මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස | The difference between Mahinda's and Ranil's plans

(2010 මැයි 16 - W3Lanka2005 සිට 2010 දක්වා ආණ්ඩුව වැඩියෙන් ම කතා කළ වචන දෙකක් වූයේ මහින්ද හා චින්තනයි. 2010 අප්‍රේලයෙන් පසු මෙම වචන දෙක භාවිතයෙන් ඉවත් වී ඇති බව මාධ්‍ය සමීපව නිරීක්ෂණය කළහොත් දැන ගත හැකි වනු ඇත. 

මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ දේශීය හෝ ජාතික ලෙස හැඳින්වුණ ආර්ථිකය වෙනුවට දැන් මහින්ද රාජපක්ෂ රජය විසින් අනුගමනය කරමින් සිටින්නේ ලෝක බැංකුව විසින් සකසා දෙන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම බව අපි අවධාරණය කරමු. එහි ගුණාගුණ කුමක් වෙතත්, 2004දී එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර තිබුණ මෙම ගමන නැවැත්වීම සඳහා ජන වරමක් ලබා ගත් රජයට එය යළි ආරම්භ කිරීමට ඇති අයිතිය කුමක්ද යන ප්‍රශ්නය මතු වේ. 

මහින්ද චින්තනය යටතේ වැරදි යයි කියූ බොහෝ දේ දැන් නැවත කරන්නට පටන් ගනිමින් ඇත. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ ආකාරය වැරැදි යයි කියූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් නැවත සූදානම් වෙමින් සිටින්නේ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුව වෙනස් කරවා ගැනීමටයි. සරත් එන්. සිල්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආපසු රජයට පවරා ගන්නැයි දුන් තීන්දුව ආයෝජක විශ්වාසය දිනා ගැනීමේ ලා රජයට අහිතකර බවට ප්‍රචාරයක් තිබේ. 

ආයෝජක විශ්වාසය දිනා ගැනීම සඳහා ආණ්ඩුව කෙතරම් දේ කරන්නට සූදානම් ද යන්න මෙම තීරණයෙන් පැහැදිලි වේ. 

මේ තීන්දුව වැරැදි යයි ප්‍රසිද්ධියේ කියන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අයථා අන්දමින් මිළ දී ගැනීමෙන් ලාභ ලැබූ හැරී ජයවර්ධන දැන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ය. ඒ මදිවාට රක්ෂණ සංස්ථාව විකිණීමේ කූට ජාවාරමට  සම්බන්ධ බව මහජන ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය විසින් නම් කරන ලද මිලින්ද මොරගොඩ දැන් ලහි ලහියේ රජයේ ව්‍යවසායවල ඉහළ තනතුරු සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සම්බන්ධීකරණය කරමින් සිටිති. මේ දෙන්නා ම ඇමරිකාවත් සමග ළග සම්බන්ධකම් ඇති අයයි. බැසිල් ඇමරිකානු පුරවැසියකු වන අතර මිලින්ද විවාහ වි සිටින්නේ ඇමරිකානු කාන්තාවක සමගයි. මේ දෙන්නා දැන් සූදානම් කරමින් සිටින්නේ ගෝලීය ධනවාදයට ලංකාව විවාහ කර දීමේ කපුකමයි. 

ජෝන් කීල්ස් ප්‍රධානි සුසන්ත රත්නායක තේ මණ්ඩලයේ සභාපතිකමට නම් වී තිබෙන්නේ ද, කාසන් හා කම්බර්බැච් ප්‍රධානී මනෝ සෙල්වරත්නම් රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ තනතුරකට නම් වන්නේත්, දුම්කොළ සංස්ථාවේ සභාපති ජයම්පතී ඩී. බංඩාරනායක ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරට පත් වන්නේත් මිලින්ද මොරගොඩගේ හා බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් සිදු වන ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමේ වැඩසටහන ය‍ටතේ ය. 

ව්‍යාපාරික ප්‍රජාව සම්ප්‍රදායිකව විශ්වාස කළේ එක්සත් ජාතික පක්ෂයයි. 

මෙම පසුබිම තුළ මහින්ද චින්තනය නැවත කියවා බැලීම ලංකාවේ ජනතාවට හොඳ අභ්‍යාසයක් වනු ඇත. 

එක්සත් ජාතික පක්ෂය යුද්ධය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය වූයේ දෙමළ ජනයාට යම් බලතල ප්‍රමාණයක් ලබා දෙන ගමන් දෙමළ අරගලය දිය කර හැර උතුරු නැ‍ඟෙනහිර යළි කොලඹ කේන්ද්‍රීය ආර්ථිකයට මුළුමනින් ම ගැට ගසා ගැනීමයි. ඉන් අනතුරුව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් වූ නව ලිබරල්වාදී සැලැස්ම අනුව වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා ලංකාව යොමු කිරීමයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ යුද්ධයෙන් දෙමළ අරගලය පොඩි පට්ටම් කර දමා උතුරු නැ‍ඟෙනහිර යළි කොලඹ කේන්ද්‍රීය ආර්ථිකයට මුළුමනින් ම ගැට ගසා ගැනීමයි. ඉන් අනතුරුව කරමින් සිටින්නේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් වූ නව ලිබරල්වාදී සැලැස්ම අනුව වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා ලංකාව යොමු කිරීමයි. 

මෙම උපායමාර්ග දෙකෙහි මුලික වෙනස වන්නේ පළමුවැන්න ලේ හැලීම අවම කිරීමට ද දෙවැන්න එය උපරිම කිරීමට ද ඉලක්ක කිරීම පමණි. 

පළමුවැනි සැලැස්ම 2002දී ආරම්භ වී තිබිණි. පසුව එය කඩාකප්පල් කළ අය දැන් 2010දී යළි එය ම ක්‍රියාත්මක කරමින් සිටිති. ලංකාවට අට වසරක් හා ජීවිත විශාල සංඛයාවක් අහිමි වී තිබෙන අතර රජ පවුලක් ලැබී තිබේ. 

මහින්ද චින්තනයට ඡන්දය දුන් අයට දැන් ඒ ලියවිල්ල ගුලි කර  ...................................

Comments

  1. හැරී ඉන්න කාලෙ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නියමයි; කාර්යක්‍ෂමයි. ආණ්ඩුවෙ කාර්යාලයක් වගේ නෙවෙයි. ආයෙ එනවනං ලොකු දෙයක්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කවුරු මොනව කිව්වත් හැරී නියමෙට රක්ෂණ සංස්ථාව හැදුව. ඒක නැහැ කියනවනම් කරුණා කරල හේතු ඉදිරිපත් කරන්න. හැමදාම දුප්පත් මිනිස්සුන්ට නිකන් කන්න දිදී ඉඳල මේ රට දියුනු කරන්න බැහැ.

    ReplyDelete
  4. ගෝලීය ධනවාදය ගැන නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවෙ කුහකකම පිලිබද ප්‍රශ්නයක්..

    ReplyDelete
  5. "2004දී එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර තිබුණ මෙම ගමන නැවැත්වීම සඳහා ජන වරමක් ලබා ගත් රජයට එය යළි ආරම්භ කිරීමට ඇති අයිතිය කුමක්ද යන ප්‍රශ්නය මතු වේ."

    machan ehema kiyala gaththe 2004-2010 janawarama, ea kiyanne 2010 passe eka walangu nahe... !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා