Posts

Showing posts with the label මිලින්ද මොරගොඩ

හැරීගෙ ගුණ වයන එවුන්‍ට හෙට වෙන්නෙ තමන්ගෙ රටේ ම සුද්දන්ගෙ වහලුන් වෙන්න | Those who praise Harry will have to be slaves in their own land

Image
ලස්සන ජංගියේ කැත කතාව (2010 මැයි 17 -  W3Lanka )  "හැරී ඉන්න කාලෙ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නියමයි; කාර්යක්‍ෂමයි. ආණ්ඩුවෙ කාර්යාලයක් වගේ නෙවෙයි. ආයෙ එනවනං ලොකු දෙයක්." "කවුරු මොනව කිව්වත් හැරී නියමෙට රක්ෂණ සංස්ථාව හැදුව. ඒක නැහැ කියනවනම් කරුණා කරල හේතු ඉදිරිපත් කරන්න. හැමදාම දුප්පත් මිනිස්සුන්ට නිකන් කන්න දිදී ඉඳල මේ රට දියුනු කරන්න බැහැ." "ගෝලීය ධනවාදය ගැන නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙ කුහකකම පිලිබද ප්‍රශ්නයක්." මේ ඊයේ අප වෙබ් අඩවියේ මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස මැයෙන් පළ වූ ලිපියට ලැබුණු ප්‍රතිචාර තුනක්. හැරී ජයවර්ධන හොඳ සමාගම් කළමනාකාරවරයකු වෙන්න ඇති. එහෙත්, රක්ෂණ සංස්ථාව පිළිබඳ ඇති ප්‍රශ්නය වන්නේ ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෙතරම් හොඳින් පාලනය කළාද යන්න නොව, ඔහු එය මිළ දී ගත් ආකාරය කෙතරම් සාධාරණ ද යන්නයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යනු මහජනයාගෙන් අය කළ බදු මුදල් ප්‍රාග්ධනය ලෙස යොදා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසාය අතරින් ලාභ ලැබු ආයතනයක්. එය විකුණා දමන විට එය නඩත්තු කිරීම සඳහා තව දුරටත් මහජන මුදල...

රාජ් රාජරත්නම් සමග ආණ්ඩුවේ ලොක්කන්ගේ ගනුදෙනු ගැන සිළුමිණ නිහඬ ඇයි?

Image
(2009 ඔක්තෝබර්  25 - W3Lanka ) ෆෝබ්ස් සඟරාව විසින් ලෝකයේ ධන කුවේරයන් අතරින් 556වැනියා ලෙස හඳුනාගෙන තිබෙන  ලාංකික පුරවැසියකු ද වන ගැලියන් අරමුදලේ ප්‍රධානී රාජ් රාජරත්නම්ට එක්සත් ජනපද රජය විසින් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ අයථා මාර්ගවලින් ලබා ගත් තොරතුරු පදනම් කරගෙන කොටස් ගනුදෙනුවල යෙදුණු බවයි. ලංකාවේ නම් මෙවැනි වැරදි පිළිබඳ නිසි පරීක්ෂණයක්වත් කෙරෙන්නේ නැත. කෙසේ වෙතත්, රාජරත්නම් තවම වැරදිකරුවකු වී නැත. වරදකරුවකු වන තුරු නීතිය මෙන් ම යුක්තිය ද අනුව ඕනෑම පුද්ගලයකු නිර්දෝෂී යයි සැලකේ. එහෙත් ලංකාවේ රජයේ ප්‍රධාන මුද්‍රිත ප්‍රචාරක මාධ්‍යය වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත අද රාජරත්නම් හඳුන්වා තිබෙන්නේ ලෝක හොරා ලෙසයි. සිළුමිණ මෙසේ කියයි. රාජ් රාජරත්නම් ගෙන් මෙරට ආයෝජනය කිරීමට බැව් පවසමින් ඩොලර් 3000000ක මුදලක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් එකී මුදල් අපහරණයට ලක්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුට එරෙහිව මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙයි. නම් කියන්නට බය ද? මේ මන්ත්‍රීවරයා එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජනාධිපති මරණ දඬුවම ලැබූවන්ට සමාව දී නිදහස් කරද්දී අධිකරණ ඇමති එය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරයි

Image
(2009 ජුලි 16) අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙහි ලා උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා‍ වේ.  මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් මතු කර ගැනීම ප්‍රවෘත්ති හිඟ මෙම අවධියේදී ඇමතිවරයාට ජනමාධ්‍යවල වැජඹීමට අවස්ථාවක් ලබා දෙයි. මේ වන විට මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 200ක් පමණ බන්ධනාගාරවල සිටිති.  ලංකාවේ සිදු වන අපරාධ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් දඬුවම් ලබන්නේ සියයට හතරක් පමණ සුළු පිරිසකි.  පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පසුබිමක් සහිත ඝාතන, පැහැරගෙන යාම්, හිංසන සහ කප්පම් ගැනීම් ආදිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහ නඩු පවරා ඇත්තේ ඉතාම කලාතුරකිනි. මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයෝ නීතියෙන් බේරී නිදහස භුක්ති විඳිති.  ඇතැම් දරුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර විවිධ ආකාරයෙන් මරණයට පත් වීමද මේ වන විට සුලබ සිද්ධියකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින්නේ අධිකරණ ඇමති මිලින්ද මොරගොඩගේ ස්ථාවරයට සපුරා වෙනස් ස්ථාවරයක බව පෙනේ. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ...

මොරගොඩ සංචාරක ඇමතිකමින් අධිකරණයට;

Image
(2009 ජුලි 02) සංචාරක ඇමති වශයෙන් මෙතෙක් කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතා අද දින අධිකරණ ඇමති වශයෙන් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව සංචාරක ඇමති ලෙස ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක මන්ත්‍රීවරයා අද දිවුරුම් දෙයි. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී රජයට එක් වූ මිලින්ද මොරගොඩ ඇමතිවරයා 2001-2004 වකවානුවේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි විවේචනයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු (කෝප්) වාර්තාවේ සඳහන් වේ. දූෂිත ගනුදෙනු ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු රජයට පවරා ගැනීමට නියම කරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලංකා මැරීන් සර්විසස් ආයතන පෞද්ගලීකරණය වූයේ මිලින්ද මොරගොඩ ඇමතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ තිබුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂම (පර්ක්) යටතේයි.