට්ටමක තබාගැනීම

    පලමුවැන්නෙන් අදහස් වෙන්නෙ ප්‍රාග්ධන යන්ත්‍ර වැඩි කරල ශ්‍රමිකයන් ගාන අඩුකරගන්න එක.මේක කරන්න විදේශ සමාගම්වලට අමුතුවෙන් සත් සමුදුර තරනය කරල ආසියාවේ දුප්පත් රටවල්වලට එන්න අවශ්‍ය නැහැ.තමන්ගෙම රටේ කර්මාන්තශාලාවක් දාගෙන උනත් ප්‍රාග්ධන සූක්ෂමතාවයෙන් වැඩ කරගන්න පුලුවන්.
    ඒ අය එහෙම නොකර ලංකාව වගේ රටවලට ඇවිත් ශ්‍රම සූක්ෂමව කෙරෙන ඇගලුම් වගේ දේවල් මත ආයෝජනය කරන්නෙ ඇයි?
    හේතුව අපි වගේ රටවල ශ්‍රමය ඉතා ලාභයි.මේ ලාභ ශ්‍රමය විසින් තමයි මේ සමාගම් පරිධියේ රටවල් වෙත අද්දවන්නෙ.ඔවුන් ඵලදායිතාවය වැඩි කරගන්නෙ ශ්‍රමය සදහා කරන ගෙවීම අවම මට්ටමක තබාගැනීමෙන්.මේ නිසා මේ ආයතන වල "ඵලදායිතාවය" වැඩි වුනා කියල සේවකයන්ගේ සූරාකෑම අහෝසි වෙන්නෙ නැහැ.මොකද ඒ ඵලදායිතාවය රැදෙන ප්‍රධානම සාධකය ශ්‍රමිකයන්ගේ අඩු වැටුප නිසා!
    ඔන්න ඵලදායිතාවය වැඩි කරල සූරාකෑම නවත්තන්න කතාකරන මහත්වරුන්ට ගෙදරදි කල්පනා කරල බලන්න හොද අභ්‍යාසයක්.
    ටැබූ සබ්ජෙක්ට්ස්ගේ "සරල" ආර්ථික විද්‍යා න්‍යායන්ට මේ යථාර්තය අහුවුන්නැති වුනාට අනිත් තකතීරුවන්ගේ "අඥාන" න්‍යායන්ට මේව අහුවෙන එකනෙ ප්‍රශ්නෙ :)

    ReplyDelete
  26. ''ධනවාදය වූ කලී සර්ව සම්පූර්ණ දර්ශනයක් නොවේ. හැම දර්ශනයක් සේම එයද ඉදිරියට යන ගමනේ එක් මං සලකුණකි. ධනවාදයද කාලයත් සමඟ අවස්ථානුකූලව වර්ධනය වේ. ධනවාදය තුළ ඇති වැරදි (මේවා ඔබ කියන 'වැරදි' නොව ඔබට තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ ඒවාය.) නිවැරදි කර ගත් යුත්තේ එතුළින්මය. නැතිව ඔබ හා ඔබේ අඥාන සගයා ඉඟි කරන ආකාරයට "මනෝරාජික සමාජවාදයක්" තුළින් නොවේ.''

    වැඩවසම් යුගයෙදි ධනවාදය වෙනුවෙන් සටන් කළ අය ගැන ඒ කාලයේ අන්තර්ජාලය තිබුණා නම් හා සිංහල බ්ලොග් අවකාශයක් තිබී ටැබූ සබ්ජෙක්ට් වැනි ප්‍රාඥයෙකු සිටියා නම් මෙසේ කියනු ඇත.

    වැඩවසම්වාදය වූ කලී සර්ව සම්පූර්ණ දර්ශනයක් නොවේ. හැම දර්ශනයක් සේම එයද ඉදිරියට යන ගමනේ එක් මං සලකුණකි. වැඩවසම්වාදයද කාලයත් සමඟ අවස්ථානුකූලව වර්ධනය වේ. වැඩවසම්වාදය තුළ ඇති වැරදි (මේවා ඔබ කියන 'වැරදි' නොව ඔබට තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ ඒවාය.) නිවැරදි කර ගත් යුත්තේ එතුළින්මය. නැතිව ඔබ හා ඔබේ අඥාන සගයා ඉඟි කරන ආකාරයට "මනෝරාජික ධනවාදයක්" තුළින් නොවේ.

    ඉතිහාසය ධනවාදයට වඩා විශාල එකකි. ධනවාදය ඉතිහාසයේ අවසානය නොවන්‍නා සේ ම ලොව පුරා ධනවාදීන් හා සමාජවාදීන් අතර පවතින මෙම සංවාදය ද ටැබූ සබ්ජෙක්ට් මැදිහත් වූ පමණින් අවසන් වන්නේ නැත. වටහා ගත යුතු දෙය වන්නේ මෙම සංවාදය ප්‍රගතිශීලී බවයි.

    කොන්දේසි විරහිතව ධනවාදය ආරක්ෂා කරන්නට උත්සාහ කරන සංරක්ෂණවාදයකින් ධනවාදයටවත් සිදු වන සේවයක් නැත.

    සමාජවාදය මනෝරාජික එකක් නොවේ. සමාජවාදීන් විසින් 1917 -1989 යුගයේදී සමාජවාදය වෙනුවෙන් දරන ලද තීරණාත්මක ප්‍රයත්න සමුදායක් අසාර්ථක විය. චීන, වියට්නාම්, කියුබානු පමණක් නොව උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂවලට ද ඔවුන් අනුගමනය කරමින් සිටින උපායමාර්ග පිළිබඳ තර්ක ඇත.

    සැම විට ම අවසානය විවෘත කර තැබූ විට ඔබට ඉතිහාසය අභියෝගයක් වන්නේ නැත.

    ReplyDelete
  27. @ ramachandra

    බර වචන ටිකක් දාල තිබුනට අදහස ඉතා පැහැදිලියි. ලංකාවෙ බහුතරයක් ඇඟලුම් කම්හල්වල ඔය ශ්‍රම සූරාකෑම වෙනවා.
    හැබැයි මේ ප්‍රශ්ණ ලියන ගොඩ දෙනෙකුට බැරි දෙයක් තමයි විසඳුම් දෙන එක. ඒක මෙතන කෑ ගහන බහුතරයකට විතරක් නෙමෙයි ජනාධිපතිගෙ ඉඳල තියෙන ප්‍රශ්ණයක්. ඒක නිසා තමයි මෙව මෙහෙම සිද්ධ වෙන්නෙ. ඒක නිසා තමයි විපක්ශයේ ඉන්නකොට ජනතාවාදී එකා ආණ්ඩුව ගත්තට පස්සෙ කණපිට හැරෙන්නේ. ඒ ධර්මතාවය රාමචන්ද්‍රටත් එකයි, මේකෙ එඩිටර් මල්ලිටත් එකයි. ලියන කොට ලස්සන වචන දාල ලියන්න පුලුවන්, හැබැයි කොරනකොට තමයි තේරෙන්නෙ.

    මේ ශ්‍රම සූරාකෑමේ ප්‍රශ්නයට මට දෙන්න තියෙන පිලිතුර මේකයි,

    ඔය බහු ජාතික සමාගම් වලට පස්ස පැත්තෙ අමාරුවක් නැහැ අපේ මේ ගමේ කෙල්ලො කොල්ලන්ට රස්සා දෙන්න. උන් එන්නෙ උන්ගෙ බිස්නස් එකෙන් උපරිම ලාබය ලබන්න. ඉතින් විදේශ ආයොජන නැතුවමත් බැරි නම් මෙහෙ තියෙන ආණ්ඩු දැන ගන්න ඔනෙ ප්‍රධාන වශයෙන් "විදුලිය" ඇතුලත්ව අනෙකුත් යටිතල පහසුකම් අවම මිලකට තියාගෙන කම්කරු වැටුප් වැඩි කරන්න නීති රීති ගේන්න. මං කියන්නේ පොදු ජනතාවට වැඩියෙන් දීල උන්ට සහනාදාර දෙන එක නෙමෙයි. පොදුවේ අපේ යටිතල පහසුකම්වල මිල අඩු වෙන්න ඔනේ. එක කරන්න බැරි දෙයකුත් නෙමෙයි. හොඳම උදාහරනය තමයි විදුලි සංදේශ ක්ශේස්ත්‍රය.

    මං මේ ලියපු දේවල් වලටත් අරක වැරදියි, මෙතන ඇදයි කියන්න ගොඩ දෙනෙක් ඉන්න පුලුවන්, හබැයි උන්ට කරන්න බැරිම දේ තමයි ඒවට විකල්ප දෙන එක. විකල්ප ඉදිරිපත් කලත්, කරන්න බැරි දේ තමයි ඒ කියන මොඩලය ක්‍රියාත්මක වෙන රටක් හොයල කියන එක. මොකද ඔය කියන විදියෙ කේතුමති රාජ්‍ය මේ සක්වලේ නැති නිසා.

    ReplyDelete
  28. @Ramachandra,

    ඔබගේ ඥාන ප්‍රමාණය අනුව මම මීට වැඩි දෙයක් බලාපොරොත්තු නොවෙමි. මාත් දහයේ පන්තියේදී හිතුවේ හරියටම ඔහොමය. මේ මෝඩ උත්තරය දී ඇත්තේ ඔබට මගේ පිළිතුරෙහි අවබෝධ කර ගත නොහැකි යමක් ඇති නිසාය. අස්සයා දියට ගෙන යනවා මිස ඌට දිය පොවන්නට බැරි නිසා මම තව දුරටත් එය පැහැදිළි කිරීමට උත්සාහ නොදරමි. දහයේ පන්තියේ චින්තනයෙන් එළියට යන්නට පුළුවන් වූ දාක එය ඔබටම අවබෝධ වනු ඇත.

    @W3Lanka Editor,

    ඇත්ත, උතුරු කොරියාව ලෝකයේ දියුණුම රටය. ඔබ දිනුම්. ජය වේවා!

    - Taboo

    ReplyDelete
  29. දියුණුව, සංවර්ධනය යන වචනවලට කොහොමත් ඇත්තේ සාපේක්ෂ අර්ථයකි.

    මා ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ දියුණු ම රට යයි පිළිගත් පමණින් ඔබ දිනන්නේ නැත.

    දහයේ පන්තියේ චින්තනයෙන් එළියට යාම යනු නමයේ පන්තියට ෆේල් වීම නොවේ.

    ReplyDelete
  30. @ ටැබූ සබ්ජෙක්ට්ස්

    අනෙකා ඉදිරිපත් කරන කරුනු වලට අභිමුඛ නොවී ඒවා "දහයේ පන්තියේ කතා" හෝ "අදබාල කතා" යැයි කියූ පමනින් දහයෙ පන්තියේ විවාදයකදී වත් ලකුනු ලැබෙන්නේ නැත.දහයෙ පන්තියේ මානසිකත්වයටත් පහලින් ඉන්නේ කවුදැයි කියවන්නෝ තීරනය කරත්වා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා