පාක් ඇන්ඩ් රයිඩ් නොදත් ලංකාවේ බිස්නස් ක්ලාස් එක | Sri Lanka's business class and 'Park and Ride'
(2010 මැයි 13 - W3Lanka ) 'අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්' යන මැයෙන් සටහනක් අප තැබුවේ 2009 සැප්තැම්බර් 23දා ය. අපි එහි මෙසේ ලියුවෙමු. පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි. ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත. කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය...