පාක් ඇන්ඩ් රයිඩ් නොදත් ලංකාවේ බිස්නස් ක්ලාස් එක | Sri Lanka's business class and 'Park and Ride'

(2010 මැයි 13 - W3Lanka'අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්' යන මැයෙන් සටහනක් අප තැබුවේ 2009 සැප්තැම්බර් 23දා ය. අපි එහි මෙසේ ලියුවෙමු.


පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි.


ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත.


කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය. පාක් ඇන් රයිඩ් බෝඩ් ලෑල්ල ගලවා කටුබැද්ද රජයේ බලු අනාථාගාරය කියා බෝඩ් ලෑල්ලක් දැමිය හැකිය. (සම්පූර්ණ ලිපිය අවශ්‍ය නම් මෙතැනින් කියවන්න.)


මේ බිස්නස් ක්ලාස් එක ගැන ඒ පංතියට අයිති නොවන ඩලස් අලහප්පෙරුමට වඩා තමන්ට හිමි ලොරි ගණන නොදත් ප්‍රවාහන ව්‍යාපාරිකයකු වූ වෙල්ගම මුදලාලිගේ පුතා වන වර්තමාන ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම හොඳින් දනියි. 


එහෙයින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මෙතෙක්‌ ක්‍රියාත්මක කළ අසාර්ථක "පාක්‌ ඇන්ඩ් රයිඩ්" ක්‍රමය වහාම අත්හිටුවීමට කුමාර වෙල්ගම තීරණය කර තිබේ.


මෙම ක්‍රමය ඉතාම අසාර්ථක බවත් ඒ මගින් නිකරුනේ පිටස්‌තර පාර්ශ්වයකට සහනාධාර ලෙස රුපියල් ලක්‍ෂ ගණනක්‌ ගෙවන්නට අමාත්‍යාංශයට සිදුව ඇති බවත් ඇමැතිවරයා කීවේ හිටපු ප්‍රවාහන ඇමතිගේ හොම්බට ඇනෙන්නට ය.


දිගින් දිගටම අසාර්ථකවූ පාක්‌ ඇන්ඩ් රයිඩ් ක්‍රමය ජාතික ගමනා ගමන කොමිසමේ ව්‍යාපෘතියකි.

Comments

  1. In Sri Lanka, driving a vehicle (especially a company maintained vehicle) is a symbol of your status, compared to most of the developed countries where most people park their vehicles at the railway stations and take the train or bus to commute as it saves time, money (as parking is not available in major cities and it's very expensive) and coserves energy. In such countries the newest trend is to 'ride' to work on bycicles, as they think using even the public transport is a waste of energy. I think it will take a long time to change this mind set of SL people, who generally like 'Sobana' things.

    ReplyDelete
  2. I think that park and ride targeted the wrong customer base. They must have targeted the upper middle class professional who commute to work in their vehicles. There is a lots of such people in Colombo who consider driving in traffic as their worst experiance. They would low to take a short nap until the bus driver take them to their work place. And unlike the 'Business class' these people are interested in saving money as they live on salaries. This is what drives the business for most office transport vans.

    I remember when this service started there was a big fuss about it among the guys at my work place. Many people were hoping to use the service. But it was way too expensive for them.

    ReplyDelete
  3. ලංකාවේ බිස්නස් ක්ලාස් එකට විතරක් නොව කිසිම ක්ලාස් එකකට සමාජ වගකීමක් නැත. තමන්ට වන පුද්ගලික වාසිය සලකා පල් හොරුන්, තක්කඩියන් මන්ත්‍රීවරුන් කරන්නේ බිස්නස් ක්ලාස් එක පමණක් නොවේ. මර්වින් ද සිල්වාට ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ ගණනක් අයත් වන්නේ බිස්නස් ක්ලාස් එකට නොවේ. මර්වින් ද සිල්වාට සපිරිවර වන්නේ බිස්නස් ක්ලාස් එක නොවේ. කොයිතරම් කසළ බඳුන් තිබුණත් යන යන තැන පොලිතීන් වලින් කැත කරන්නේද බිස්නස් ක්ලාස් එක පමණක් නොවේ.

    'පාක්‌ ඇන්ඩ් රයිඩ්' අසාර්ථක වන්නේ හේතු කිහිපයක් නිසාය. එකක් කලින් කමෙන්ටුවේ සඳහන් පරිදි ලංකාවේ වාහනයක් එළවීම සමාජ තත්ත්වය පිළිබඳ සංකේතයක් වීමය. දෙවැන්න මේ ක්‍රමය වාහනයක් ළඟ තිබීමට විකල්පයක් නොවීමය. තෙවැන්න මෙයින් වැඩ දෙක තුනක් කර ගැනීමේ අපහසුවය. (උදා: තම දරුවන් පාසල් වලට ඇරලා වැඩට යන පියකු සලකන්න.) සිව්වැන්න තමන්ගේ වාහනයකින් ගමන් ගැනීමේදී මෙන් නොව මේ ක්‍රමයේදී වැඩි වෙලාවක් පාරට නාස්ති වීමය.

    බිස්නස් ක්ලාස් එකට පමණක් සේවා සැපයීම වරදක් නොවේ. නමුත් එසේ කරන කෙනකු වටහා ගත යුත්තේ තමන්ගේ වෙළඳපළ කුඩා බවත්, සපයන සේවාව ගුණාත්මක බවින් ඉහළ විය යුතු බවත්ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා