Posts

Showing posts with the label ලංකාදීප

ලංකාදීප කතුවැකිය හා මරණ දඬුවම සම්බන්ධ කතාබහ හඬ පඩයකින් රළ ගසා පෙරට ඒම

Image
කාලයක් මං සතිපතා පත්තරේක කර්තෘකමක් කළා. ඒ පත්තරේ කරපු කණ්ඩායම ඔවුන්ගේ ඉතිහාසයෙන් මා ඉරේස් කර දමන්නට කැමති ගතානුගතික වාමාංශිකයන් පිරිසක් නිසා මං පත්තරේ නම කියන්නෙ නැහැ.  මේ ළඟදි මට ඒ කණ්ඩායමේ සීලිං අංශය භාරව හිටපු නායකයා හමු වුණා. මෙහෙම කිව්වාම ඔබ අහයි එහෙම අංශයකුත් තිබුණ ද කියලා. කොහොම වුණත් ඒ සහෝදරයා කළේ නම් ඒ අංශෙ වැඩ විතරයි. මං හිතන්නෙ දැන් එයා ඒ කණ්ඩායමේ ලොක්කෙක්. සීලිං අංශෙන් දේශපාලන මණ්ඩලේට ඇවිත් වෙන්න ඇති. මට කිව්වා මං ‘පොඩි පොඩි කෑලි' පත්තරවලට එහෙම ලියනවා දැකල තියෙනවා කියලා. මට ඉතින් සුවල්ප ආඩම්බරයක්යැ.  මේ පත්තරේ කරන කාලෙ එතන එක් ගෑල්ලමෙක් වැඩ කළා. එයා කළේ ටයිප්සෙටිං. ඒ වැඩේ කරන කෙනා පත්තරේ සතියක ම ලිපි කියවනවානේ. සාමාන්‍යයෙන් පත්තර කර්තෘවරු බොහොම දෙනෙක් තමන්ගෙ පත්තරේ කියවන්නෙ නැහැ. එක වතාවක් මට තර්ජනයක් ආවාම ඒ කාලෙ මං නිදහස් ලේඛකයෙකු ලෙස සතිපතා කොලමක් ලියපු පත්තරේ කර්තෘ අහලා තිබුණා ඒ කවුරුද කියලා.  මං කියන මේ පත්තරේ ටයිප්සෙටිං කළේ මේ ගෑල්ලමයා විතරක් නිසා එයා මුළු පත්තරේ ම ලිපි ටයිප් කරනවා. ඒ කාලෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අජිත් සමරනායකත් මේ පත්තරේට සතිපතා කොල...

ලංකාදීපෙන් දුන් විශේෂ බැංකු නිවාඩුව

(2011 මැයි 28,   W3Lanka )   ආණ්ඩුවට උත්සව පවත්වන්නට තිබෙනවා නම් ලවක් දෙවක් නැත. රටේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුවේ උත්සව කැලැන්ඩරය අනුවයි. ගිය සතියේ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. ඊයේ ජාතික විජයග්‍රහණයේ සමරුවයි. හෙට තවත් මොකක් හෝ සොයා ගනු ඇත. කොළඹ අගනගරයේ පාසල් හා රජයේ කාර්යාලවලට ඊයේ නිවාඩු දුන්නේ උත්සවයට සහභාගි වන දේශපාලකයන්ට හා නිලධාරීන්ට ට්‍රැෆික් නැතිව පාරේ යන්නටයි. සිසුන්ට අධයාපන දිනයක් ද, රටේ ප්‍රධාන පෙළේ කාර්යාල රැසකට වැඩ කරන දිනයක් ද අහිමි විය. මේ අතර ලංකාදීප පුවත්පත සිය මුල් පිටුවේ පුවතක් පළ කරමින් කොළඹ නගරයේ බැංකු ද නිවාඩු බව කීවේ ය. කොළඹ යනු මේ රටේ ආර්ථිකයේ හදවතයි. අද ලංකාදීප පුවත්පත එම පුවත වැරදි බව පිළිගෙන ඇත. එහෙත්, එම පුවතේ මූලාශ්‍රය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බව පුවත්පත කියයි. ආණ්ඩුව ආසියාවේ ආශ්චර්යය හදන්නට යන්නේ ‍එසේ ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බල්ලන් මරා හෝ සල්ලි හොයන ධනවාදය හා පිළිකා සුව කරන දළුවත්ත

Image
( 2011 ජනවාරි 07,  W3Lanka )   විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරිම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් වූ බව ඔහුගේ දැන්වීම් පළ කර මුදල් ඉපැයූ ලංකාදීප ඇතුළු පුවත්පත් වාර්තා කළ හ. අත්අඩංගුවට ගත් බව නම් වාර්තා වූයේ නැත.  ධනවාදයේ මූලික ලක්ෂණය ලාභයයි. බල්ලන් මරා හෝ සල්ලි හෙවීම ධනවාදයේ පරිවාරයේ හැටි ය.  ඩී.එන්.ඩී. සත් සේවය හිමි  ඩී.එන්. දළුවත්ත මෙන් ම විජය පුවත්පත් සමාගම හිමි රංජිත් විජේවර්ධන ද සල්ලි හොයන්නේ එක ම ක්‍රමයට ය. ලංකාදීපය දළුවත්තගේ දැන්වීම් විකුණයි. ඉන් පසු ඔහු අත්අඩංගුවට ගත් සිද්ධිය ද විකුණයි.  පිළිකාව සුව කළ හැකි යන්ත්‍රයක් ද විකුණන බව කියූ මෙම තැනැත්තා එක්තරා ඇමතිවරයකු ඔහුට මොකක්දෝ රාජ්‍ය සම්මානයක් දෙන පිංතූරයක් ද සිය ...

ව්‍යවස්ථා සංශෝධනයකට බැසිල් විරුද්ධයි | Basil half-hearted on a constitutional change

Image
බස්වල හිටගෙන යාම අනාරක්ෂිත ය. (2010 මැයි 03 -  W3Lanka )  පහත සදහන් ප්‍රකාශය උපුටා ගනු ලබන්නේ ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ ඊයේ ඉරිදා ලංකාදීප පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකිනි.  "ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. නමුත් ජනතාව අපට තුනෙන් දෙකක බලයක් දුන්නේ නැහැ. ජනතාව බොහොම කල්පනාවෙන් ඡන්දය දීලා තියෙනවා. ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැද්ද කියන කාරණය ගැන ජනතාව බොහොම ගැඹුරින් කල්පනා කරලා තියෙනවා. ජනතාව ලබා දුන්නේ ජනාධිපතිතුමාට ස්ථාවර බලයක්. ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාවට අවශ්‍යතාවක් තිබුණානම් තුනෙන් දෙකම දෙන්න තිබුණා. ඒ නිසා අපි කරන ව්‍යවස්ථා සංශෝධනය බොහොම සැලකිල්ලෙන් කළ යුතුයි කියන එකයි මගේ අදහස. ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් මම කල්පනා කළොත් ව්‍යවස්ථා සංශෝධනයක් අන්වාර්යයෙන් අවශ්‍යයි. රටේ සංවර්ධනයට බාධාකාරී තත්වයන් දුරු කළ යුතුයි. එතැනදී ව්‍යවස්ථාව කෙසේ වෙතත් නීති රීති හෝ වෙනස් කළ යුතුයි. " මෙම ප්‍රකාශයෙන් කියැවෙන අදහසක් වන්නේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට මුළු හදවතින් ම උනන්දුවක් නැති බවයි. ඔහුට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව සංවර්ධනයට බා...

මහ හොරුන්ට ගරු කරන නිසා මේ පුංචි හොරාට අනුකම්පා කරමු | Let us be compassionate to this petty thief since we respect the big thieves

Image
  (2010 අප්‍රේල් 20 -  W3Lanka  )  මෙහි පළ වන ඡායාරූප දෙක සමග ලංකාදීප වෙබ් අඩවියේ 'හොරාට ඉබේට දඬුවම ලැබේ' යන සිරස යටතේ මෙසේ පළ වී තිබිණි.  'මරදානේ ඇල්ෆින්ස්ටන් සිනමා හල අසල කඩයක් කඩා බඩු පොදි බැඳගෙන එළියට එමින් සිටි හොරකු කඬේ ලෑලි දොරට හිරවී මැරී සිටි බව මරදාන පොලිසිය කියයි. හිස එළියට දමා කඩෙන් පනින්නට තැත් කරද්දී ඔහු මැරී ඇත.' පුංචි හොරෙකුට දෙවියන් විසින් හෝ වෙන් යම් ප්‍රපංචයක් විසින් දී තිබෙන මේ ලොකු දඬුවම ගැන ලංකාවේ මිනිසුන් බෙහෙවින් සතුටු වනු ඇති බව අපි දනිමු.  රෑ පානේ ගෙවල් බිඳින කුඩා හොරුන්ට මෙසේ සිදු වුවත්, මහ දවල් මං පහරන මහ හොරු නම් පාර්ලිමේන්තු යති. ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ ඔවුන් අතින් සාක්කු සුද්ද කිරීමට ලක් වූ මහජනයා විසින් ම වීම සුවිශේෂ ය.  මේ අසරණ පුංචි හොරාට අප අනුකම්පා කරන්නේ සමාජය මහ හොරුන්ට ගරු කරන නිසා ය. පුංචි වුණත්, ලොකු වුණත් හොරකම හොරකම ම ය. 

'තුන් සිංහලය ම නෑදෑයෝ' වුණාට රාජපක්ෂගේ 'නෑයෙක්' කීවොත් කන්න වෙන්නෙ හිර බත්

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) මෙම ඡායාරූපය හා තවත් ඡායාරූප සමග දැන් ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙන මෙම ප්‍රවෘත්තිය කියවන්න. මේ කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කර තිබෙන වරද කුමක්දැයි ඔබට තේරේද?  මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඥාති සොහොයුරෙකියි කියමින් බණ්ඩාරවෙල වලව්වක සිටි බව කියන වීරකැටියේ ඩබ්ලිව්.එම් අමල්. ජයරත්න රාජපක්ෂ නම් පුද්ගලයෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ජනපති මෙන් උඩුරැවුලක් ද ඇති ඔහු කුරහන් පැහැ සාටකයක් ද පැළඳ සිටියේය. ඇල්ල පොලිසිය මොහු ගැන ජනාධිපති ආරක්ෂක අංශයට දැනම් දීමෙන් පසු අත්අඩගුවට ගෙන ඇත. පසුගිය ඡන්දයේදී බස්නාහිර පළත් සභාවට ඔහු පෙනී සිට ඇත්තේ ස්වාධීන කණ්ඩයමකින් ආචාර්ය අමල් රාජපක්ෂ නමිනි. ඒ සඳහා යොදාගත් හැඳුනුම්පතක් ද ඔහු ළඟ තිබිණි. පුවත්පත කියන ආකාරයට නම් ඔහු කළ වරද තමන් ජනාධිපතිගේ නෑයකු බව කීම හෝ උඩු රැවුලක් තිබීම හෝ කුරහන් සාටකයක් පැළඳීම හෝ විය යුතු ය. පිස්සු ඔහුට ද, අපට ද, ලංකාදීප පත්තරයට ද, පොලිසියට ද, රාජපක්ෂලාට ද නැතිනම් 'අපි ඔක්කොම රජවරු - ඔක්කොම වැසියෝ - තුන් සිංහලය ම නෑදෑයෝ' යයි කියන විකටර් රත්නායකටදැයි ඔබට තේරේ ද? ...