Posts

Showing posts with the label කෝකිලායි කුරුළු අභය භූමිය

බාගෙන කෑ හැකි වල ඉහගෙන කන පරිවාරයේ ධනවාදයෙන් බැට කන කෝකිලායි අභය භූමිය | Kokilai sanctuary under pressure of greedy capitalism of the periphery

Image
(2010 මැයි 19 -  W3Lanka )  ආණ්ඩුව විසින් පෙරට ගනිමින් තිබෙන වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ සැලැස්ම හමුවේ මේ රටේ ජන ජීවිතය පමණක් නොව සොබා දහම ද දැවැන්ත පීඩනයකට ලක් වී ඇති බව අපි මීට පෙර ද පැවසුවෙමු. මෙම සංවර්ධන සැලැස්ම කිසි සේත් ම විද්‍යාත්මක හා චිරස්ථායී නොවන, දිගු කාලීන වශයෙන් අහිතකර ප්‍රතිඵල උදා කර දෙන අසාර්ථක සැලැස්මක් බව අපි පුන පුනා කියමු.  මෙහි ඇත්තේ පරිවාරයේ රටවල සුලබ 'බාගෙන කෑ හැකි වල ඉහගෙන කන' ධනවාදය බව පැහැදිලි ය. එයින් සොබා දහමට සිදු වන හානිය සඳහා විල්පත්තු වනයේ මේ වන විට සිදු වන දැවැන්ත වන විනාශය නිදසුනකි. ලංකාවේ සොබා උරුමයක් වන විල්පත්තුවේ වන ජීවීන් හා වාක්ෂ ලතා සංචාරකයන්ට ප්‍රදර්ශන භූමියක් ලෙස අලෙවි කිරීම සඳහා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් දියත් වේ.  සියවස් ගණනක් පුරා සීගිරියේ ජීවත් වූ බඹරුන් එළවා දමා සීගිරිය සංචාරකයන්ට විකිණීම පිණිස සිංහ පාදය ළග වැසිකිලි, කැසිකිලි හා ආපන ශාලා ඉදි කිරීම මෙම සංවර්ධන සැලසුම් පරිසරය මෙන් ම සංස්කෘතිය ද සැලකිල්ලට නොගන්නා බව පෙන්වා දීමට නිදසුන් වේ.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ...

කෝකිලායි කුරුළු අභය භූමියේ දැවැන්ත සංහාරයක් | Destruction in Kokilai Bird Sanctuary in northeastern Sri Lanka

Image
(2010 මැයි 06 -  W3Lanka )  යුද්ධයෙන් පසු සමයේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයෙන් හෝ කෘෂිකර්මාන්තයෙන් වේගයෙන් ඵල නෙළා ගැනීම සඳහා මේ වන විට ඇතැම් පුද්ගලයෝ ඊසානදිග වෙරළේ කෝකිලායි කලපුව අද්දර කුරුළු අභය භූමිය විනාශ කරමින් සිටිති. මාසයක් පමණ කාලයක් ඇතුළත මෙම ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1000ක පමණ කැළෑ කපා ගිනි තබා වනසා තිබේ.  මෙම ප්‍රදේශය පසුගිය සමයේ ආරක්ෂක හේතූන් මත දැඩි ලෙස ජන ශුන්‍ය වී තිබුණු අතර තවමත් එහි දැඩි ආරක්ෂාවත් යොදා තිබේ. එබැවින් ආරක්ෂක අංශවල අනුග්‍රහයකින් තොරව මෙවැනි දැවැන්ත වන සංහාරයක් කළ නොහැකි ය.  අක්කර 6000ක් පමණ වන මෙම අභය භූමිය ආවේණික හා සංචාරක පක්ෂීන් සඳහා තෝතැන්නකි. මෙම කලාපය නිවහන කර ගත් අලි ගහණයක් ද ඇත. එහෙත් කැළෑ කපා දමා ගිනි තබා ඇත්තේ පැටවුන්, බිත්තර සහිත වඩු කුරුළු ආදී කුරුළු කූඩු ද දහස් ගණනක් සමගයි.  මෙම ක්‍රියාව ලංකාවේ පාරිසරික නීති රැසකට පටහැණි එකක් මුත් නිතිය ක්‍රියාත්මක කරන අංශවල අවධානය යොමු වී නැත.  කෝකිලායි අභය භූමිය ආසන්නයේ දීර්ඝ කාලයක සිට අඛන්ඩව පවතින ජනාවාසය වන පදවිය ජනපදයේ පුද්ගලයෝ මෙම ප්‍රදේශය අභ...