Posts

Showing posts with the label ප්‍රවාහන

මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

Image
(2011 ජුලි 22,   W3Lanka )  ලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි. ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි. මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි. යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන. වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය: "වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය." මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස්...

අඩි හතරක් උඩ සිට පදවන රේසිං කාර් හෙවත් ලංකාවේ බර වාහන

Image
(2011 අප්‍රේල් 24,   W3Lanka )   වයඹ පළාත් පරිසර අධිකාරිය පැය 24ක් පුරා පවත්වන ලද ‍සෝදිසියකින් සොයාගෙන ඇති කරුණක් වන්නේ වැලි ප්‍රවාහනය කරන බර වාහනවලින් 70%ක් ම අයෝග්‍ය තත්වයේ ඇති බවයි. සෝදිසි සිදු වී නැතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිකිරීම් ව්‍යාපෘතිවලට ගල්, වැලි ආදිය සපයන බර වාහන බොහොමයක තත්වය මෙයයි. මෙම වාහන විසින් මහා මාර්ගවල ගමන් කරන සෙසු වාහන හා පදිකයන්ට ද, මාර්ගය දෙපස නිවෙස්වලට ද ඇති කරන අනතුරුදාක තත්වය හා භීතිය බලධාරීන් කිසිවකුගේ අවධානයට ලක් වී නැත. ගල්, වැලි, පස් ආදිය මග දිගට හලමින් අධි වේගයෙන් ධාවනය වන අබලන් ට්‍රක් රථ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුලබ දර්ශනයකි. දකුණු කොළඹ වරායේ ජැටිය ඉදි කරන්නට දැවැන්ත කළු ගල් ප්‍රවාහනය කිරීම පිණිස  ගාලු පාරේ පොතුපිටියේ පිහිටුවා ඇති  ජැටිය කරා ගල් ගෙන යන ට්‍රක් රථ නිසා කලුතර දිස්ත්‍රික්කයේ මහා මාර්ග මේ වන විට දැඩි ලෙස අනතුරුදායක ස්ථාන බවට පත් වී තිබේ. අයෝග්‍ය තත්වයේ පවතින මෙම බර වාහන බොහොමයක් ධාවනය වන්නේ අධි වේගයෙනි. මෙම රියවල රියදුරන්ට ඔවුන් ප්‍රවාහනයේ යෙදෙන වාර ගණන අනුව ප්‍රතිලාභ හිමි වන ක්‍රමයක් ක්‍රියාත්මක වීම නිසා ...

පාක් ඇන්ඩ් රයිඩ් නොදත් ලංකාවේ බිස්නස් ක්ලාස් එක | Sri Lanka's business class and 'Park and Ride'

Image
(2010 මැයි 13 -  W3Lanka )  'අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්' යන මැයෙන් සටහනක් අප තැබුවේ 2009 සැප්තැම්බර් 23දා ය. අපි එහි මෙසේ ලියුවෙමු. පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි. ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත. කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය...

මාර්ග අනතුරු, සෞඛ්‍යය හා අධ්‍යාපනය

Image
(2009 සැප්තැම්බර් 15 - W3Lanka) ලංකාවේ මාර්ග අනතුරු නිසා වසරකට මිය යන පුද්ගලයන් සංඛ්‍යාව 200 - 300 අතර වන බව ද, තවත් 50,000ක් පමණ දෙනා තුවාල වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.  මේ එක් තුවාලකරුවකු සුව කිරීම සඳහා සාමාන්‍යෙයන් රු. මිලියනයේ සිට මිලියන දහය දක්වා වැය වන බැවින් රෝගියා රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබුවද එම මුදල වාහන හිමියාගෙන් අය කර ගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාවේ මිනිස්සු පාරේ පයින් යන විට වාහනවලට වෛර කරති. වාහනයක යන විට පාරේ යන මිනිසුන්ට වෛර කරති. පයින් යන්නෝ යා යුත්තේ දකුණු පැත්තේය යන නීතිය තුට්ටුවකට මායිම් නොකරති. ඔවුන් කහ ඉරි උඩින් යන්නේ අප්පාගේ බූදලය පරිහරණය කරන්නා සේ ය. කහ ඉරි අසල සවි කළ මාර්ග සංඥා කීපයක් කොළඹ හා ප්‍රධාන නගරවල තිබේ. ඒවායේ කොළ සංඥා එළ දැල්වෙනතුරු බලා සිටින්නට බැරි තරම් හදිස්සිකාරයන් වාහනවලට ඔරව ඔරවා කහ ඉරෙන් පාර පනින්නේ වාහන පදවන්නන් අමාරුවේ දමමිනි.වාහන පදවන්නෝ ද කහ ඉර ගණන් ගන්නේ නැත. බස් රියදුරෝ කහ ඉරි සීමා තුළ බස් නවත්වා සෙනඟ නංවති; බස්වති. කහ ඉරි අසලදී වාහන ඉස්සර කිරීම තහනම් බව බොහෝ රියදුරෝ නොදනිති. ලංකාවේ නග...

මරුති සුසුකි ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලංකාවේ උපන් රොහාන් සපරමාදු

Image
(2009 සැප්තැම්බර් 07 - W3Lanka) ඉන්දියාවේ මරුති සුසුකි කාර් නිෂ්පාදන සමාගමේ ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද රොහාන් සපරමාදු පත් කර තිබේ.  ඇමරිකානු ජෙනරල් මෝටර්ස් ආයතනයේ වසර 23ක අද්දැකීම් තිබෙන රොහාන් සපරමාදු 1994 සිට එහි නායක සැලසුම්කරු වෙයි.   පහත රූපයේ ඇත්තේ ඔහු සැලසුම්කරණය සඳහා සම්බන්ධ වූ සැටර්න් - L කාණ්ඩයේ කාරයකි.