Posts

Showing posts with the label Sri Lanka Insurance

හැරීගෙ ගුණ වයන එවුන්‍ට හෙට වෙන්නෙ තමන්ගෙ රටේ ම සුද්දන්ගෙ වහලුන් වෙන්න | Those who praise Harry will have to be slaves in their own land

Image
ලස්සන ජංගියේ කැත කතාව (2010 මැයි 17 -  W3Lanka )  "හැරී ඉන්න කාලෙ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නියමයි; කාර්යක්‍ෂමයි. ආණ්ඩුවෙ කාර්යාලයක් වගේ නෙවෙයි. ආයෙ එනවනං ලොකු දෙයක්." "කවුරු මොනව කිව්වත් හැරී නියමෙට රක්ෂණ සංස්ථාව හැදුව. ඒක නැහැ කියනවනම් කරුණා කරල හේතු ඉදිරිපත් කරන්න. හැමදාම දුප්පත් මිනිස්සුන්ට නිකන් කන්න දිදී ඉඳල මේ රට දියුනු කරන්න බැහැ." "ගෝලීය ධනවාදය ගැන නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙ කුහකකම පිලිබද ප්‍රශ්නයක්." මේ ඊයේ අප වෙබ් අඩවියේ මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස මැයෙන් පළ වූ ලිපියට ලැබුණු ප්‍රතිචාර තුනක්. හැරී ජයවර්ධන හොඳ සමාගම් කළමනාකාරවරයකු වෙන්න ඇති. එහෙත්, රක්ෂණ සංස්ථාව පිළිබඳ ඇති ප්‍රශ්නය වන්නේ ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෙතරම් හොඳින් පාලනය කළාද යන්න නොව, ඔහු එය මිළ දී ගත් ආකාරය කෙතරම් සාධාරණ ද යන්නයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යනු මහජනයාගෙන් අය කළ බදු මුදල් ප්‍රාග්ධනය ලෙස යොදා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසාය අතරින් ලාභ ලැබු ආයතනයක්. එය විකුණා දමන විට එය නඩත්තු කිරීම සඳහා තව දුරටත් මහජන මුදල...