කෝකිලායි කුරුළු අභය භූමියේ දැවැන්ත සංහාරයක් | Destruction in Kokilai Bird Sanctuary in northeastern Sri Lanka

(2010 මැයි 06 - W3Lankaයුද්ධයෙන් පසු සමයේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයෙන් හෝ කෘෂිකර්මාන්තයෙන් වේගයෙන් ඵල නෙළා ගැනීම සඳහා මේ වන විට ඇතැම් පුද්ගලයෝ ඊසානදිග වෙරළේ කෝකිලායි කලපුව අද්දර කුරුළු අභය භූමිය විනාශ කරමින් සිටිති.


මාසයක් පමණ කාලයක් ඇතුළත මෙම ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1000ක පමණ කැළෑ කපා ගිනි තබා වනසා තිබේ. 


මෙම ප්‍රදේශය පසුගිය සමයේ ආරක්ෂක හේතූන් මත දැඩි ලෙස ජන ශුන්‍ය වී තිබුණු අතර තවමත් එහි දැඩි ආරක්ෂාවත් යොදා තිබේ. එබැවින් ආරක්ෂක අංශවල අනුග්‍රහයකින් තොරව මෙවැනි දැවැන්ත වන සංහාරයක් කළ නොහැකි ය. 


අක්කර 6000ක් පමණ වන මෙම අභය භූමිය ආවේණික හා සංචාරක පක්ෂීන් සඳහා තෝතැන්නකි. මෙම කලාපය නිවහන කර ගත් අලි ගහණයක් ද ඇත. එහෙත් කැළෑ කපා දමා ගිනි තබා ඇත්තේ පැටවුන්, බිත්තර සහිත වඩු කුරුළු ආදී කුරුළු කූඩු ද දහස් ගණනක් සමගයි. 


මෙම ක්‍රියාව ලංකාවේ පාරිසරික නීති රැසකට පටහැණි එකක් මුත් නිතිය ක්‍රියාත්මක කරන අංශවල අවධානය යොමු වී නැත. 


කෝකිලායි අභය භූමිය ආසන්නයේ දීර්ඝ කාලයක සිට අඛන්ඩව පවතින ජනාවාසය වන පදවිය ජනපදයේ පුද්ගලයෝ මෙම ප්‍රදේශය අභයභූමියක් බව පවා නො දනිති. මෙම ප්‍රදේශයේ පැවති පාරම්පරික දෙමළ ගම් යුද සමයේ මුල් අවධියේදී ම ජන ශුන්‍ය කරන ලදී. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා