Posts

Showing posts with the label democracy

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගනී | Democracy found at UN Colombo office

Image
(2010 ජුලි 08,  W3Lanka )   එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හා පාලක සන්ධානයේ හවුල්කාර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් කරන ලද උද්ඝෝෂණයේ පටන් ලංකාව උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරිපුන් රටක් බවට පත් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයෙන් පැහැදිලි වේ.  ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය සමාජයක් බැවින් ඊට අනුගතවන පරිදි වාචික මතයන්ට හා සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය පිළිගෙන ඇත.  පොලිස් අවසරය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයීය සංකීර්ණය අබියස සාමකාමීව රැස්වීමට ඉඩ ලබා දුන් ආකාරයට ‍අවශ්‍ය නම් ජීවන වියදම වැඩි වීම ගැන හා පඩි වැඩි නො වීම ගැන උද්ඝෝෂණ කරන්නට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමීව රැස්වීමටත් ඉදිරියේදී අවසර ලැබෙනු ඇත. රජයේ පිළිගැනීම අනුව යම් පිරිසකට තමන් වැඩ කරන තැනින් පිටවීමට ඉඩ නොදී සිර කරගෙන තබා ගැනීම පවා සාමකාමී ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කලහකාරී අන්දමින් හැසිරුණු පිරිස්වලට පහර දුන් බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව පියව...

ආණ්ඩුවේ නීති, ව්‍යවස්ථා සංශෝධන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවේ | Legal and constitutional reforms of Sri Lanka government not for democracy

Image
(2010 මැයි 05 -  W3Lanka )  ආණ්ඩුවේ නීති හා ව්‍යවස්ථා සංශෝධනවල පදනම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම නොව ‍පටු පෞද්ගලික අභිමතාර්ථ හා ආර්ථික අරමුණු ඉටු කර ගැනීම බව පෙන්නුම් කරමින් තිබේ. මෙහිදී රටේ සියලු ප්‍රශ්නවලට මුල යයි පසුගිය කාලයේ ආණ්ඩුවේ දේශපාලකයන් විසින් ම හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට එහි සුළු සංශෝධන කීපයක් කරමින් ඇතැම් බලතල වැඩි කර ගැනීමට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව, කරන්නට යන මූලික සංශෝධනයක් වන්නේ විධායක ජනාධීපති ධුරයේ සිටිය හැකි කාල සීමාව දෙවාරයක් ලෙස පනවා ඇති සීමාව ඉවත් කිරීමයි. මේ අනුව, අද වන විට විධායක ජනාධීපති ධුරයේ බලතල හා රාජ්‍ය බලය පාවිච්චි කරමින් විපක්ෂයට ඇති අවස්ථා අහිමි කරමින් මැතිවරණ තරග කර ඒවා ජය ගන්නා ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය පුත් නාමල් රාජපක්ෂ යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් ම ජනාධිපති පදවිය දැරිය හැකි වනු ඇත. මේ අතර හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම පසුපස පවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් කිරීමේ  උවමනාවක් නොව, සංචාරක කර්මාන්...

සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු යන්න ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ඕනැද? | Does Sarath Fonseka need Defense Ministry permission to attend parliamentary meetings?

Image
(2010 අප්‍රේල් 19 -  W3Lanka )  පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට හා රැස්වීම්වලට සහභාගි වීමට දැනට හමුදා අධිකරණවල නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටින සරත් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබා ගත යුතු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට පවසා තිබිණි. ජවිපෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ සරත් ෆොන්සේකාට එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන බවයි. මේ පිළිබඳව නීතිමය තත්වය පිළිබඳ විවාදයක් ජනමාධ්‍ය ඔස්සේ ආරම්භ කිරීමට පුළුවන. එහෙත්, අප දකින අන්දමට නම්, සත්‍ය වශයෙන් ම අද රටේ පවතින සැබෑ තත්වය අනුව නම්, එවැනි අවසර ගැනීමක් අත්‍යවශ්‍ය හා අනිවාර්ය වේ. එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන්නේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පවතින ජනතා පරමාධිපත්‍යයට සැබැවින් ගරු කරන රටකය. වගකිවයුතු පුරවැසියන් පිරිසක් සිටින රටකය. ලංකාව එවැනි රටක් නොවන බව අනුර කුමාර දිසානායක හා සරත් ෆොන්සේකා නොදැන සිටිය නොහැකිය. මක් නිසාද යත් ලංකාව එම තත්වයට පත් කිරීම සඳහා මේ දෙදෙනාද සැලකිය යුතු අන්දමින් දායක වී ඇති හෙයිනි.  ලංකාවේ තවමත් වැදගත් ආයුධ මිස ජනතා පරමාධිපත්‍යය, ප්‍...

Democray in Sri Lanka

Image
Democracy = Demo (nstrating) cra (ze) of the cy (nics)