මුට්ටිය බිඳින්න ජනතාවට ශක්තිය තිබේද?

උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ ආණ්ඩුමේ මුට්ටිය දමා බැලීමක් බව පැහැදිලි ය. 


අතිශය පීඩනයට පත් වී සිටින ජනතාව මුට්ටියට කෙළියොත් ආණ්ඩුව ගේ බිඳීම නවත්වා පළා යනු ඇත. 


එහෙත් ප්‍රශ්නය ජනතාවට මුට්ටිය බිඳින්නට ශක්තිය තිබේ ද යන්නයි. බොහෝ විට වෙන්නට ඉඩ තිබෙන්නේ මුට්ටිය දැක දැකත් නිදා ගත්තා සේ සිටීමයි. හොරු තව වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය නම් ගේ බිඳින විටත් ඔවුන් නිදි සේ ම සිටිනු ඇත. 


මෙතැන ඇති ප්‍රශ්නය මුට්ටියට පොලු පාර දෙන්නට එඩිතරකම හා ශක්තිය ගොනු කර ගන්නට ජනතාවට උපකාරී විය හැකි විපක්ෂ දේශපාලන බලවේගයක් නොමැති වීමයි. 


මුට්ටිය බිඳින්නැයි කියන පුද්ගලයන් සේ ම ගේ බිඳිමට ලක් වන තමන් ද හොරුන් බව ජනතාව දන්නා නිසා බලයේ සිටින සොරුන්ට විශේෂ විරුද්ධකමක් කිරීමට ඔවුන්ට උවමනාවක් නැත. 


මේ ඡන්දයේදීත් ජය මහින්දට ම වීම සාමාන්‍ය සංසිද්ධියකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පිස්සුද මෙයා ?...මුට්ටිය බිඳින්න තියා පාන් කියාගන්නවත් බැරි විපක්ෂයක්....සදා නිදන රනිල්...රියැලිටි තරඟයක සුපර් ස්ටාර්ලා වැනි සජිත් දයාසිරි ආදී ලපයි සිපයින්ගෙන් සැදුනු UNP කට්ටියද ...නිවාස අඩස්සියේ සිටින හිටු කියා ලනු කන ජෙනරාල්ද...දෙක තුනට කැඩී තුන්රෝද පක්ෂ බවට පත්වී සිටින JVP සහෝදරයන්ද මේ ආණ්ඩුව චන්දයකින් පරදවනු තබා තරඟයක් දීමත් පුදුමයකි.රාජ්‍ය බලය යෙදු කඩ කඩා තබන චන්දයකදී දිනීම නම් සිහිනයකි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා