ව්‍යවස්ථා සංශෝධනයකට බැසිල් විරුද්ධයි | Basil half-hearted on a constitutional change

බස්වල හිටගෙන යාම අනාරක්ෂිත ය.
(2010 මැයි 03 - W3Lankaපහත සදහන් ප්‍රකාශය උපුටා ගනු ලබන්නේ ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ ඊයේ ඉරිදා ලංකාදීප පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකිනි. 

"ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. නමුත් ජනතාව අපට තුනෙන් දෙකක බලයක් දුන්නේ නැහැ. ජනතාව බොහොම කල්පනාවෙන් ඡන්දය දීලා තියෙනවා. ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැද්ද කියන කාරණය ගැන ජනතාව බොහොම ගැඹුරින් කල්පනා කරලා තියෙනවා. ජනතාව ලබා දුන්නේ ජනාධිපතිතුමාට ස්ථාවර බලයක්. ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාවට අවශ්‍යතාවක් තිබුණානම් තුනෙන් දෙකම දෙන්න තිබුණා. ඒ නිසා අපි කරන ව්‍යවස්ථා සංශෝධනය බොහොම සැලකිල්ලෙන් කළ යුතුයි කියන එකයි මගේ අදහස. ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් මම කල්පනා කළොත් ව්‍යවස්ථා සංශෝධනයක් අන්වාර්යයෙන් අවශ්‍යයි. රටේ සංවර්ධනයට බාධාකාරී තත්වයන් දුරු කළ යුතුයි. එතැනදී ව්‍යවස්ථාව කෙසේ වෙතත් නීති රීති හෝ වෙනස් කළ යුතුයි. "

මෙම ප්‍රකාශයෙන් කියැවෙන අදහසක් වන්නේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට මුළු හදවතින් ම උනන්දුවක් නැති බවයි. ඔහුට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව සංවර්ධනයට බාධාකාරී වන නීති රීති සංශෝධනයක් බව ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පාදක කරගෙන ලංකාදීප මුල් පිටුවේ පළ කරන ලද ප්‍රවාත්තියේ කියැවේ. 

ලංකාදීප ඇතුළු ජනමාධ්‍ය බොහොමයක බැසිල් රාජපක්ෂට හිතවත් මාධ්‍යවේදීහු සිටිති. මේ මාධ්‍යවේදීහු බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ දක්ෂකම් පිළිබඳ මහ ඉහළින් වාර්තා කරමින් සිටිති. 

ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍යව තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ තුන්වරක් සිටිය හැකි වන පරිදි ව්‍යයස්ථාව සංශෝධනය කර ගැනීමට බව පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඔහු සිය පුත් නාමල් රාජපක්ෂ මීළඟ ජනාධිපති ධුරයට පුහුණු කරමින් සිටියි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා