පූජකයන් දේශපාලනය කළ යුතු ද? අපේ අදහස මෙන්න
සෙසු අයට මෙන්ම පූජක පක්ෂයට ද පාර්ලිමේන්තුවට තරග කිරීමට අයිතියක් තිබිය යුතු බව අපේ ද අදහසයි. පාර්ලිමේන්තුවට තරග කිරීම පමණක් නොව, වාහන පැදවීමට බලපත් ලබා ගැනීම ආදී මතභේදයට තුඩු දුන් කරුණුවලදී ද පූජක පක්ෂයට අවස්ථාව ලබා දිය යුතු බව අපේ අදහසයි. ඕනෑ හාමුදුරු නමක්, පූජකවරයෙක් බස්, ලොරි, ත්‍රිරෝද රථ එළෙව්වත් අපට නම් කමක් නැත. එහෙත් පාරේ යන එවුන් ලවා, විශේෂයෙන් ම අප වැනි ආගම් නැති නිදහස් මිනිසුන් ලවා වන්දවා ගැනීමට ඔවුහු උත්සාහ නො කළ යුතු ය. එමෙන් ම, පූජක පක්ෂයට කසාද බැඳීමට අවසර නැති ආගම්වල පූජකයන් ලිංගික ආශාවන් සංසිඳුවා ගන්නට පෙළඹුණු අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතු බව ද අපගේ අදහසයි. හැබැයි, පූජක පක්ෂය ගිහියන් හා සමානව මෙම අවස්ථා භුක්ති විඳින අතරතුරදී බලෙන් ගරු වෙන්නට උත්සාහ කිරීමට ඉඩ නො දිය යුතු ය. පූජකයන් දේශපාලනය කළ යුතු ද, නො යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඒ, ඒ ආගමික සභා විසින් මිස පාර්ලිමේන්තුව විසින් නො වේ. පාර්ලිමේන්තුවට මොන ආගම් ද? එය අනාගාමික ආයතනයක් විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පූජකවරුන් නැත. ඉන්නේ...