පූජකයන් දේශපාලනය කළ යුතු ද? අපේ අදහස මෙන්න

සෙසු අයට මෙන්ම පූජක පක්ෂයට ද පාර්ලිමේන්තුවට තරග කිරීමට අයිතියක් තිබිය යුතු බව අපේ ද අදහසයි.


පාර්ලිමේන්තුවට තරග කිරීම පමණක් නොව, වාහන පැදවීමට බලපත් ලබා ගැනීම ආදී මතභේදයට තුඩු දුන් කරුණුවලදී ද පූජක පක්ෂයට අවස්ථාව ලබා දිය යුතු බව අපේ අදහසයි.


ඕනෑ හාමුදුරු නමක්, පූජකවරයෙක් බස්, ලොරි, ත්‍රිරෝද රථ එළෙව්වත් අපට නම් කමක් නැත. එහෙත් පාරේ යන එවුන් ලවා, විශේෂයෙන් ම අප වැනි ආගම් නැති නිදහස් මිනිසුන් ලවා වන්දවා ගැනීමට ඔවුහු උත්සාහ නො කළ යුතු ය. 


එමෙන් ම, පූජක පක්ෂයට කසාද බැඳීමට අවසර නැති ආගම්වල පූජකයන් ලිංගික ආශාවන් සංසිඳුවා ගන්නට පෙළඹුණු අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතු බව ද අපගේ අදහසයි.


හැබැයි, පූජක පක්ෂය ගිහියන් හා සමානව මෙම අවස්ථා භුක්ති විඳින අතරතුරදී බලෙන් ගරු වෙන්නට උත්සාහ කිරීමට ඉඩ නො දිය යුතු ය. 


පූජකයන් දේශපාලනය කළ යුතු ද, නො යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඒ, ඒ ආගමික සභා විසින් මිස පාර්ලිමේන්තුව විසින් නො වේ. පාර්ලිමේන්තුවට මොන ආගම් ද? එය අනාගාමික ආයතනයක් විය යුතු ය.  


ප්‍රජාතන්ත්‍රවාදය තුළ පූජකවරුන් නැත. ඉන්නේ පුරවැසියෝ පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එක අදහසකට එකඟ වෙමි.පූජකයන් දේශපාලනය කල යුතුද නැද්ද තීරණය කල යුත්තේ පාර්ලිමේන්තුව නොව ඒ ඒ ආගමික සභාවන්ය.හැබැයි බස් ලොරි එලවන්නත් තමන්ගේ ලිංගික ඕනෑකම් ඉෂ්ට කරගන්න්නත් ඕනෑ නම් පුජකවරයට මුවාවී අයුතු ප්‍රයෝජන නොගෙන ගිහියෙකු ලෙස ඕනෑ කෙහෙම්මලක් කලාට කම් නැත.

    ReplyDelete
  2. බුදුන් දෙසූ දහම පිළිපදිනවානම් ඔය මුකුත් අවශ්‍ය නෑ...මන්ත්‍රී චීවරධාරියෝ අවශ්‍යත් නෑ.

    ReplyDelete
  3. Anonymous said...

    බුදුන් දෙසූ දහම පිළිපදිනවානම් ඔය මුකුත් අවශ්‍ය නෑ...මන්ත්‍රී චීවරධාරියෝ අවශ්‍යත් නෑ.
    June 6, 2012 2:34 AM ///

    ත්‍රස්ත යුද්ධයේදී මන්ත්‍රී චීවරධාරියෝ කියල කියපු අය සම්බන්ධ වුනේ නැත්තං අද ????

    ReplyDelete
  4. අදහස හා එකග වෙමි.
    පූජකයන් ඉහත ඕන දෙයක් කලාට කම් නැත.
    හැබැයි ඒ පූජකත්වය අත්හැරීමෙන් පසුය.
    අනතුරුව ඔවුන් පූජකයන් ලෙස නොසැලකේ.පුර වැසියෙක් පමනි.

    ReplyDelete
  5. ගම්පහින් පාර්ලිමේන්තු ගිය එක් පූජකයෙකුගේ සුවිසල් මන්දිරය සතියේ දිනවල රැකියා වෙලඳපොලක් බඳුය. විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම මොහුගේ ලිපියකි..

    ReplyDelete
  6. පැහැදිලි නිරවුල් මතයක්!

    ReplyDelete
  7. ගිහියන් කරන සියලු දේ කිරීමට පුජකයන්ටද ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාවය බව සියලු ගිහියන් විසින් පිළිගැනීම හොඳ දෙයකි...එතකොට "මේවා ඉටිපන්දම් නෙවි මහත්තයෝ" කියලා සමහර දුස්ශීල භික්ෂුන් හොරාට කරන වැඩෙත් එලි පිටම කරන්න පුළුවන්...එතකොට ඔය ගරු තත්වයත් නැතිවෙලා යනවා...අර පාර්ලිමේන්තුවට අපේ හෙළ ලොක්කෝ ටික ආව පළමු දවසේ එක්කෙනකුගේ පල්ලෙහා පොදිය අද ආණ්ඩු පක්ෂේ ලොක්කෙක් වෙලා ඉන්න මන්ත්‍රි වරයකු විසින් රෝහල් යන්නටම ම්රිකුවා වගේ අපි ඔක්කොටම ඔය වැඩේ කරන්න පුළුවන්...පුජකයන් පාලක පන්තියේ කොටසක් වීම වැඩවසම් කාලේ ඉඳල තිබුන නේ...පාලන බලය තනතුරු පවුලේ දේපල වගේ බෙදී යන වැඩවසම් පාලන ක්‍රමයක් ඇතුලේ...ඕක ගැන ඔච්චර කලබල වෙන්න ඕන නෑ...පොඩි වෙනසකට තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු වැරදුන දාට මෙයාලගේ අනිත් එක කපා ගෙන යන්න පුළුවන්...

    ReplyDelete
  8. nodakin thota aagamak nadda??? jathiyakuth nathuwa athi... amma thaththa sahodara sahodariyoth nathuwa athi... apw appa...

    ReplyDelete
  9. පුජක වරුන් සිටිනුයේ හිත හැදීමට මිසක් රට හැදීමට නොවෙය් යන්න මගේ අදහස

    ReplyDelete
  10. මිනිසුන්
    තම ආගම වෙනුවෙන්
    බොහෝ දේ කරයි
    ඔවුන් ඒ ගැන
    කාව්‍ය රචනා කරයි
    පොත් ලියයි
    ප්‍රතිමා සාදයි
    යුද්ධ ද කරයි
    එහෙත් ඔවුන්
    නොකරන එකම දේ
    තම ආගම අනුව ජීවත් වීමයි

    ReplyDelete
  11. mama christiani bakthikayeki.Christiani agama randapawathinne dewa wachanaya lesa salakana bible eka mathaya.Ehi niyoga walata anuwa kisidu christiani karayekuta deshapalanaya samaga sambanda wiya noheka. Kotinma kiyanawanam chandaya pawichchi kara pakshayak ho pudgalayekuwa pathkireema pawa papayaki.Eyin pilimbimbu wanne dewiyange palanayata wiruddawa keraligeseemaki.Meya awashshia ayage denageneema sandaha pamanak satahan kalemi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා